මගුල දවසේම කසාදය ඉවරයි…
December 18, 2018 at 12:06 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
අපි සිටියාට වඩා බලවත් කියා මම පසුගිය සෙනසුරාදා කිව්වා. අපේ කණ්ඩායම 100 දක්වා ඉහළ නැග තිබෙනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ අල්ලා ගෙන සිටි විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ සංවිධායක ධූරය අපට ලැබෙනවා.
ඒ සියල්ලටම වඩා එදා එජාපය සමග සිටි ජනාධිපතිතුමා දැන් ඉන්නේ අපෙත් එක්කයි කියා අපි කිව්වා. ඊයේ ජනාධිපතිතුමා එජාප නායකයින් ඉදිරියේ තබා ගෙන එජාපය රට විනාශ කරපු හැටි පෙන්වා දුන්නා.
නඩු තීන්දු ගැන රට කතා කරන මේ සමයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා තමන්ට ඕනෑ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දීලා කොල පාට උසාවියක් හදන්න උත්සාහ කරපු හැටි පෙන්වා දුන්නා.
මේ සියල්ල කිව්වේ දිවුරුම් දෙන්න ආපු අගමැතිට. ඒ කියන්නේ මගුල දවසේම කසාදය අවසන් වුණා වගේ වැඩක්. දත් තිස් දෙක මැද දිව තිබෙන්නා වගේ ඇමති මණ්ඩලය මැද තනිව සිටියත් රට වෙනුවෙන් සටන් කරන බව පළමු දවසේම ජනාධිපතිතුමා රටට ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අපේ ප්‍රණාමය එතුමාට පුද කරනවා.
– අරවින්ද අතුකෝරල
We respect those who genuinely and bravely take action to protect the country.
Thank you Hon President.
තීන්දුව දීපු හත්දෙනාගෙන් 5ක්ම පත් කළේ මහින්ද.
තමාගේ රට බිස්නස් එකක් කරගත් ඩීල් කාරයන්ට නොරැවටෙන්න.ජනාධිති තමන්ගේ කතාවෙදී පැහැදිලිව කිව්වා මහ බැංකු මගඩිය 2007 වසරේ ඉදලා සිදුවෙලා ඇති බවත් හොරකම බිලියන 1000කට අධික බවත් .
රනිල් හා මහින්ද දෙබෑයන්ම මහ බැංකුව කොල්ළකාලා..මුං දෙන්නා එකටයි හිරේ වැටෙන්නේ..අන්න එදාට පාං බාගෙට,ජම්පරේට ,පැදුරට උදේට වැසිකලි යන එකට තමා රනිලටයි මහින්දටයි ඩීල් දාගන්න වෙන්නේ..
මේකගෙ කටේ නරිවාදම රෙද්දපල්ලෙන් බේරේ….කට කයිවාරුව සුද්දන්ට විරුද්ධ ව…..මුලු පවුලම ඉන්නෙ පිටරට…සිංහලයන් රවටන්න සිංහලයන් අතරම ඉන්න රට, ජාතිය, ආගම විකුණාගෙන කන තවත් එකේකි මේ නරියා.
දෙකක් නැහැ මෙයාගේ උපදෙස් ගත්තොත් නම් මහින්ද මහත්තය 2020 ත් ඇන ගන්නවා.මෙයාල හිතන්නේ බොරුව සමාජ ගත කරලා දිනන්න පුළුවන් රටේ ජනතාව මීහරක් කියල.බොරුව තාව කාලිකයි ,සත්‍ය ජයගන්නවා.මෙයාල සිරිසේන එක්ක ඩිල් දාගෙන මහින්ද මහත්තය විනාශ කරනවා.ඇයි ? බැසිල් මහත්තයෝ ඔබවත් මේ බකපන්ඩිතයින්ට එරෙහිව යමක් නොකරන්නේ.දැන්ම මෙයාලට හොඳට සැලකුවේ නැත්නම් ඉතින් 2020 සිහිනයක් වේවි.මට නම් මේ මනුස්සය කතා කරන කොටත් හරි අප්‍රියයි දැන්.