මගෙන් ප්‍රශ්න කලොත් බැදුම්කර මහ හොරු සියල්ල හෙලි කරනවා.. ඇලෝසියස් තර්ජනය කරයි..
September 14, 2017 at 10:53 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස් දන්නා සියල්ල හෙලි කලොත් බැදුම්කරය සම්බන්ධයෙන් බොහෝ දේ එලියට එනු ඇති බවත් මෙම වංචාවේ මහ මොලකරු පමණක් නොව පොදු අපේක්ෂකයා දිනවීම සදහා කටයුතු කල අය ගැනද තොරතුරැ හෙලිවනු ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පවසයි.
තමන්ගෙන් ප්‍රශ්න කරන්න ගත්තොත් තමන් ඒවා හෙලි කරන බවට අර්ජුන් ඇලෝසියස් තර්ජනය කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කලේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.