මං පිරිමි ගණිකාවක්.. වයසක ගැහැණු සමග සෙට් වී සල්ලි අරගෙන බෙදනවා.. යයි රන්ජන් කියලා..

January 29, 2020 at 6:24 am | lanka C news
මං පිරිමි ගණිකාවක්.. වයසක ගැහැණු සමග සෙට් වී සල්ලි අරගෙන බෙදනවා.. යයි රන්ජන් කියලා..

විවිධ ස්ථානවල විශාල මාර්ග තදබදයක් තියෙනවා.ඒ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් , හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් අරමුණ මාර්ග ප්‍රශ්න වලට ඉතාමත් ඉක්මනින් විසදුම් දීම යැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවර උමං මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

විශේෂයෙන්ම මේ අපි මේ විවෘත කරපු උමං මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලේ සම්පූර්ණයෙන්ම සැලසුම් සකස් කරලා වැඩ ආරම්භ කරල තිබුණේ.හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පලිගන්න තියෙන වුවමනාව නිසා ගිය ආණ්ඩුව මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පමා කළා. පෝර්ට් සිටියෙන් ආරම්භ කරපුවහම නුවර උමං මාර්ගයත් ඔවුන් පමා කළා.ඒක තමයි ඇත්ත තත්වය.ඉතින් අපේ රාජ්‍ය ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා ලොහාන් රත්වත්ත මැතිතුමා පත් කිරිම තුළින් ලොහාන් රත්වත්ත මැතිතුමාට තිබුණු පළවෙනි අමාත්‍යාංශ සාකච්ඡාවේ දි තමයි එතුමන් ඉල්ලිමක් කෙරුවේ මේ නුවර තියෙන වාහන තදබදය සහ පමාවෙලා තියෙන සංවර්ධනය ඉක්මනින් ඉවර කරල දෙන්න කියලා.එතුමාගේ තිබ්බ බලාපොරොත්තුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ අපේ ඉන්න අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාලා, කෙහෙලිය ඇමතිතුමා මහින්දානන්ද ඇමතිතුමා ඇතුළු කණ්ඩායම අනුරාධ ජයරත්න මැතිතුමා , දිලුම් ඇතුළු කණ්ඩායම නිසා මේක ඉක්මනට විවෘත කෙරුවා. ලොහාන් ඇමතිතුමාට විශේෂ වුවමනාවක් තිබුණා මේකේ ඉතුරු වැඩටික කරලා විවෘත කරන්න.සතියක් හරි පමා වුණා මගෙන් දිනයක් ගන්න බැරි වෙච්ච නිසා.මං එතුමට කිව්වා නුවර ඉදන් මේක විවෘත කරන්න කියලා.

ඉතිං අපි සතුටු වෙනවා. ඒක විතරක් නෙවෙයි. සම්පූර්ණ කොරියන් ආධාර සහන ණය ක්‍රමය යටතේ තැන්නෙකුඹුර පටන් අරගෙන තිබුණ තැන්නේකුඹුර උමං මාර්ගය චම්පික රණවක ඇමතිවරයා හිතාමතාම නතරකෙරුවා. ඒක නතර කිරීම චම්පික රණවක නුවර ජනතාවට කරපු අපරාධයක්. ඒවා නැවත ආරම්භ කරන්න අපි කැබිනට් අනුමැතිය අරන් තියෙනවා.ඒ විතරක් නෙවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කිලෝමීටර් ලක්ෂයක් ග්‍රාමීය මාර්ග හදන්න වැඩපිළිවෙලක් මහනුවර දිස්ත්‍රික්කයේ සැලසුමක් අපි දැනටමත් සකස් කරලා ඉවරයි.අපි ඉතාම ඉක්මණින් ඒවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් විනයගරුක රියදුරන් බිහි කරන්න .ඒ වගේම මේ මාර්ග තදබදය අවම කරන අතරේ විදේශිකයන් එන නගරවලට විශේෂ සැලසුමක් ඉදිරියේදී සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

හඩ පට ගැන අපි කතා කරන්නේ නෑ.හඩ පටිගත කරලා තියෙන්නේ විකෘති මනසකින් ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු. ඔවුන් පහුගිය අවුරුදු පහේම කරලා තියෙන්නේ මේ රටේ ජනතා ප්‍රශ්න විසදන එක නෙවෙයි. දේශපාලන දඩයමේ යෙදිලා තියෙන්නේ.ඒක තමයි එක්සත් ජාතික පක්ෂය ගෙන ආව මන්ත්‍රී වරු, ඔවුන් ඇමතිකම් දුන්නු ඇමතිවරු කරල තියෙන්නෙ. ඒක මේ රන්ජන් රාමනායකගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි.ඒක මේ මුළු එක්සත් ජාතික පක්ෂයම භාර ගන්න ඕනේ. දේශපාලන දඩයමේ ගිහින් ඔවුන් මොනවාද කෙරුවේ.ඔවුන් සම්පූර්ණයෙන්ම කෙරුවේ තමන්ගේ කාලය විනාශ කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය විනාශ කරමින් මහා විශාල විනාශයක් කෙරුවේ.ඒක නිවැරදි මාර්ගයට ගේන එක තමයි අප රජයේ බලාපොරොත්තුව.ඒ නිසා අපි කිසිම තැනක දේශපාලන දඩයමේ ගිහිල්ලත් නැහැ.අපි ඔය කියන හඩපට ගැන කතා කරන්නෙත් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් ,ඒක සමහර අය විහිලුවට අරන් තියෙනවා.රන්ජන් රාමනායක සහ එක්සත් ජාතික පක්ෂය , රනිල් වික්‍රමසිංහ මහත්තය වෙන්න පුලුවන්,සජිත් ප්‍රේමදාස මහත්තයා වෙන්න පුලුවන්,මේ සියලුම දෙනා වගකියන්න ඕනේ.දැන් බලන්න රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරුවා.ඔහුට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි කාලයෙන් පැය භාගයක් දුන්නා නැවත මඩගහන්න. ඒ නිසා කිසිසේත්ම අපි එතන නෙවෙයි ඉන්නේ.අපි පැහැදිලිවම ඉන්නේ මේ රට හදන තැන.රටේ ප්‍රශ්න තමයි අපි අද විසදන්න ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා.

මම තාම වෝහාරික වාර්තාව බලල නෑ.ඒ වාර්තාව තාම අපිට ලැබිලත් නෑ.ඒක තමයි ඇත්ත.මම දන්නේ නෑ කොහමද මාධ්‍ය මේ ප්‍රශ්නය ගේන්නේ කියලා.එහෙම වාර්තාවක් තාම අපිට ලැබිලත් නෑ,තාම අපි දැකලත් නෑ ඒක තමයි ඇත්ත තත්වය.ඒ නිසා 2001 නෙවෙයි පැහැදිලිව ම කියන්න ඕනේ මේ මහ බැංකුව හොරා කෑවේ එක්සත් ජාතික පක්ෂය.අපි පැහැදිලිවම ඉන්නේ මහ බැංකුවේ මුදල් හොරකම් කරපු අයට දඩුවම් දෙන්න තමයි අපි කිව්වේ.ජනතා විමුක්ති පෙරමුණ තාමත් කඩේ යනවා එක්සත් ජාතික පක්ෂයට.කඩේ ගිහිල්ලා 3%කට ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය අඩු වුණා,අනුර දිසානායකගේ නායකත්වය යටතේ.ඉතුරු ටික සීයයට එකහමාරකට බහිනවා ඊළග මහ මැතිවරණයේ දි පැහැදිලිවම.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇති වෙන්න මඩ ගැහුවා.ඒ මඩ ගහපුවගේ ප්‍රතිඵලය ලක්ෂ 14ක් වැඩි ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනතාව ජයග්‍රහණය කරලා පෙන්නුව.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට හැංගිලා පාර්ලිමේන්තුවේ රන්ජන් රාමනායක රගපාපු පාර්ලිමේන්තු ජෝක්ස් හැටියටයි එතුමා පාර්ලිමේන්තුවත් සැලකුවේ.එතුමට කොන්දක් තියෙනවනම් ඔය තියෙන බොඩිය ඇතුලේ තියෙනව නම් එළියට ඇවිත් කියන්න පුලුවන් නෙ. පුම්බපු බොඩියනේ තියෙන්නේ.දැන් බොරු කොන්ඩේ ගැලවුණා.බොරු කොන්ඩේ ගහගෙන හිටියේ.ගහගෙන තමයි මේ ඔක්කොම නලුකම් කෙරුවේ.දැන් ජනතාව ගලවන්න හිටපු බොරු කොන්ඩේ එයාම ගලවලා තියෙනවා.ඒක එකක්.මම කියන්නේ රන්ජන් රාමනායක එක්සත් ජාතික පක්ෂයේ. ඔය චෝදනා වරප්‍රසාදවලට හැංගිලා පාර්ලිමේන්තුවේ කරන්න එපා.එළියේ කරන්න.එතකොට මම උත්තර දෙන්නම්.තුට්ටු දෙකේ පුද්ගලයෙක්නේ.ඔවුන් කරන දේවල් තාමත් හෙලා දකින්නේ නෑ එක්සත් ජාතික පක්ෂය.ඒකනේ යථාර්ථය.ඒ නිසා මම කියන්නේ මම උත්තර දෙන්න යන්නේ නෑ.මම උත්තර දෙන්නේ එළියේ කතාවට – මං හිතන්නේ මේවට වටිනාමකමක් නෑ.

ඊළගට එතුමා පිරිමි ගණිකාවක් කියලා එතුමා තමයි ලංකාවේ පත්තරවලට ප්‍රකාශ කරලා තිබුණේ.එතුමා කියලා තිබුණා මම වයසක කාන්තාවන් සමග නිදියගෙන ඒ වෙනුවෙන් සල්ලි අරගෙන ඒවා බෙදා හරිනවා කියලා.එතකොට පිරිමි ගණිකාව කවුද? කවුද ගණිකා වෘත්තියේ යෙදිලා ඉන්නේ.මෙහෙම දේශපාලඥයෙක් ද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ.බැක්සයිඩ් , ෆ්‍රන්ට්සයිඩ් ගැන කතා කරන, පාර්ලිමේන්තුවේ මුළු සංස්කෘතියටම අපහාස කරන,අසික්කිත දේශාපාලනඥයො තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නේ.ඒ නිසා ඔවුන් කරන චෝදනාවලට මං හිතන්නේ කිසිම වටිනාකමක් නෑ.ඔහු කිව්වනේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවනේ කියලා හෙරොයින් ගහන අය.අන්තිමට මොකක්ද එයා ගිහිල්ලා කට උත්තරේ කිව්වේ මං ඒක නිකං කිව්වේ.මොකක්ද තියෙන වටිනාකම මේ සාක්ෂිවල.

අධිකරණය හෑල්ලුවට ලක් කිරිම නෙවෙයි අධිකරණය විනාශ කරලා තියෙනවා.අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන් ඉන්නවා ඉතාමත් ගෞරවයෙන් ඒ සේවය කරන අය.හැබැයි ඒ මුළු ගෞරවයටම මෙයා හානි කරලා තියෙනවා.මෙයා මේවා පටිගත කරලා කෙලින්ම දුමින්ද සිල්වාව හිරේ දාන්න, මහා සංඝරත්නය හිරේ දාන්න, අපිව හිරේ දාන්න,බැසිල් රාජපක්ෂ මහත්තයව හිරේ දාන්න,ගෝඨාභය රාජපක්ෂ මහත්තයව හිරේ දාන්න,මහින්ද ජනාධිපතිතුමාගේ ආර්යාව හිරේ දාන්න,මැති ඇමතිවරු හිරේ දාන්න කෙලින්ම හිරේ දාන්න CIDයට කතා කරලා.ඉස්සර CIDය කිව්වම විශාල ගෞරවයක් තිබ්බා මේ රටේ ජනතාවට. ඒ ගෞරවයට හානි කෙරුවෙ. ඒකේ ඉන්න ඩිරෙක්ටර් කියනවනේ කෙලින්ම ඇවිල්ලා වලං හෝදන්නම් කියලා ගෙදර.බලන්න මේක කවුද විනාශ කරලා තියෙන්නේ කියලා.මහින්ද මහත්තයගේ කාලෙවත්,ගෝඨාභය මහත්තයගේ කාලෙවත් මේක විනාශ කරලා තියේ ද?මුළු අධිකරණ ක්ෂෙත්‍රයම , මුළු රටක්ම විනාශ කෙරුවා.

නෑ.එහෙම කිව්වනේ බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක වෙනවා කියලා,චමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂක වෙනවා කියලා එහෙම කිව්වනේ.හැබැයි මොකක්ද සිද්ද වුණේ .පවුලයි,පක්ෂ නායකයෝයි එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂක කෙරුවා විතරක් නෙවෙයි බැහැලා ඔක්කොමලා වැඩ කරලා එතුමාව දිනෙව්වා.දැන් මේ වැඩ බැරි ටාසන්ලා, මේ රටේ ආර්ථිකය කාපු පිස්සෝ ටික , රටේ සංස්කෘතිය කාපු අය කියනවා ගෝඨාභය මහත්තයගෙයි,මහින්ද මහත්තයගෙයි ප්‍රශ්නයක් තියෙනවා කියලා.රාජපක්ෂ පවුල කියන්නේ මේ රටට ආශිර්වාදයක්. රාජපක්ෂ පවුල කියන්නේ මේ රට රකින්න ආව අය.ඔය පවුල ලේසියෙන් කඩන්න බෑ.සමහර අය හීන දකිනවා.වැඩ බැරි අය ඒක කවදාවත් වෙන්නේ නෑ.ඉතාමත්ම ශක්තිමත් ලෙස ජනාධිපතිවරයා,අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම වැඩකරනවා විතරක් නෙවෙයි පොදු ජනතාව ශක්තිමත් ලෙස මේ රට ආරක්ෂා කරන්න එකතු වෙලා ඉන්නවා.

අපි තුනෙන් දෙක නෙවෙයි ගන්න පුලුවන් උපරිම ගන්න උත්සාහ කරනවා.අපි විතරක් නෙවෙයි මේ රටේ ජනතාව බලන් ඉන්නවා ඒ ජයග්‍රහණය ගන්න.වෙන කිසිම දේකට නෙවෙයි අපිට ඉතාම ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඉන්නවා,පරිණත නායකයෙක් ඉන්නවා සැබෑ ලෙසම.ඒක තමයි යථාර්ථය.ඒ නිසා වැඩ කරන්න පුලුවන් ඉතාමක් දක්ෂ අගමැතිවරයෙක් ඉන්නවා.ඒ නිසා රටේ ජනතාව මම හිතන්නේ නෑ වෙන අයට ඡන්දේ දෙයි කියලා.ලක්ෂ 55යි සජිත්ට හම්බ වුණේ.මහින්ද මහත්තය ලක්ෂ 58ක් ගත්තා යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

– midea unit

327 views

22 Comments to “මං පිරිමි ගණිකාවක්.. වයසක ගැහැණු සමග සෙට් වී සල්ලි අරගෙන බෙදනවා.. යයි රන්ජන් කියලා..”

  1. Lal.Fernando. says:

    This man’s behaviour realy shows his mental capacity.No education no intergrity.
    What do you expect from an uneducated human being.
    Just get rid of him and say Good Bye.

  2. ggg says:

    i have not received a single cent until now

Main News