මං සෞඛ්‍යය ඇමති කාලේ ඩෙංගු රෝගින් 9000යි.. අද ලක්‍ෂයයි.. වෙනස සැපද.. රාජිතටත් කිචේ දමා මහින්ද සහ මෛත්‍රී යුගවල වෙනස නිමල් සරිපාල පෙන්වයි..

July 18, 2017 at 1:20 pm | lanka C news
මං සෞඛ්‍යය ඇමති කාලේ ඩෙංගු රෝගින් 9000යි.. අද ලක්‍ෂයයි.. වෙනස සැපද.. රාජිතටත් කිචේ දමා මහින්ද සහ මෛත්‍රී යුගවල වෙනස නිමල් සරිපාල පෙන්වයි..

එදා එනම් මහින්ද යුගයේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස සිටින යුගයේ ඩෙංගු රෝගීන් නමදාහක් සිටින විට තමාට දිගට හරහට මාධ්‍ය මගින් ගැසු බවත් කාටුන් අදිමින් සමච්චලයට පත් කල බවත් අද ඩෙංගු රෝගින් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා අද තමා ඒ යුගයේ එල්ල වු චෝදනාවලින් නිදහස් බව මහත් ආඩම්බරයෙන් වර්තමාන ආණ්ඩුවේ සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනක් පැවසිය.

එදා මහින්ද යුගයේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් වු අතර ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දිනය තෙක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා, අද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වන අතර ඔහු යටතේ සම්මුති ආණ්ඩුවේ අද දක්වා සෞඛ්‍යය අමාත්‍ය ධූරය හොබවන්නේ දොස්තර රාජිත සේනාරත්න මහතායි.

ඒ අනුව බලන කළ අද වනවිට මහින්ද යුගයට වඩා 11 ගුණයකින් ඩෙංගු රෝගින් ඉහළ යෑම ලෝක වාර්තාවක් විය හැකි අතර මෙයට වගකිවයුත්තෝ මහින්ද රාජපක්ෂ හෝ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලිය.

නමුත් මෛත්‍රී ආණ්ඩුවෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අමාත්‍යවරයෙකු නිසා මෙම ආණ්ඩුවට එල්ලවන චෝදනාවලින් කොටසක වගකීම අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම යටතේ ඔහු වෙත ද පැවරෙනු ඇත.

113 views

5 Comments to “මං සෞඛ්‍යය ඇමති කාලේ ඩෙංගු රෝගින් 9000යි.. අද ලක්‍ෂයයි.. වෙනස සැපද.. රාජිතටත් කිචේ දමා මහින්ද සහ මෛත්‍රී යුගවල වෙනස නිමල් සරිපාල පෙන්වයි..”

  1. asaranaya says:

    බඩ තඩි සිරෝ හැකි ඉක්මනින් නිවාගෙන සැප ලබන්නකෝ, අන්න සැප ඇති වෙනස.

  2. Saradiel says:

    Never give a sword to a man who can’t dance.
    Never trust this man . he is a Traitor

  3. ravindra says:

    ඒ කලේ මදුරු කොයිල් කොම්පැනි වලින් අල්ලස් අරගෙන ඩෙංගු මේ තැනට එන්න කටයුතු කෙළේ තමුන් නේද ? ඔව්ව දරු මුනුපුරන්ටත් හෙන ගහන අපරාද. ආණ්ඩුවට මුක්කු ගහල කෙලවෙනකොට දැන් අයෙත් කොහාට හරි මුක්කුවක් ගහන්න හදන්නේ. මෙයා බුදුවෙන්න කතා කරන්නේ

  4. මහා දැනමුත්තා says:

    සිරිසේන ජිනිවාහිදී අපේ රණවිරුවන් සහ දිනාගත් සටන පාවාදී ලංකාවට පැමිණි අවස්ථාවේ ඒ දේශද්‍රෝහියාව වීරයෙක් ලෙස පිළිගත් නරුමයා නේද මේ පුද්ගලයා …ඔහු ගැන තව කවර කතාද ? මේ අවස්ථාවාදී දේශපාලුවන් ප්‍රජා අයිතිය අහෝසි කර
    අපේ රටින් පන්නා දැමිය යුතුයි

  5. බබා උක්කුන් says:

    බිලියනයක තැන්පතු මුදලක් සමග විශ්‍රාම යන්න බලාගෙන ඉන්නේ කව්ද

Main News