මගේ අමාත්‍යංශයට බෝඩ් ලෑලි ආයතන 04ක් පමණයි.. මගෙන් පලි අරන්.. මට තව සරුසාර ආයතන 15ක් ඔ්නෑ..- කිරිඇල්ල

January 1, 2019 at 10:00 am | lanka C news
මගේ අමාත්‍යංශයට බෝඩ් ලෑලි ආයතන 04ක් පමණයි.. මගෙන් පලි අරන්.. මට තව සරුසාර ආයතන 15ක් ඔ්නෑ..- කිරිඇල්ල

අමාත්‍යාංශ සඳහා විෂයයන් ගැසට් කිරීමේදී තම අමාත්‍යාංශයට ලබාදී ඇත්තේ බෝඩ් ලෑලිවලට පමණක් සීමා වූ ආයතන හතරක් පමණක් යයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට තමන් පැමිණිලි කළ බව ද ඔහු කියා සිටී.

පසුගියදා ඇතිවූ අර්බුදකාරී දේශපාලන තත්ත්වයේදී තමන් සභානායකවරයා ලෙස හා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ සටන සහ ඒ සම්බන්ධයෙන් කළ සෘජු ප‍්‍රකාශ වලට එරෙහි වීමක් ලෙස තමා අමාත්‍යාංශය අරාජික කර ඇති බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙය තනිකරම පුද්ගලික පලිගැනීමක් ලෙස තම අමාත්‍යංශයේ නොසලා නොසලකා හැර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කරයි.

තම අමාත්‍යාංශයට තවත් ආයතන 15ක් පමණ හිමිවිය යුතුව ඇතත් ඒවා ලබා නොදීම ගැටලූ සහගත බවද කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ලෙස තමන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

57 views

21 Comments to “මගේ අමාත්‍යංශයට බෝඩ් ලෑලි ආයතන 04ක් පමණයි.. මගෙන් පලි අරන්.. මට තව සරුසාර ආයතන 15ක් ඔ්නෑ..- කිරිඇල්ල”

  1. Kadiya says:

    ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න බැරි වුනාට අමාත්‍යංශ තියන තරමක් සුද්ධකරන්න පුලුවන්. මොක්කු හරි ටික දෙනෙක් ඒකට පත්කරලා පඩි ලැයිස්තුව විතරක් තිබුනාම ඇති. අධිවේග මාර්ගයෙන් අධිවේගයෙන් හොරාකෑම නතරකරන්න එපා. මේ වතාවේ මදිය පුරවා ගනින්. ඊළඟ චන්දෙන් ආපහු ආණ්ඩු ගන්නවා බොරු.

  2. desta says:

    ane mehema perethayo tikak peretha loketh nethiwa ethi gu rasa pariksaka emathi kama muta denna etakota JVP TNA SLMC gu rasa balanna puluwan

  3. siri says:

    umbata okath vadi ban

  4. sinha le says:

    මහානුවර ඉතුරු ඉඩම් ටිකත් මුසල්මානුවන්ට විකුනන්න වෙන්න ඇති තව ඕනේ කියන්නේ

  5. parakum says:

    You must relinquish your ministerial position to young Dynamic MP. So is PM, Jayawicrema Perera, old codgers.

  6. Harakalla says:

    Hamudawala gonnu (weerayo) awurudu thine (30) yudde 4n iwara kalanam weda karanawanam/ dannawanam ona gonekuta board lali aayathana 4th athi weda pennanna. Thappulanne ho umbaa kiyanne weda bari gonnu nathnam jarawa madi una gonnu.

  7. Harakalla says:

    Awurudu 30k thibuna yuddaya hamudaawala gonnu ( ranaviruwo ) 4n iwara kalanam weda danna / karanna puluwan ona gonekuta board laali aayathana 4th athi weda pennanna/ karanna . Thappulanne nathnam umbaa kiyanne weda bari gonnu nathnam jarawa/ punnakku madi una gonnui

  8. ක්‍රිමිනල් says:

    මට තව සරුසාර ආයතන 15 ක් ඕනෑ! – කිරිඇල්ල

    අනේ මෙහෙම තන්හාවක්! අනේ මෙහෙම ආශාවක්!!

Main News