මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..

January 6, 2019 at 3:50 pm | lanka C news
මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට පක්‍ෂ හා සංවිධාන 29ක් සමගින් සාකච්චා පවත්වමින් සිටින බවත් ඔහු සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් බවත් එම අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ මහතාද වෙන කිසිවෙක්දැයි මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

135 views

3 Comments to “මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..”

  1. Saradiel says:

    ජය සිකුරුයි JVP UNP බංග වේවා

  2. Thatta orwin says:

    Basil den kriyakari. Akriya wenne bandana garayata giyama thamai.

  3. යමනිකා says:

    නාකි චන්දිකා නාකි බුද්දදාස යයි සුරලොව ට කිට්ටුයි

Main News