මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

May 25, 2022 at 10:02 pm | lanka C news
මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් අද දිනයේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.

තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ.

මම පැහැදිලිව කියනවා.. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි..  පාවාදීම්වලට අපි නෑ.

හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා.. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”

74,896 views

39 Comments to “මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක”

  1. Chan says:

    බය නෑ කිව්වට බය පේනවනෙ එලිපිටම 😀😀😀😀

  2. john the Baptice says:

    උසනම් සිකුරිටි මිටිනන් කම්කරු

    ජනතාවට කුකුල් කුඩු ගෙවල් හදාපු රහ තවම ගිහිල්ලා නැහැ ලැජ්ජයි

  3. බිංකුණ්ඩා says:

    Too late bro.

  4. Aaryaawa says:

    කොන්දක් නැති සෙවලය. මුගෙ පිංපියානො පාදෙනිය ඇල්ල පාරෙ ආන්ඩුවෙ අක්කර 100 ක ඉඩමක්, අක්කරය රුපියල් 40 ගානෙ හොරෙන් ලියාගත්ත. දැන් මූ නිදන් හාරල බුදුවෙලා.

Main News