මං හිතුවේ කෝටි 20ක් කියලා.. වියදම මිලියන 12යිලූ.. යෝද නත්තල් ගහට මං දැන් විරුද්ද නෑ.. – අගරදගුරු
December 13, 2016 at 10:40 am | lanka C news
නත්තල වෙනුවෙන් ගාලු මුවදොර ඉදිකරමින් ඇති නත්තල් ගසට මුලින් තමන් විරෝධය පල කලේ කෝටි 20ක මුදලක් ඊට වැයවන බවට වාර්තා වූ නිසා බවත් ඊට වැය වන්නේ මිලියන 12 ක් පමණක් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පවසයි.
මේ සම්බන්ධයෙන් අගමැති හා මුදල් ඇමති තමන් හමු වී සාකච්චා කර එකඟතාවකට පැමිණි බවද පවසන අගරදගුරුතුමන් මහජන ධනය වැය නොකර නත්තල් ගස් හැදුවාට තමන් විරුද්ද නැතැයිද කියා සිටී.