මං විද්‍යාඥයෙක් නොවන නිසා විද්‍යානුකූල කැබිනට් වෙනස ගැන දන්නේ නෑ.. ඒ අසාමාත්‍ය සතුටක් තියෙනවා..- වසන්ත සේනානායක

May 2, 2018 at 12:00 pm | lanka C news
මං විද්‍යාඥයෙක් නොවන නිසා විද්‍යානුකූල කැබිනට් වෙනස ගැන දන්නේ නෑ.. ඒ අසාමාත්‍ය සතුටක් තියෙනවා..- වසන්ත සේනානායක

තමන් විද්‍යාඥයෙක් නොවන නිසා විද්‍යානුකූලව කර ඇති ඇමති මණ්ඩල සංශෝධණය ගැන අදහසක් නැති බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

කෙසේ වෙතත් දේශපාලඥයෙකු ලෙස බලද්දී මෙම සංශොධනයේ ලොකු වෙනසක් නැති බවත් ඔහු සදහන් කරයි.

වෙනස්කම් බලාපොරොත්තු වූ මැති ඇමතිවරුන්ගෙන් ‘දැන් හොදද’ යයි තමන් විමසා සිටින බවද ඔහු කියයි.

තමන් සිටින්නේ කලකිරීමෙන් නොව අසාමාන්‍ය සතුටකින් බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

115 views
Main News