මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම

January 16, 2019 at 10:00 am | lanka C news
මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම

සරත් ෆොන්සේකා මහතා මොලේ අමරුකාරයෙක් බවත් ඔහු සුදුසු වන්නේ පිස්සන්කොටුවේ පිස්සන් බලා ගැනීමට බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ෆොන්සේකා මහතාට මන්ත්‍රී කමක් දීපු පාර්ලිමේන්තුවට ගෙන ඇත්තේ එක එකාට බුරන්න බව ද ඔහු කියා සිටී.

ෆොන්සේකා මහතාගේ ඇඟ පුරාම ඇත්තේ හොරාකාපු ගෑනුන්ට ගහපු වංචා දූෂණ වල නියැලුණු කුෂ්ඨ යයිද රාජපක්ෂ පාලන සමයේ ෆොන්සේකා හිරේ දමන ලද්දේ වෙන කිසිවක් නිසා නොව බෑනා සමඟ එකතු වී මුදල් වංචා කළ නිසා යැයි ද ඔහු චෝදනා කරයි.

ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක් බවත් ඔහු අල්ලා කොහේ හෝ සිරකල යුතු බවටත් නියෝජ්‍ය ඇමතිවරයා යෝජනා කරයි.

ෆොන්සේකා කියන මී හරකා සැමවිටම කාගේ හෝ ලණු කන බවද ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලබාදීමට විරුද්ධව තමන් උසාවියට යන බවත් එම ලබාදීම නීති විරෝධී බවත් ඔහු කියා සිටියේය.

ෆොන්සේකා මහතාට ලබාදුන් ෆීල්ඩ් මාෂල් තනතුරු තනිකරම නීතිවිරෝධී බවත් එම තනතුරක් ලබා දිය හැක්කේ ලක්ෂ 6ක හමුදා බලඇණියක නායකත්වය දීමත් රටවල් දෙකක් අතර යුද්ධයක් මෙහෙයවීමත් මත පමණක් යයිද තෙවරප්පෙරුම මහතා පැවසීය.

ෆොන්සේකා නම් පිස්සු මී හරකා නිසා තම බිරිඳගේ කුසෙහි දරුවා මියගිය බව ද ඔහු චෝදනා කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මතුගම යටදොල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

204 views

14 Comments to “මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම”

  1. ක්‍රිමිනල් says:

    තෙවරප්පෙරුම මහතා ජනතාව අතරින් බිහිව ඔවුන් සමගම නිරතුරුව රැඳී සිටිමින්, සතා සිවුපාවා
    සහ ගහකොල සහ පරිසරයට හිතවත්ව මහ පොලොවේ පය ගසා සිටින පුද්ගලයෙක්.

    ඔහු අනික් පුද්ගලයා මෙන් තනතුරු බලයෙන් හිස උඳුම්මවා ගත් අයෙක් නොවෙයි.

    දෙදෙනා අතර වෙනස ඒකයි.

Main News