මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා..- ඩිලාන් හෙලි කරයි..

August 3, 2019 at 12:02 am | lanka C news
මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා..- ඩිලාන් හෙලි කරයි..

තමන් ප්‍රාර්ථනා කරන දිශාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දරන කිහිපදෙනෙක් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ගැට ගැසිමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් මුදල් ලද කිහිප දෙනෙකු මෙම කටයුත්තට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාප වලිගයේ ගැටගැසීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර ඔහුගේ පියා වන මාෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සඳහන් කළේ තම පුත්‍රයා වන ඩිලාන් පෙරේරා මහතා පොහොට්ටුවේ දේශපාලනයට සම්බන්ධ වන නිසා තමන්ට ආණ්ඩුකාර දැරිය නොහැකි බවයි.

19,581 Viewers

5 Comments to “මං පොහොට්ටුවට එක්වෙනවා.. ශ‍්‍රීලනිපය සජිත්ට සහය දෙන්න කුමන්ත‍්‍රණය කරනවා..- ඩිලාන් හෙලි කරයි..”

  1. The people says:

    What some hypocritical ,jealous S.L.F.Pers trying to do at this very crucial juncture( the motherland has faced) is very obvious to the nation.The people would act to them appropriately.

  2. Tommy says:

    කලකන්නියා අපට මතකය් ඒ දවස්වල උඩ පැන පැන නැටුව පොහොට්ටුව කියන්නෙ මොකක්ද ඒක පිපෙන එකක් නෙවේ මේකව ගියපාර චන්දෙන් පැරැද්දුව කියල.
    මහින්දට ලැජ්ජ නෑ මේ වගේ කැරියො ආයෙ රිංගව ගන්ට.

    • Anju says:

      I agree. However main aim should be to defeat the unp + their supporters. Therefore its best that Pohottuwa get as many supporters to do this.

      • kim says:

        ඇයි පොහොට්ටු දින්නම මේ ක්‍රමය වෙනවද? ඔක්කොම එකයි අපිට ඕන එක එකා දින්වන්න නෙවෙයි. අපේ දූ දරුවන්ට ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න රටක් ඇති කරන එක. රටේ ජාතික ධනය උලාකාපු කන උන්ට ඒක කරන්න පුවන්ද? නයට කහින බයියො?

    • Samuel says:

      ලැජ්ජ නැති වාමනයා, කොහොමද ඇමතිකමි තිබුන කාලෙ රනිල්ට හේත්තුවෙලා මහින්ද මැතිට කියූ දේවල්.

Main News