මං ලංකාවට ආවේ හොරෙන් නොවේ.. ජනපති මෛත‍්‍රීගේ ආරාධනයෙන්..- ගෝලීය දෙමල සංසද ප‍්‍රධානී එම්මානුවෙල් පියතුමා

September 23, 2017 at 1:20 pm | lanka C news
මං ලංකාවට ආවේ හොරෙන් නොවේ.. ජනපති මෛත‍්‍රීගේ ආරාධනයෙන්..- ගෝලීය දෙමල සංසද ප‍්‍රධානී එම්මානුවෙල් පියතුමා

තමාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු ආකාරයේ රහසිගත සංචාරයක් නොවන බවත් තමාට ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිපවිටක්ම තමාගෙන් ඉල්ලා සිටි බවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පියතුමා පැවසීය.

මේ දිනවල ඔහු ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය පිළිබඳ කළ විමසුමකදී හෙතෙම මේ බව කියාසිටියේය.

2015 ජනවාරි මස සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු තමා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය බව කී එම්මෑනුවෙල් පියතුමා සඳහන් කළේ මෙවර සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් රැසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් කාර්යබහුලව හුන් නිසා ජනාධිපතිවරයා මුණගැසීමට නොහැකි වූ බව ද ඔහු කීය.

ලංකාවේ බොහෝ මාධ්‍ය තමා ගැන වැරදි පුවත් මවමින් සිටිය ද තමා සිංහල ජනතාවට එරෙහි පුද්ගලයකු නොවන බව කී පියතුමා වැඩිදුරටත් පැවසූයේ මහනුවර මහ නායකවරුන් සමඟ පවා ඉතා හොඳ සම්බන්ධයක් තමන්ට පවතින බව ය. තම ශිෂ්‍යයන්ට බුදුදහම පිළිබඳ දේශනා පැවැත්වීමට තමා වරෙක නායක හිමිවරුන්ගෙන් සහාය ලබාගත් බව ද ඔහු පැවසීය. එමෙන්ම තමාගේ ගෝලයන්වන කතෝලික පූජකවරු 400ක් පමණ දකුණේ පල්ලිවල සිටින බව ද ඔහු කීය.

යාපනයේ උපත ලැබූ එම්මෑනුවෙල් පියතුමා 1997 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටව යෑමෙන් පසු වාසය කරන්නේ ජර්මනියේ ය. ඔහු 2010 වසරේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රමුඛතම සංවිධානය සේ සැලකෙන ලෝක දෙමළ සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

– Deshaya

35 views

14 Comments to “මං ලංකාවට ආවේ හොරෙන් නොවේ.. ජනපති මෛත‍්‍රීගේ ආරාධනයෙන්..- ගෝලීය දෙමල සංසද ප‍්‍රධානී එම්මානුවෙල් පියතුමා”

  1. Critic says:

    This clergy has spread piles of lies about the SL,specially in the West.I think his priesthood insults to the teachings of the Jesus C.

    • මාලි says:

      ගෝලීය දෙමළ සංසදයේ ලොක්ක එමානුවෙල් ලංකාවේ…..ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ලොක්ක ජිනීවා වල….කථා වෙලා කරනව නෙමේ වෙන්න ඇති….

  2. LION says:

    The LTTE gives cyanide capsules and grenades to its soldiers, including children, with instructions to take the capsule or blow themselves Amen

  3. herath says:

    සරත් වීරසේකරගේ ගෝලීය සිංහල සංසදයේ ලොකු තාත්තා ඇවිල්ලා….දැන් ඉතින් සිංහල දේශප්‍රේමී නඩයට මරැ චූන් ය.

    • Saradiel says:

      මොහු කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයාට උදව් කල බෙදුම්වාදී දෙමල ජාතිවාදීයෙක් ..කතෝලික සභාවටත් ලැජ්ජාවක් මෙවැනි ත්‍රස්තවාදියෙක් පුජකයෙක් ලෙස තබාගැනීම ..ඔහු සිංහලයින්ට අකමැති සිංහලයට වෙෙර කරන සාතන් වැනි පුජකයෙක් ..ලංකාවට පය තැබීමටවත් ඉඩ නොදිය යුතුයි

      • එඩ්මන් දනතිස්ස says:

        කොටි ත්‍රස්තයන් නිලාවෙලි මහජන බැංකුව කඩා එහි තිබු සියලුම වටිනා දේවල් 
        සොරාගෙන ගොස් සඟවා තැබුවේ මෙම පූජක වරයාගේ දේවස්ථානයේයි. එසේම එම ත්‍රස්තයන් සැඟවී සිටියේද එහිමය.
        සිංහලයන්ගේ පරම හතුරකුවන මොහුට ශ්‍රී ලංකාවේ පස් පෑගීමටවත් ඉඩ නොදිය යුතුය.
          

  4. LION says:

    ආයුධ ගත් කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ට සහාය දුන් … එම්මෑනුවෙල් රටින් පන්නා දමනු

    • John says:

      මෙවැනි LTTE ත්‍රස්තවාදී පුද්ගලයකුට ලංකාවට පැමිණීමට ආරාධනා කිරීමට තරම් සිරිසේන දේශද්‍රෝහියෙක් වුයේ මන්ද ?
      සිරිසේන මොහුගේ කෙරුවාව නොදන්නේ නම් සොයාබලන්න ..අපේ රටට ඒමට ඉඩ නොදෙනු ..ආවොත් වහාම පිටමං කරනු මොහුව අත්අඩංගුවට ගෙන අපේ රටට විරුද්ධව කල ක්‍රියාවලට සිර ගත කරනු

      • රාජපති says:

        2015 ජනවාරි මස පැවැති ජනපතිවරනයේදී උතුරු, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ
        ද්‍රවිඩ ජනතාව 100% ක් ඡන්දය ප්‍රකාශකලේ සිරිසේන උන්නැහේටයි.

        එලෙස ඡන්දය දමනලෙස ද්‍රවිඩ ජනතාවට උපදෙස්දුන් එක් පුද්ගලයකු වන්නේ මෙම
        දේවගැතිවරයායි. එනිසා ඔහුට මෙරට පැමිණීමට සිරිසේන උන්නැහේ  ආරාධනා කර ඇත්තේ කෙලෙහි
        ගුන සැලකීමක් ලෙසයි.

      • darshana says:

        2015 ජනවාරි මස පැවැති ජනපතිවරනයේදී උතුරු, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව 100% ක් ඡන්දය ප්‍රකාශකලේ සිරිසේන උන්නැහේටයි. එලෙස ඡන්දය දමනලෙස ද්‍රවිඩ ජනතාවට උපදෙස්දුන් එක් පුද්ගලයකු වන්නේ මෙම දේවගැතිවරයායි. එනිසා ඔහුට මෙරට පැමිණීමට සිරිසේන උන්නැහේ  ආරාධනා කර ඇත්තේ කෙලෙහිගුන සැලකීමක් ලෙසයි.

  5. CORBRA says:

    දෙමල ඩයස් පෝරාවේ නටවන රුකඩ ආණ්ඩුව දැන් රට පාලනය කරන නිසා වෙන්නැති කොටි එම්මානුවෙල් ලංකාවට එන්නේ .
    මේ සාතන් පුජකයාට අපේ රටට පැමිණීමට ඉඩ නොදෙව් ..සිංහලය්නි මොහුට විරුද්ධව උද්ගෝෂණය කර පන්නා දමව් .

  6. sathiyaseelan thillainayagam says:

    he is a traitor – living germany speadig tears

  7. Kings says:

    මෙයා එන්න ඇත්තෙ වෙන මොකටවත් නෙමෙයි. ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් හරි වෙනම් රාජ්‍ය දිනා ගන්න සිහිනය රනිල්, අවමංගල වගේ අයට කියල ඉක්මනින් සැබෑ කරගන්න.