‘මං වැඩ කරන්නේ ගෝලීය මානසිකත්වයෙන්’… දේශීය වෛද්‍ය ක‍්‍රමය සොයා සෞඛ්‍ය ඇමති උතුරු කොරියාවට..

November 21, 2016 at 8:02 am | lanka C news
‘මං වැඩ කරන්නේ ගෝලීය මානසිකත්වයෙන්’… දේශීය වෛද්‍ය ක‍්‍රමය සොයා සෞඛ්‍ය ඇමති උතුරු කොරියාවට..

ආයුර්ෙවිද වෛද්‍ය සේවාෙවි ප‍්‍රාථමික සේවය සදහා වෛද්‍ය පත්වීම් 107 ක් ලබාදීෙමි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාවින්න බණ්ඩාරනායක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී පසුගියදා පැවැත්විනි. එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ආයුර්ෙවිද උපාධිධාරින් 900 ක් ෙමි වනවිට වෛද්‍ය පත්වීම් ලබාගැනීමට සුදානමින් සිටිනවා. ඒ සදහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. නමුත් සුදුසුකම් ලත් උපාධිධාරින් සිටින්නේ 760 ක් පමණයි. කැබිනට් අනුමැතියෙන් පසු කළමණාකරණ දෙපාර්තෙමින්තුව මගින් පත්වීම් 270 ක් පමණක් ලබාදීමට අනුමත කර තිබෙනවා. මම කළමණාකරණ සේවා දෙපාර්තෙමින්තුව සමග සාකචිඡුා කර සෙසු පිරිසටත් පත්වීම් ලබාදීමටත් අනුමැතිය ලබා ගත්තා. ඉන් පසු ප‍්‍රජා සංවර්ධන වෛද්‍ය නිලධාරී සහ රෝහල් සදහා පත්වීම් ලබාදෙනවා.

ආයුර්ෙවිද වෛද්‍ය උපාධියත් උපාධියක්. බටහිර වෛද්‍යවරුන්ගේ උපාධිය සමග සසදන්න කරන්න යන්න එපා. මෙම උපාධියත් ඉතා වැදගත්. වසර 2500 ක ඉතිහාසයකට උරුමකම් කියන පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය රැුකගන්නේ ඔබයි. ඒ කාලේ සෞඛ්‍ය ප‍්‍රශ්න තිබුනා කියා මම නම් දන්නේ නැහැ. බටහිර වෛද්‍ය ක‍්‍රමයන් සමගත් රෝගාබාධ දක්නට ලැබුනා. උතුරු කොරියාෙවි ෙමි වනතුරු ක‍්‍රීයාත්මක වන්නේ එරට දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. නීරෝගී මිනිසුන් සිටිනවා. ඉන්දියාෙවි කේරළ ප‍්‍රාන්තයේ තිබෙන්නෙත් දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. චීන වෛද්‍ය විද්‍යාවත් ඉතාම දියුණුයි. චීන වෛද්‍ය විද්‍යාව ශ‍්‍රී ලාංකිකයින්ට හදුන්වාදීමට මම සුදානම් ආයුර්ෙවිද වෛද්‍ය ක‍්‍රමය පිළිබද පර්යේෂණ සිදු කරන්න. පාරම්පරික වෛද්‍ය ක‍්‍රම ගුරු මුෂ්ථි නොමැතිව ලබා දෙන්න. ලබන වසර මුලදී මම උතුරු කොරියාෙවි දේශීය වෛද්‍ය ක‍්‍රමය හැදෑරීම සදහා සංචාරයක නිරත වෙනවා. මම ලිං මැඩි දේශපාලනය කරන්නේ නැහැ. මට දේශීය වෛද්‍ය ක‍්‍රමය දියුණූ කිරීෙමි අවශ්‍යතාවය තිබෙනවා. මම ගෝලීය මානසිකත්වයෙන් කටයුතු කරනවා.

එමෙන්ම වකුගඩු රෝගය තුරන් කිරීමට දේශීය වෛද්‍ය ක‍්‍රමයට හැකියාව ඇති බව ඇතැමුන් ප‍්‍රකාශ කරනවා. අනාගතයට මෙම වෛද්‍ය ක‍්‍රමය ආරක්ෂා කර ගත යුතුයි. දේශීය වෛද්‍ය ක‍්‍රමය ගොඩනැංවීම සදහා මීට ප‍්‍රථම උත්සාහයක නිරත වුයේ වී.ජ.මු ලෝකුබණ්ඩාර මහතා පමණයි. බටහිර වෛද්‍ය ක‍්‍රමයට හොද කිරිම නොහැකි රෝග දේශීය වෛද්‍ය ක‍්‍රමයට තුරන් කිරීමට පුළුවන්. නාවින්නේ පිහිටි බණ්ඩාරනායක පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මහාචාර්යවරයා ඉවත් කිරිමට ඇතැමුන් කටයුතු කළා. එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට පියවර ගත්තා. වෛද්‍යවරුන්ගේ අයිතිය ගැන කථා කරනවා. එම අයිතිය ලබාගන්න පුළුවන් විද්‍යාත්මකව වෛද්‍ය ක‍්‍රමය දියුණු කිරීමෙන් පමණයි. පෝස්ටර්, ලිපි මගින් අයිතිය ලබාගන්න බැහැ. ඇතැම් ආයුර්ෙවිද වෛද්‍යවරුන් ද බටහිර ඖෂධ ලබාදෙන බව වාර්තා වී තිබෙනවා. එය ඔබ කරන්න එපා. එම ක‍්‍රමය සමපුර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නවා. දේශිය වෛද්‍ය ක‍්‍රමයට ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ඔබලා දේශීය වෛද්‍ය ක‍්‍රමය නගා සිටුවන්න. දේශීය වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුන්ට වඩා වගකීමෙන් කටයුතු කරන්න. ආයුර්ෙවිද සභාව, දෙපාර්තෙමින්තුව වර්තමානයට ගැලපෙන ආකාරයට නිර්මාණය කරනවා” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

9 views

5 Comments to “‘මං වැඩ කරන්නේ ගෝලීය මානසිකත්වයෙන්’… දේශීය වෛද්‍ය ක‍්‍රමය සොයා සෞඛ්‍ය ඇමති උතුරු කොරියාවට..”

  1. Truth says:

    Also going to see my ship fleet

    • පබයා says:

      අයුර්වේද වෛද්‍ය ක්‍රමය කොච්චර හොදද කියනවනම් මම සින්ගපූරු යනව කැස්ස් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න.

  2. Critic says:

    I’ve reasonable doubts that he’s going to sell our Aryuvadic herbal system to Koriya !

  3. Champa says:

    අනේ මේ ඇමතිතුමා, ඔය global mindset එකෙන් රටට වැඩක් නැහැ, මොකෝ ඩෙංගු මදුරුවෝ migrate කරන්නේ නැහැනේ. ලෝක ගෝලය පුරා දුවන ඔය මනස local කරලා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා තියෙන වාර්තා බලලා ඒකට පිලියමක් යොදන්න.

    ඇයි ඒ ගැන කිසිම උනන්දුවක් නැත්තේ? ඩෙංගු මදුරුවා market කරන්න බැරි නිසාද?

  4. susa says:

    ඒ කාලෙ සැමන් ටින් ගැහුව වගේ වෙන්න ඇති.

Main News