මං වැස්සකටවත් පාසැල් ගියේ නෑ.. හෝටල්වල පිගන් හේදුවා.. කුලී වැඩ කලා.. අද උපාධිධාරියෙක්.. – පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක
October 18, 2016 at 9:20 am | lanka C news
තමන් කලකට පෙර රැකියාව ලෙස හෝටලයක පිගන් හේදු බවත් තවත් කාලයක් කම්කරැවෙකු ලෙස තැන තැන කුලී වැඩ කල බවත් අම්පාර දිස්ත්රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මහතා පවසයි.
අද උපාධිධාරියෙකු වන තමන් වැස්සකටවත් පාසැල් ගිහින් නැතැයිද මන්ත්රීවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 වැඩසටහන හා අදහස් පල කරමිනි.