මං රට පාලනය කරද්දී පවතින ක්රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර
January 9, 2022 at 3:00 pm | lanka C news
ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්රී මණ්ඩලය සහ පහළ මන්ත්රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා පවසයි.
මේ රටේ පාර්ලිමේන්තු ක්රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද විජේවීර මහතා කියයි.
මෙරට පාර්ලිමේන්තු ක්රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්රමයක් රට තුළ ක්රියාත්මක විය යුතුයි.
රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්ය සේවය අවසන් කොට වීශ්රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.
මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම වෙන්ම කොටසක් වෙනවා.
එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තද ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව රට තුළ ඕනෑම දෙයක් ක්රියාත්මක කිරීමේ හැකියාව පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙවන පරපුර සංවිධානයේ මාතලේ දිස්ත්රික් දැනුවත් කිරීමේ වැඩසටහන නාවුල නගරයේ නිවසක සූදානම් කර තිබිණි.
– lankadeepa
ගල්කටස් වලින් පටාං ගමු…
බළාපොරොත්තු පොදිබැඳි මාත්රෘෘභූමියට, තරැණ ඡවයට සුභපැතුම්,.!
Day light dream
The Son of late Wijeweera suffering from infantile disorder by mentally . What he talk of that Two Chambers of system of Parliment in Island by New Political trend of so-called .