මගේ අමාත්‍යාංශයට රුපියලක්වත් දුන්නෑ.. ඒත් බස්නාහිර පලාතේ කිසිකලක නොකළ සියලුම විශ්ම කර්ම වැඩ මං කලා..- චම්පික

September 16, 2017 at 1:20 pm | lanka C news
මගේ අමාත්‍යාංශයට රුපියලක්වත් දුන්නෑ.. ඒත් බස්නාහිර පලාතේ කිසිකලක නොකළ සියලුම විශ්ම කර්ම වැඩ මං කලා..- චම්පික

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට මෙම මස 17 වෙනිදාට අවුරුදු 2 ක් සම්පූර්ණ වුවත් මහා නගර ව්‍යාප්තින් වෙනුවෙන් රජය මෙතෙක් රුපියලක් වත් ආයෝජනය කර නැතැයි එහි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසු බැව් අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කොට ඇත.

එමෙන්ම බස්නාහිරට කිසිදු අධිකාරි බලයක් පවරා නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ පැවති ආණ්ඩු මහවැලි ව්‍යාපති, විදුලිබලාගාර, වරායවල්, ගුවන් තොටුපොළවල් සහ මහාමාර්ග ඉදිකිරීම් හා පවත්වාගෙන යෑමට විශාල වශයෙන් ආයෝජන කර ඇති නමුත් වත්මන් රජය ගොඩනැගෙන මහා නගර සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියලක්වත් ආයෝජනය කර නැතයි ප්‍රකාශ කල බව එම පුවතේ සඳහන් වේ.

එහෙත් ආණ්ඩුවේ ආයෝජන නොමැතිව මෙතරම් ව්‍යාපති ගනණාවක් එකවර රට තුල ක්‍රියාත්මක කල කිසිදු කාල සීමාවක් ඉතිහාසයේ තිබුණේ නැතයි ද නිත්‍යානුකූල ආයතනයක් හෝ භාණ්ඩාගාරයේ හයියක් නැතිව මහා දැවැන්ත ව්‍යාපති රැසක් රටට ගෙන ඒමට තම අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි ද පැවසී බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට ඇත.

28 views