මං 2023 වනතුරු නායකත්වයෙන් ඉවත් වන්නේ නෑ.. 2025 මැතිවරණයට ඉල්ලන්නේ නෑ..

January 18, 2020 at 1:20 pm | lanka C news
මං 2023 වනතුරු නායකත්වයෙන් ඉවත් වන්නේ නෑ.. 2025 මැතිවරණයට ඉල්ලන්නේ නෑ..

තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව එම පක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

නමුත් 2025 පැවැත්වෙන මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් ඒ වන විට පක්ෂ නායකත්වය සුදුසු අයෙකුට පවරන බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම තීන්දුව ගත්තේ මහනායක හිමිවරුන්ගේ ඇතුළු මහා සංඝ රත්නයේ සහ එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල ඉල්ලීම මත යැයි ද වික්‍රමසිංහ මහතා කියා ඇත.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.

එම නිසා මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් පවසා ඇති ඔහු පක්ෂයේ ව්‍යවස්ථානුකූලව මත විමසීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සඳහන් කර ඇත.

21,863 Viewers

8 Comments to “මං 2023 වනතුරු නායකත්වයෙන් ඉවත් වන්නේ නෑ.. 2025 මැතිවරණයට ඉල්ලන්නේ නෑ..”

  1. sw says:

    එපා බං අයින්වෙන්න මැරෙනකම්ම හිටපන් .

  2. බන්ඩා says:

    සජියා ඇතුලු කැපුවත් කොල අපි යූඑන්පී හරකුනි! තොපේ යාවජීව නායක රනිල් තුමාට දිගටම වහල් සේවය කරපියව්.

  3. Saradiel says:

    තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ, මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ?

  4. Love nature says:

    ලෝකය පෙරලෙයි…
    කාලෙ ගෙවී යයි….
    මරුවා ලඟා වෙනවා….
    සිතු දේ නොම වෙයි..
    නොසිතු දෙයක් වෙයි…
    ලොව දම් කැරකෙනවා….

  5. GAJABA WALIMUNIDEWA says:

    He should remain. Only RW can keep UNP well bonded. Poor thing was he was never able to understand the heartbeat of Sri Lanka. On the other hand, according to Hirunika, RW is only second to Einstein. So brainy guy.
    He is a nice guy living in a box thinking out of it.

  6. T says:

    Nam walin kiyapanko Ponayo mona Nayaka Hamuduruwanda ubata kiwe kiyalaa thawa Rata ta, Budu dahamata kelawa kelawa inna kiwr kiyalaa. Apitaah unaselaa ta Hodata Sala kanna Puluwan.

  7. ඉරංග වැලිඅංගේ says:

    එපා යන්න
    තවත් දෙන්න
    ඇඟේ හැපි හැපි
    සාගල,අකිල ඉල්ලයි.
    වජිර ඩීල්රජා කියන්නෙ එයමයි
    ආශූ මාර සිංහ ඡන්දේ ඉල්ලුවොත් අනාතයි
    රනිල අපිට අපි රනිල්ට
    කමුද බොමිබයි ලූණූ?
    මරා සතුටින් ඉපිලෙයි.

  8. Parakum says:

    Need a THOVIL ceremony to oust this SRIKOTHA GEWALAYA.

Main News