මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

May 25, 2022 at 10:02 pm | lanka C news
මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් අද දිනයේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.

තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ.

මම පැහැදිලිව කියනවා.. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි..  පාවාදීම්වලට අපි නෑ.

හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා.. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”

74,892 views

39 Comments to “මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක”

  1. Imbecile says:

    Fair Weather Leaders. Big talk only.

  2. නිලන්ත says:

    මෙයා පිරිසිදු නමක් ගැන කතා කරන්නේ..අර හිටපු UNP set එකක් එක්ක..මූට පිස්සු ඔක්කොම අමතක වෙලා..නම් මාරු කෙරුවට ඉන්නේ අර කාලකණ්නි ම තමයි

  3. sampath says:

    MEYATA ANUKAMPA KARAMU..

  4. බයිසන් says:

    වෙන්න ආර්යාව මූව තවම තෙම්පරාදු කරලා නැහැ.

  5. රටවැසියා says:

    විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරනවනම්, විධායක අගමැතිවරයෙකුත් තියාගන්නෙ නැතිනම් රට පාලනය කරන්න බලතල දෙන්නෙ තමුසෙගෙ ආර්යාවටද? තමුන්නාන්සෙට ඕනෙ පිම්පිය වගේ නමට අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නද? ( මේ මෝඩය කියන්නෙ මොනවද කියල මේ මෝඩයවත් දන්නෙ නැතිව ඇති)

  6. අර්යාව. says:

    කොන්දක් නැති සෙවලය. මුගෙ පිංපියානො පාදෙනිය ඇල්ල පාරෙ ආන්ඩුවෙ අක්කර 100 ක ඉඩමක්, අක්කරය රුපියල් 40 ගානෙ  හොරෙන් ලියාගත්ත. දැන් මූ නිදන් හාරල බුදුවෙලා.

  7. dickie bird says:

    hello Sajith, Grow up. You have missed the bus.
    You & your party just focus on how to lift the economy of the Country together.

  8. Jhon says:

    Mental weda gedaratama wela inna.

  9. sam says:

    meya maru neda 😀

  10. Nimal R says:

    ඇත්තෙන්ම මෙයාට දුන්න නම් , මාස හයෙන් මුන්ව මිනිස්සු ගහලා පන්නනවා . රාජිත සේනාරත්න වගේ හිටපු පට්ට හොරු එක්කනේ මූ ආණ්ඩු කරන්න යන්නේ.

Main News