මං බාර දුන්න රට අද නෑ.. එදා මිනිස්සු කාල ඇදල හිටියා.. අලුත් සන්ධානයක් හදා බලය ගන්නවා..

February 28, 2022 at 2:10 pm | lanka C news
මං බාර දුන්න රට අද නෑ.. එදා මිනිස්සු කාල ඇදල හිටියා.. අලුත් සන්ධානයක් හදා බලය ගන්නවා..

තමන් දරුවන් සේ හදපු අය අද මාධ්‍ය වලට ගිහිල්ලා තමනට අපහාස කරන්නේ යයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රීලනිප සමුළුව අමතමිනි.

ඔහු එහිදී මෙසේද ප්‍රකාශ කරන ලදී.

නින්දා පහස මට හොඳට හුරුයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් හොඳට අභියෝග පුරුදුයි. මම දරුවෝ වගේ හදපු අය අද මාධ්‍ය වලට ගිහිල්ලා මට අපහාස කරනවා කොච්චර ගැහුවත් මාව වට්ටන්න බෑ අවුරුදු 53 දේශපාලන ඉතිහාසය මට ඔය දේවල් හොඳට පුරුදුයි.

සමහර අය මට දොස් කියනවා ආණ්ඩුව විවේචනය කරනවා කියලා ජනතාවට තියෙන ප්‍රශ්න මම ඕන තැනක කතා කරනවා. ගොවි ජනතාව අද ඉන්නේ විශාල පීඩනයකින් පොලොන්නරුව කියන්නේ වී ගොවියන්ගේ ක්ෂේම භූමිය අද එකම ශෝකාලාපයක් බවට පොලොන්නරුව පත්වෙලා. පොලොන්නරුවේ ගොවියන් ගැන පොළොන්නරුවෙන් පත්වෙච්ච ඇමතිවරු දෙන්නෙකුයි මන්ත්‍රීවරයෙකු ඉන්නවා හැමදේටම යම් සර් නො සර් කියන්න විතරයි ඉන්නේ ගොවියන් ගේ ප්‍රශ්නේ ගැන වචනයක් කතා කරන්න එහෙම කතා කරන්න ඒත් මම විතරයි මට කොච්චර ගැහුවත් පොළොන්නරුව ජනතාවගේ හයිය තියෙනකං කොන්ද කෙලින් තියන් මම කතා කරනවා. මේ රට දරුණු වගා දෙකට වැටිලා හැම තැනම ප්‍රශ්න මිනිස්සුන්ට කන්න නෑ. හැම ශ්‍රේෂ්ත්‍රය ක්‍රම ගැටලු මතුවෙලා කොහෙන් ඉවර වෙයිද දන්නෑ. රුසියාවේ යුද්දෙත් එක්ක තෙල් මිල දෙගුණයක් වෙන්න පුළුවන් අපි ලොකු අමාරුවක වැටෙනවා.

ආණ්ඩුව මූලිකත්වය ගත යුතුයි සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න. අපි කැමතියි ආණ්ඩුවට උදව් කරන්න හැමෝම එකතු වෙලා රට ගොඩනගන්න ඕන හැබැයි ආණ්ඩුව මූලිකත්වය ගන්න ඕනෙ. මගේ පාලන කාලෙත් සර්වපාක්ෂික කමිටුවක් හැදුවා ප්‍රශ්න තියෙන කොට එහෙමයි රට පාලනය කරන්නේ. රටේ තියෙන ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් කරලා දීලා හැමෝම එකතු වෙලා මේ රට හදන්න ඕනේ බොරු කරලා සිද්ධවෙන්නේ රටටවත් ප්‍රපාත ට යන එක විතරයි.

අද පොළොන්නරුවේ සංවර්ධනය නවත්තලා වකුගඩු රෝහල සුදු අලියෙක් වෙන්න වැඩ කරන්න කට්ටිය කතා කරලා, කච්චේරියක් පරිපාලන ගොඩනැගිල්ලක් එකම තැන, ත්‍රෛභාෂා පාසල ඉබි ගමනින් යන්නේ මේ ඔක්කොම මම ආණ්ඩුව විවේචනය කරන නිසා පොළොන්නරුවේ වැඩ නවත්තලා. කාගෙන්ද පලි ගන්න හදන්නේ මේ සියලු දේම ජාතික දේපල මෙම වගේ ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට වකුගඩු රෝහලට ධ්‍යක්ෂක වරයෙක් පත් කරන්නෙත් නෑ එක වෙලේ සිය දෙනෙකුට ප්‍රතිකාර ලබන්න පුළුවන් වකුගඩු රෝහල වසට විසි දෙකකටයි ප්‍රතිකාර කරන්න. කාවද මේ තලා පෙලා දමන්නේ මම නෙවෙයි මේ රටේ අසරණ ජනතාව.

අපි සියළු පක්ෂ සමඟ සාකච්ඡා කර පොදු එකගතාවයකට ඇවිල්ලා පුළුල් සන්ධානයක් හදනවා ඒ සන්ධානය හරහා මෙරට ආණ්ඩු බලය අතට ගන්නවා පොදු වැඩපිළිවෙළක් යටතේ මේ රට ගොඩනඟනවා ට තිබෙන ජාත්‍යන්තර සහයෝගය මේ රට වෙනුවෙන් නැවතත් ලබාගන්නවා. අපිට මේ රට ගොඩනගන්න පුළුවන් පොදු වැඩපිළිවෙළක් යටතේ. ජනතාව කියනවා දැන් ගොඩක් අමාරුයි කවුරු මොනවා කිව්වත් මම බාර දුන්න රට අද නෑ. මිනිස්සු කාලා ඇඳලා නිදහසේ ජීවත් වුණා ඒක හැමෝම අද මට හමු උනහම කියනවා. ඇත්තටම ජනතාව අද දුක් විඳිනවා මීට වඩා සංවේදී විය යුතුයි.

– media unit

27,888 views

30 Comments to “මං බාර දුන්න රට අද නෑ.. එදා මිනිස්සු කාල ඇදල හිටියා.. අලුත් සන්ධානයක් හදා බලය ගන්නවා..”

  1. අනේ තමුසෙගෙ කියන තැනකට වඳින්නම්, තමුසෙ කල හරියෙ කයිවාරුනම් ගහන්නෙපා. අපිට මල පනිනවා. ඊයෙ පෙරේද දවසකත් යාපනේ පැත්තෙ කොරන්න ගියාලු නේද?
    නාකි රැජිනත් හම්පඩ ජන්ගියද මොකක්ද එකක් ගලවලා අතට දුන්නලු නේද? පුඩුමයි කටට නොදුන් එක.

  2. helaya says:

    ado… MU Balapan. Puhu……

  3. පන says:

    වරෙන් පුතා අපි උඹ එනකන් තමා බලාගෙන ඉන්නෙ.

  4. LalithM says:

    ඇයි ගොන් සිරි අර දවස් 52 ආණ්ඩුව බලයට ගෙනාවේ. මහජන ඡන්දයෙන් පත්වූ රජයට එරෙහිව හොර හැත්තට බලයෙන් ආණ්ඩුව දුන්නේ. ඒ පව් තමා සිරෝ ඔය ගෙවන්නේ.

    • Dayas says:

      LalithM. APE BUURU SAJIYTA BALYA DUNNA NAM MAMATH KAMATHI WENAWA.
      KEEYAK HARI PINAT ILLAGENA KAALA, PAD EKAKUTH GANTA TIBUNA.

  5. JR says:

    තමුන් බාර ගත්තු රට ආපහු බාර දුන්නද? බලය අල්ලයි අපායේ, හිටං…!!!

  6. මොලේ කළ ද says:

    පාස්කුවේ චුදිතයන්ට ජම්පරෙ මහන්න කාලය ඇවිල්ලා

Main News