ශ්රීලනිපය පැරදුනේ මෛත්රී නිසා.. මං විපක්ෂයට යනවා.. ආණ්ඩුවේ ඉන්නේ ඉතා අකමැත්තෙන්..- ඇමති WDJ
August 30, 2017 at 9:20 am | lanka C news
පක්ෂයේ තීන්දුව අනුව තමන් ආණ්ඩුවේ සිටියද එසේ සිටින්නේ ඉතා අකමැත්තෙන් බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් ගිවිසුම්ගත වසර දෙකක කාලය ඉකුත් වීමෙන් පසුව ආන්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් ශ්රීලනිප මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන බවද ඒ මහතා සදහන් කරයි.
2020දී ශ්රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂයේ සිට පක්ෂය ශක්තිමත් කරන බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.
2015 පැවති ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය පැරදුණේ මෛත්රිපාල සිරිසේන මහතා නිසා බවත් ඔහු නොගියේ නම් ශ්රීලනිපය පරදින්නේ නැති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.