මං බලාපොරොත්තු වුනේ මේ ඇමතිකම නොවෙයි.. මහා මාර්ග ඇමතිකමයි..- රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මාධ්‍ය හමුවේ කියයි..

August 13, 2020 at 10:02 pm | lanka C news
මං බලාපොරොත්තු වුනේ මේ ඇමතිකම නොවෙයි.. මහා මාර්ග ඇමතිකමයි..- රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මාධ්‍ය හමුවේ කියයි..

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී අද දිනයේ වැඩ භාර ගත්තේය.

එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් බලාපොරොත්තු වූයේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බවයි.

නමුත් එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම්දුන් අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී නොසිට පිටත් ව ගොස් තිබිණ.

78,656 views
Main News