මගනැගුම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා…

December 30, 2019 at 2:10 am | lanka C news
මගනැගුම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා…

මගනැගුම ආයතනයෙහි මාසික වියදම රුපියල් මිලියන 70 ක් පමණ වන බවත් එය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

මේ බව පැවසූයේ පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියෙහි පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, මගනැගුම ආයතනය මසකට මෙසේ විශාල පිරිවැයක් දැරූවත් එවැනි විශාල මුදල් ප්‍ර‍මාණයක් සෑමවිටම රජයෙන් එම ආයතනය වෙත ලබාදීම ප්‍රායෝගික කරුණක් නොවන බවයි. එමනිසා මගනැගුම ආයතනය සඳහා විවිධ ව්‍යාපෘති සම්බන්ධීකරණය කොට තම මැදිහත්වීමෙන් ඒ සඳහා නව ව්‍යාපෘති ලබාදීමට කටයුතු කරන බවත් ඒ තුළින් ආදායම ඉපයිය යුතු බවත් ගරු අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව සිව් වසරක් පමණ අකර්මණ්‍ය වී පැවති මගනැගුම ආයතනය නැවත ලාභ උපයන ආයතනයක් බවට පත්කිරීම තමාගේ අරමුණක් වන බවත් ය.

අදාළ සාකච්ඡාවේ දී  අමාත්‍යවරයා අවධාරණය කළ තවත් විශේෂ කරුණක් වූයේ, මේ වනවිට “මගනැගුම” තුළ මහාමාර්ග තැනීම සඳහා අවශ්‍ය අමුද්‍ර‍ව්‍ය නිෂ්පාදනය කරන වැඩබිම් පවතින බැවින් මෙම අමුද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු මගනැගුම වැඩබිම් තුළම සිදුකර වැඩි වශයෙන් ලාභ ඉපයීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.

– midea unit

113 views

One Comment to “මගනැගුම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා…”

  1. Parakum says:

    He is going cut down the fuel bill by converting all Maga Naguma vehicles to run on ETHONOL.