මං මුදල් ලේකම් වුනොත් මාස 03න් සියලු ප්‍රශ්න විසදනවා.. ලංකාවේ කෘෂිකර්මයට වැඩිම සේවය කලේ ඩඩ්ලි සිරිසේනයි..- ධම්මික පෙරේරා කියයි..[Video]

January 15, 2019 at 11:20 am | lanka C news
මං මුදල් ලේකම් වුනොත් මාස 03න් සියලු ප්‍රශ්න විසදනවා.. ලංකාවේ කෘෂිකර්මයට වැඩිම සේවය කලේ ඩඩ්ලි සිරිසේනයි..- ධම්මික පෙරේරා කියයි..[Video]

ශ්‍රී ලංකාවේ ලොකුම ධන කුවේරයා වන මේවට ශ්‍රී ලංකාවේ සමාගම් 200 කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා දුනහොත් මාස තුනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මගට ගැනීමට හැකි බවත් මේ වන විටත් තමාගේ මොළයෙන් භාවිතා කරන්නේ 5%ක් පමණක් බවත්ය.

තමා මුලින්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වූයේ කොටස් වෙළඳපොළ හරහා බව ඔහු පැවසුවද ඊට අවශ්‍ය මුල් ආයෝජන මුදල් උපයා ගත් ආකාරයන් සම්බන්ධව කිසිත් සඳහන් නොකිරීම විශේෂත්වයකි. ඒ ගැන සෘජුවම වැඩිදුර ප්‍රශ්න නොකිරීමටද දෙරණ නිවේදිකාව වග බලාගත්තේය.

ධම්මික පෙරේරා කෝටිපතියකු වූයේ කොටස් වෙළෙඳපොළ හරහා යයි මුළු කතා කතාව පුරාම පැවසූවත්ල තමන්ට හිමි කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධ ව කිසිත් කරුණු හෙළි නොකලේය. එමෙන්ම මෙරටේ ඇති ප්‍රධානතම කැසීනෝ සමාගම් 2 ක වන ‘බැලේස්’ සහ ‘බෙලාජි’ වර්තමාන අයිතිකරුද ඔහුය.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද ඉන්පසුව එම යුගයේ ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ද ඔහු විසින් දරනු ලැබීය.

තම සමාගම් වල ප්‍රධාන නිලතල තනතුරු හොබවන පුද්ගලයන්ට ආයතනයන් ලාබ උපයා දීමට වසරක් පමණක් ලබා දෙන අතර එසේ නොහැකි වුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකලේය. එමෙන්ම යම් සමාගම් ප්‍රධානියකු වැරදිලා හෝ තමා මුනගැසුන අවස්ථාවක ආයතනයේ නාමය වෙනස් කිරීමට උත්සාහ කළොත් ඒ ඔහු තමා හමුවන අවසාන දවස බවත් පැවසීය.

වර්තමානයේ මෙරට අමාත්‍යාංශ තිහක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් තමා ගෙන් අසන ලෙස ඉල්ලා සිටි ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරටේ කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාලතම සේවය කොට ඇත්තේ ජනාධිපති සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මෙන්ම අඹ වර්ගයක් හදුන්වා දුන් ටොම් එල්ලාවල බවත්ය.

කෘෂිකර්මය දියුණු කිරිමට පරිඝණක ඇප් එකක් මාර්ගයේන් පමණක් කල හැකි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය තම අනාගත බලාපොරොත්තුවක් බවත් ධම්මික පෙරේරා මහතා පැවසීය.

75,721 Viewers

41 Comments to “මං මුදල් ලේකම් වුනොත් මාස 03න් සියලු ප්‍රශ්න විසදනවා.. ලංකාවේ කෘෂිකර්මයට වැඩිම සේවය කලේ ඩඩ්ලි සිරිසේනයි..- ධම්මික පෙරේරා කියයි..[Video]”

  1. Dr. Samarawickrama says:

    කලු සල්ලි සුදු කිරීමේ ප්‍රධාන මාර්ගය තමයි කැසිනෝ, සහ එන් ජී ඕ., අද ලොව පුරා මේ දරුණු වසංගතය පැතිර යමින් ජාවරම්කාරයින් අතට මෙන්ම මාෆියා කාරයින් විසින් ආර්ථිකයන් බිලි ගෙන ඇත. මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහිදී ප්‍රධාන තැනක් ගනි. මෙම කේෂ්ත්‍රයන් වල සිටින් පුද්ගලයකු මෙරටේ වැදගත්ම රජයේ තනතුර වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් කිරීමෙන් රටට වෙන විපත ගැන සිතා ගත හැකිය.

    • හේලීස් සේවක says:

      මේ මනුෂ්‍යයා ඇත්තම කියනවා මොකද මෙයාගේ මොලේ ඇත්තටම වැඩ කරන්නේ සීයට 5% යි.

      • Love nature says:

        මේ ඩඩ්ලි සිරිසේනගේ ජන්ද propaganda ජන්ද ව්‍යාපාරය ලග ලගම එයි ..එයට වෙළද දැන්වීම් මේ .
        ධම්මික මුදල් ලේකම් වීමට සිහින මවනවා වගෙයි .ජන්ද ලබා ගැනීමට කැසිනෝ සල්ලි වලින් ජනතාව මුලා කරයි

        • CORBRA says:

          මොහුට මොලයක් ඇති බුරුවකුට වගේ එත් බුද්ධියක් නම් නැහැ,ඒ බව කියන බොරු කෙබර වලින් පැහැදිලියි හික්..හික්…
          අහසේ මාලිගා තනනවා වාගේ

        • 9x says:

          ඈයී කෑසීනෝ තහනම්ද, කෑසීනෝ විතරක් මොකෝ, රොසේල්, සම්පත් බෑන්ක්, … වගේ එවූවත් තියෙනෝ

      • Malli Ranasinghe says:

        Sri Lanka need you type of person to destroy the balance part of our motherland

    • ගන්ජ බන්ඩා says:

      ඔබ හරි. ලංකාවෙ අංක එකේ කැසිනෝ කාරයට රටේ මුදල් අමොත්‍යංශය බාර දුන්නොත් හරියට නරියට කුකුල්ලු බාර දුන්න වගේ තමය්.

      • modaya says:

        He is talking about Industrial Engineering which is the current trend in North America ( Sri Lankan Universities don’t even have a dept for this).people who are saying they have INE are so fake ,Sri lankans are behind in this so they don’t understand.

        • බන්ඩා says:

          ලංකාව ඉන්ඩස්ට්‍රියලය්ඩ් රටක්ද? ලංකාවෙ හරි හමන් ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් එකක් තියෙන්නෙ අඟලුම් කර්මාන්තයට සහ හෝට
          ල් කර්මාන්තයට විතරය්. කාර් නිශ්පාදනය වගේ හෙවි ඉන්ඩස්ට්‍රිස් කිසිවක් ලංකාවෙ කරන්න බැහැ. ඒකය් ඇත්ත. රටේ ලොකුම පෝසතා තව පෝසත් වෙන්න දැන දැන ජනතාව මුලා කරනවා.

        • ගන්ජ බන්ඩා says:

          අති දියුනු පෙහොසත් නෝත් අමරිකාවෙ කරන ඒවා ලංකාවෙ කොරන්න බැහැ. $.ට්‍රිලියන දෙකකට වැඩි GDP එකක් තියන ඉන්දියාවට නම් එවැන්න කරන්න උත්සාහ කරන්න පුලුවන්.

  2. පොදු ජනතාව says:

    මහින්ද රාජපක්ෂ වැන්නන් මෙවෙනි නුසුදුසු පුද්ගලයන් ආණ්ඩුවේ ලේකම්වරු සබාපතිවරු කිරීමෙන් රාජ්‍ය තනතුරු ගෞරවය විනාශ කලා.

    • ජෙයරාජ් says:

      හෙට අනිද්දා වෙනකොට ලංකාවේ ඉන්න හරක් හොරු බාර් කාරයෝ, කැසිනෝ රජාලා වෙලේ සුදාලා අමාත්‍යාංශය ලේකම්වරු බවට පත් කොට රට ගොඩ ගන්න මෛත්‍රී ජනාධිපතිතුමනි.

      • sky says:

        මේ මොනවා කියනවද පබයකුට පුලුවන්ද ගොන්නු බූරුවෝ පාලනය කරන්න

    • සමිත හිමි says:

      අසාධාරණ කලු සල්ලි වලින් ඕනම ජඩ වැඩක් වහගන්න පුලුවන් කියන මී හරක්.

      • 9x says:

        සිවුරේ ගරුත්වය රදන්නෙ කියන කතාවේ ගොන් කම මතයි.

        කෑසිනෝ තහනම්ද?

        කෑසිනෝ වැරැද්දක් නං ඈයි නීතියෙන් අවසර දී ඈත්තේ, වැරැද්ද ඈතේ නීතියේ, නීතිය සම්මත කරපු දේශපාලකයින්ගේ, කසිප්පු කාලට, ගුබ්බෑයං ගෙවල් වලට,… දේශපාලකයින් පත් කරපූ ජනතාව.

        ජනතාව කෑසිනෝ ගහනවා, නමූත් බලෙන් ගස්සන්නේ නෑ.

        ජනතාවට කෑසිනෝ ඕනේ, ගනීකාවෝ ඕනේ, .. අවශ්ය්‍යතාවය පවතිනතාක් සප්ලයස්ලා බිහිවෙනවා. හැබෑයි නීතිරීති වලින් අවශ්යතා පාලනය කරත හැකියි. සප්ලයර්ට ගෑහෑවූවට වැඩක්නෑ, මැරුවත් එතැනට තවකෙක් බිහිවෙනවාමයි ආයිබොවන්ඩ.

        හේම නෑත්තං සිංගප්පූරු ගිහින් කෑසිනෝ ගැහැවූවට කමක් නද්ද?

        • සිංහල බන්ඩා says:

          කැසිනෝ කියන්නෙ ලෙහෙසියෙන් ඇඩික්ට් වෙන සූදුවක්. ඒකියන්නෙ බලෙන් සූදු ගස්සනවට වැඩිය නරකය්.

        • sasith says:

          මෝඩ ගොනෝ සිවුරට මුකුත් තියන්න එපා. ගොන් තඩියා

        • analyst says:

          BUT in Phillipines the ‘suppliers are killed’ and now things are under control
          why should things be different in Sri Lanka ?

  3. අවංක රාජ්‍ය නිලධාරින් says:

    අද ව්‍යාපාර කරන සාධාරණ පුද්ගලයින්ට කරන ලොකුම අසාධාරණය තමයි මෙවැනි කැසිනෝ ජැක්පොට් කාරයින්ට ආණ්ඩුවේ උසස් තනතුරු දී උන්ගේ කලු සල්ලි සුදු කිරීමට අවස්ථාවක් දීම. මේවාට සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරු වගකිවයුත්තෝයි.

    • Thiw says:

      දන්නෙ නැති නිසා අහන්නේ කැසිනෝ ලන්කාවේ නීතියට අනුව නීති විරෝදී ව්‍යපාරයක්ද?

      • nuwan says:

        ලංකාවේ නිතියක් තියනවද? කියන ප්‍රශ්නය මුලින් සොයා බැලිය යුතුයි

        • බන්ඩා says:

          මම නම් පිලිගන්නවා ධම්මික තැසිනෝ වලින් නැග්ගත්, ලාල් වගේ ජැක්පොට් කිරයින්ට වඩා බිස්නස් වලට දක්ෂයෙක් කියල. නමුත් බිස්නස් සහ දේසපාලනය කියන්නෙ පැහැදිලිවම දෙකක්. ධම්මික ගෙ දේසපාලන මත වාද ගැන ප්‍රසිද්ධයේ සාකච්චා කෙරිල නැහැ. මුදල් ලේඛම් තනතුරට ධම්මික කිසිසේත්ම සුදුසු නැහැ.

  4. Walli says:

    Don’t lie ass hole. I’ve just watched his program and do not change his valuable views. Of course this country needs more high quality casinos not only in Colombo but in other cities such as kandy, Nuwara eliya and dambulla.

  5. Chaminda De Silva says:

    There is another FAKE Sri Lankan Billionair….Ashok…Maha boru Karayek…..Salli Roll kara kara “Mama Kotipathiya, Mama andinne Koti 10ka andum..”kiyal Pampori gahana Boro shobana Hora Kotipathiyek….

  6. Suneethra Bulankulama says:

    සිංගර් සමාගම මිලදී ගැනීමෙන් වර්ෂ ගනනාවක්ම ලාබ ඉපයු හේලිස් සමාගම විශාල පාඩුවක් ලබයි. අද සිංගර් සමාගමේ කොටසක වටිනාකම සීයයට 50% කින් බැහලා , මෙන්න ආර්ථික ඔස්තාර් කැසිනෝ ධම්මික පේරේරාගේ වැඩ.

    • 9x says:

      පොල් පැලේ හිටවපු දවසේ පටන් පොල් ගාන්න බලන් ඉන්න එකෙක්.

    • Spirit says:

      ඔස්තාර් කැසිනෝ ධම්මික ,ඌරන් ඉදිරියේ මුතු නොදමනු

  7. Gal Ibba says:

    Casinos do not contribute to economic growth, instead they ruin it. When people get addicted to casinos and loose lot of money, the end up in debt. Also rich people who lose money at casinos need to recover that money. How do they recover the money? By either increasing prices or reducing quality. So everybody suffers. Casinos are simply a curse.

  8. mali says:

    If this man is a muslim or a tamil none of these sinhalese writers will not write a single word.Sinhalese have a problem. they want to show the world they are true law abiding.There is no such thing in the modern world everything is on books but they behave differently. .Look at the Europe common saying “we are equal opportunity members” They write it in bold letters and display a picture of black indian chinese etc people working in the premise. But the reality is if they apply the job, it is always for a local white guy. Others would get that if a suitable person is not in the vicinity and when they are very desperate.

  9. ක්‍රිමිනල් says:

    ඩඩ්ලි ගේ ඇන්ටි කරප්ශන් මූව්මන්ට් එකට ධම්මික පෙරේරත් සම්භන්ද උනානං හොදයි. එතකොට හොරු සමග හෙළුව්ම්ම ඉන්න පුළුවං.අටුවා ,ටීකා ,ටිප්පනී ඔනේ නැහැ , චතුරිකා ,ඩඩ්ලි මහමැතිවරණයටද , මෛත්‍රී ජනාධීපතිවරනයද ලක ලැස්ති වෙන්න එවන කස කරුවෝ මෙගොල්ලො , තව ඉස්සරහට හොද හොද සෙල්ලං බලාගන්න පුළුවං , මුං ඔක්කොම හදන්නේ පොහොට්ටුවෙන් මෙගොඩ පීනන්න . මහින්ද මහත්තයට මොලේ කලදක් හරි තියෙනවනං මුං ඔක්කොම චකබ්ලාස් කරලා දානවා.

  10. S.A.C.SUBASINGHE says:

    highly appreciate Derana make interview with our Nation top business Man.. So many things we can get to our life from Mr.Dammika

  11. kapila says:

    ආයෝජකයෙකු ලෙස එතුමාගෙන් යම් සේවයක් ගත යුතුයි.නමුත් කැසිනෝ කරුවකුට මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුර.????? ඔව් ඉතින් හිටපු මහබැංකු අධිපතිගේ හැටියට හොඳ වැඩියි ගොඩක්ම.

  12. Mr. Sri Lanka says:

    Well Done Dhammika, I really appreciate your achievements and your ideas. Please keep up the good work!
    We are proud to call you Sri Lankan!

  13. Mr. Sri Lanka says:

    Well done Dhammika on your achievements and keep up the good work! We are proud to call you Sri Lankan!

  14. Muta thiyenne guti kana munak kiyala hithenne mata vitharada

  15. Nadeesha says:

    Do not forget. All the businessmen will meet in one place after the death. That is the HELL. Karl Marx said this.

  16. niwad son says:

    මුත් හොඳයි මහා බැංකු අධිපති කමට. එකෙක් පිරමිඩ් සෙල්ලම කරා ඊට පස්සේ එකා බොන්ඩ් වලින් ගැහුවා. ඉතිං මු අවා කියල අවුලක් නැ… රටේ සල්ලි වලින් පිටරට කැසිනෝ ගහයි.

  17. Shirley says:

    He is very Innovative Gentleman.( Proud of Sri Lanka )
    We have to respect these kind of Gentleman. Yes. Will appoint as a Policy Maker of Sri Lanka.
    All the Politicians should learn more from him.Dear Younger s follow him as advised.

  18. Asoka says:

    බුදු අම්මෝ වඳින්නම් පොලිස් කාරයෝ මෝටර් බයික් වලින් ගෙදරට එවන්න එපා. අපේ ගෙදර දැරිවියෝ දෙන්නෙක්ම ඉන්නවා වැඩිවියට පත්වෙලා. පොඩි දැරිවිය තවම නැහැ. අනෙක වැලේ කාන්තා යට ඇඳුමුත් නිතර තියෙනවා, අනෙක එල හරකත් බැඳලා නැහැ

  19. rohana says:

    i respect you sir,great man

  20. Asoka says:

    අනේ බන් උඹලගේ කැසිනෝ එකේ ලංකාවේ වැඩකරන කොල්ලන්ට කෙල්ලන්ට හරිම අමාරුයි ජීවත්වෙන්න. එතනට එන හැම එකාම සිගරට් බොනවා. උන්ගේ සිගරට් දුමට ලංකාවේ එවුන් ලෙඩවෙලා ඉස්පිරිතාලවල දැන් බැරිම තැන නෙපාලෙන් කෙල්ලන්ව ගෙනත් එතන වැඩගන්නවා. අනෙක උඹ කෝටිපතියෙක් වුනා කියලා රට දියුණු වෙලා තියෙනවද බන් ? රට එන්න එන්නම දුප්පත් වෙලා බන්.

Main News