මං බාරගත්තේ බෙදුනු රටක්.. අපි රට ඒකීය කලා.. දැන් අපි ඉදිරි ඡන්ද දිනන එක කාටවත් වලක්වන්න බෑ..- අගමැති

February 3, 2019 at 3:00 pm | lanka C news
මං බාරගත්තේ බෙදුනු රටක්.. අපි රට ඒකීය කලා.. දැන් අපි ඉදිරි ඡන්ද දිනන එක කාටවත් වලක්වන්න බෑ..- අගමැති

ඉදිරියේදී පැවැත්වෙන සියළු මැතිවරණයන් එක්සත් ජාතික පක්‍ෂය ජය ගන්නා බවත් එය නැවැත්වීමට කිසිවෙකුට බැරි බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගම් පෙරලිය හා එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන් හරහා අද රට තුල විශාල සංවර්ධනයක් සිදුවෙමින් ඇතැයිද වික‍්‍රමසිංහ මහතා කීය.

තමන්ට බාර ගන්නට වූයේ බෙදුනු රටක් බවත් අද වසර 70නට කරන්න බැරිවූ දේ පලමුවෙනි වතාවට ඒකීය රටක් පිලිගන්නා තත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

96 views
Main News