මං හොරකම් කර රට සැගවූ ඩොලර් බිලියන 18 ආණ්ඩුව ගන්න.. වැට් බද්ද එපා.. – මහින්ද මුළු VAT බද්දම කරට ගනී..

October 21, 2016 at 10:40 am | lanka C news
මං හොරකම් කර රට සැගවූ ඩොලර් බිලියන 18 ආණ්ඩුව ගන්න.. වැට් බද්ද එපා.. – මහින්ද මුළු VAT බද්දම කරට ගනී..

තමන් විසින් සොරකම් කර විදේශවල සගවා ඇතැයි කියන ඩොලර් බිලියන 18 මුදල සොයාගෙන විත් අසරණ රෝගීන්ටද ඇතුළුව සියළු ජනතාවට පනවා ඇති වැට් බද්ද අඩු කර දමන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

කිසිවෙකු විසින් තමන් එසේ සගවා ඇතැයි කියන මුදල් සොයා ගතහොත් ඒ සියල්ල රජයට ලබා දෙන බවද ඔහු සදහන් කරයි.

ඩුබායි බැංකු ගිණුමක් සමබන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කලේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප‍්‍රකාශය ගැන අදහස් පල කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඇමති රාජිත කියන දේවල් ඇත්තද බොරුද කියන්න රටේ මිනිස්සු හොදින් දන්නා බවයි.

98 views
Main News