මගේ ආණ්ඩුවේ මං පත්කල ගොබෙල්ස් ඇමති පාස්කු ප‍්‍රහාරය මට පැටෙවුවා…

March 27, 2021 at 3:50 pm | lanka C news

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වූයේ තම නොසැලකිල්ලෙන් යන මතය සමාජයෙහි පැතිරුණේ තමන් විසින්ම පත්කරන ලද කැබිනට් ඇමැතිවරුන්ගේ ගොබෙල්ස් න්‍යාය නිසා යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26දා) පැවසීය.

2019 අපේ‍්‍රල් 21 වැනි දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය සිව්වැනි දිනයටත් ආරම්භ කළ අවස්ථාවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

‘‘මගේ කථාව ආරම්භ කිරීමට පෙර එම ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් මියගිය සියලූම ජනතාවට, ඒ වගේම ආබාධිත වූ සියලූ දෙනාටත්, සියලූ වින්දිතයන්ටත් විශේෂයෙන්ම ශෝකය, කනගාටුව සහ සංවේගය බලවත් ලෙස පළ කරනවා.

මේ කාරණය පිළිබඳව කතාකරන විට කියන්නට ඕනෑ විශේෂයෙන්ම කිතුනු ජනතාව, කතෝලික ජනතාව වෙනුවෙන් මම මගේ දේශපාලන ජීවිතය තුළ මට ඇමැතිකම්, ජනාධිපති ධුර ලැබුණු හැමවිටම ඒ ජනතාවට මම විශාල සේවයක් කරපු කෙනෙක් කියන එක. මම ජනාධිපති ධුරය දරන කාලයේ තමයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ මඩු දේවස්ථානයට ගිහිල්ලා ඒ ප‍්‍රදේශ නිරීක්ෂණය කරලා මඩු දේවස්ථානය ප‍්‍රධාන වශයෙන්ම පූජා භූමියක් බවට පත් කළේ මම විසින් කියන එක මතක් කරන්නට ඕනෑ. ඒ වගේම බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට උදව් කරනවා වගේම කතෝලික හින්දු ඉස්ලාම් ඒ සියලූ පූජනීය ස්ථානවලට දේවස්ථානවල සංවර්ධනය සඳහා මම ජනාධිපති ධුරය දරන කාලයේ අති විශාල මුදලක් වැයකළ බව කියන්නට ඕනෑ.

2019 අපේ‍්‍රල් 21 වැනි දා සිදු වූ ප‍්‍රහාරය හේතුවෙන් විනාශ වූ කොච්චිකඬේ, කටුවාපිටිය ඒ වගේම මඩකලපුව දේවස්ථාන සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා එදා මම ජනාධිපතිවරයා විදියට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් දෙමින් ත‍්‍රිවිධ හමුදාව යොදවලා ඒ දේවස්ථාන ප‍්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන්ම තිබුණු තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට අපි සකස් කළා.

පාස්කු ප‍්‍රහාරයට පෙර ත‍්‍රස්තවාදීන් මර්දනයට අන්තවාදීන් මර්දනයට මම ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් කරන ලද විශාල වැඩ කොටසක් තිබුණා. වැඩ කොටසක් ඉෂ්ට කළා. නමුත් මම කල්පනා කළා ප‍්‍රධාන වශයෙන් මේ පිළිබඳව මම දන්නවා මා පිළිබඳව ජනගත වී ඇති මතය කුමක්ද කියා. ඒකට හේතුව තමයි එදා විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරයේ සිදු වෙච්ච දවසට පසුවදා මගේම ආණ්ඩුවේ මම පත්කරපු කැබිනට් ඇමැතිවරයා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් තියල කිව්ව මේක ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන තියෙනවා, ජනාධිපතිවරයා මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කියලා. ඒ වගේම එදා මගේ ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනෙක් මේ පිළිබඳව දැඩි ලෙස ජනතාව අතර ප‍්‍රචාරය ඇරියා.

අවුරුදු 53 ක මගේ දේශපාලන ජීවිතයේ මම බොහෝ අත්දැකීම් ලබලා තියෙනවා. නින්දා අපහාස ගල්මුල් විවේචන සියල්ල මම හොඳින් අත්විඳලා තියෙනව. ඒ වගේම එල්ටීටීඊ එක පස් වතාවක් මට ප‍්‍රහාර එල්ල කළා. ගොබෙල්ස් කියනවා බොරුව එක දිගට කියන්න එතකොට ඒක ඇත්ත වෙනවා කියලා. මේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව තිබෙන තත්ත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මා කියන්නේ එය න්‍යායට අනුව සිදුවී ඇති දෙයක් බවයි. අපි වගේ සාමාන්‍ය පුද්ගලයන්ට නොවෙයි මේ නින්දා අපහාස, චරිත ඝාතන සමාජයේ ගල්මුල්, බරපතළ චෝදනා එල්ල වෙන්නේ. බෞද්ධයන් විදිහට අපි දන්නවා බුදුන් වහන්සේ, උන්වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවල එක්තරා කලකදී ප‍්‍රදේශයේ ඉන්න

ජනතාවගෙන් ආපු නින්දා අපහාස නිසා බුදුන්වහන්සේ වනගත වුණා. කිතුනු දහම පිළිබඳ කතා කරනකොට යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැහුවා.

මම පාස්කු කොමිෂන් එකට දවස් නවයක් ගියා. ඒ ගිය දවස් නමයේදී ඇතැම් ජනමාධ්‍ය කටයුතු කරපු ආකාරය හරිම කනගාටුදායකයි. මම දුන්නු සාක්ෂි වලට වඩා වෙනස් විදියට, බොහෝ විට වචන හසුරුවමින් ජනතාවට ඉතාම වැරැුදි මතයක් දුන්නා. මේ විවාදයට සහභාගි වෙලා එක් පැත්තකින් පාස්කු කොමිෂන් සභාව මා පත් කරපු අරමුණ, අනෙක් පැත්තෙන් මම ආරක්ෂක ඇමැතිවරයා විදිහට සිටි කාලසීමාව තුළ කටයුතු කරපු ආකාරය කියන කරුණු පිළිබඳව පැහැදිලි කිරීම වැදගත් යැයි කියන එක. අපි අද වනවිට පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දින තුනක් විවාද කරනවා. හැබැයි අපි දින තුනක් කතා කළත් මම හිතන්නේ නෑ මේ සභාවේ මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් ඉන්නවා කියලා. සභාගත කරපු වාර්තාවේ කොටස් අපි කියෙව්වා. අපි කාටවත් අවස්ථාව ලැබුණේ නෑ මුළු වාර්තාව කියවන්න. ඒක නිසා අපි මේ වාර්තාවේ කොටසක් විතරක් බලලා තමයි මේ තුන්වෙනි දවසටත් විවාද කරන්නේ. ඒ නිසා ප‍්‍රධාන වශයෙන් මේ වාර්තාව පිළිබඳව කතා කරනවිට බොහෝ වෙලාවට වැඩි පිරිසක් මේක කියවලා දැකලා නෑ. මේ පාස්කු සිද්ධිය පිළිබඳව කතා කරනවිට මේ රටේ අවුරුදු විසිහතක් විසි අටක් යුද්ධයක් සමඟ බෝම්බ සමඟ ජීවත් වූ පිරිසක් කියන එක අපිට අමතක කරන්න බෑ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය දක්වා මේ රටේ සතර දිග් භාගයේ බෝම්බ පිපිරුණු මුළු ජනතාවගේම ඒ වගේම ගම්වල ජීවත් වූ ජනතාව එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සිය ගණන් කපලා කොටලා මරලා දැම්මා.

මම 2015 ජනවාරි 8 වැනිදා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරලා නව වැනිදා දිවුරුම් දීලා අපි කටයුතු කරන විට මගේ ඇමැති මණ්ඩලයේ සහයෝගය මට තිබුණේ නෑ.

මාගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන ඇමැති මණ්ඩලයක් හිටියේ නෑ. මට මගේ ඇමැති මණ්ඩලයේ කොටසක් තමයි සහයෝගය දුන්නේ. බහුතරයකගේ සහයෝගය ලැබුණේ නෑ. මම මට කියල මගේ ප‍්‍රතිපත්ති එක්ක එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමැති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු පහකට මාස එකහමාරක් අඩුවෙන් මේ රට අරගෙන

ගියා. මම එදා බොහොම පැහැදිලිව කිව්වා ජනාධිපති ධුරය අවසන් වෙලා යන තෙක්ම එම්සීසී ගිවිසුම් ආපු වෙලාවේ ඒවට අත්සන් කරන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ කියලා. මම ඒවාට දිගටම විරුද්ධ වෙච්ච කෙනෙක්. ඇමරිකන් තානාපති තුමිය තදින් ඒ ගැන ඉල්ලීම් කළා. නමුත් මම කිව්වා මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ වගේම සිංගප්පූරු ගිවිසුම මම නැවැත්තුවා. ගැටුම් බාධාවන් මොනවා තිබුණත් අපි විශාල වැඩ කොටසක් කළා.

සෑම රජයකටම දැඩි විවේචන එල්ල වෙනවා හොඳක් අහන්න ඉතාම අමාරුයි අසීරුයි. ඒක තමයි තත්ත්වය. ඒ නිසා මූලික වශයෙන් මම කියන්නට ඕන මම ඒ රජය කරන කාලයේදී ප‍්‍රධාන වශයෙන් ගත්විට අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා ඒ වගේම විදේශ සම්බන්ධතා ශක්තිමත් කරලා කටයුතු කළා. මොරගහකන්ද, කළු ගඟ වැනි විශාල යෝජනා ක‍්‍රම මහින්ද රාජපක්ෂ මහතා සමග අපි ආරම්භ කෙරුවෙ. මගේ කාලේ පුළුවන්කම ලැබුණා ඉතාම සාර්ථකව ඒ කටයුතු අවසන් කරන්නට. ඒ වගේම අපිට මතකයි අපි ආණ්ඩුව ඇවිල්ලා අලූතෙන්ම අවුරුදු හතළිහක් පනහක් කෑගහපු ඖෂධ පනත අපි සම්මත කෙරුවා. අපිට අධිකරණයෙන් ඉඩ නොදුන්න විශේෂයෙන්ම දුම් බීම පිළිබඳව සිගරැුට් පැකට්ටුවේ අවවාද පිළිබඳව 60% සඳහන් කිරීම, පාර්ලිමේන්තුවේ දී සියයට අනූවක් කළා. පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණ ආවරණය, ඒ වගේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය වැනි අද අපේ රටේ රජයේ සෞඛ්‍ය සේවය හා දෙවෙනි නොවන සේවයක් සුවසැරිය සේවයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ කාලය තුළ කියන්නට ඕන මොන විදිහේ විවේචන මොන මොන ප‍්‍රශ්න ආවත් අපි විශාල වැඩ කොටසක් ඒ කාලේ තුළ කළා. ජාතික ආරක්ෂාව දුර්වල වෙන්න නැත්නම් දෙවෙනි කොට අපි කොයි වෙලාවේවත් සැලකුවේ නැහැ.

මම ඒක දිගටම කිව්වා ලෝකය පුරා එල්ල වන අයිඑස් ප‍්‍රහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන කියලා. එවැනි දේ සම්බන්ධව ක‍්‍රියාකළ යුතු බව මම පැහැදිලිව කිව්වා. මම ආරක්ෂක මණ්ඩලයේදී අයි.එස්. ත‍්‍රස්තවාදීන් ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු බව මම දිගටම කිව්වා.

සහරාන් ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කරන්නේ 2017 දී. එදා ඔහුට වරෙන්තු නිකුත්කරන්නේ ත‍්‍රස්තවාදියෙක් ලෙස නොවේ. අන්තවාදියෙක් ලෙස. නැගෙනහිර පළාතේ ගැටුමක් ඇති වුණා. ඒ ගැටුමට අදාළව තමයි වරෙන්තු නිකුත්කරන්නේ. මේ රටේ වරෙන්තු නිකුත් කරපු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අත්අඩංගුවට ගන්න එක, නොගන්න එක පොලිසියට අයිති රාජකාරියක්. සහරාන් පෙර කී කාරණා පිළිබඳව සැලකිලිමත් වීමට ආරක්ෂක අංශ ක‍්‍රියාකළ යුතුව තිබුණා. 2017 සිට වරෙන්තුවක් නිකුත් කරපු සහරාන් ඇයි අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ කියන එක සම්බන්ධව විශේෂයෙන් මෙම කොමිසම සලකා බැලිය යුතු වෙනවා. නමුත් මේ වාර්තාව තුළ ඒ සම්බන්ධව එතරම් අවධානයක් යොමුවෙලා නැහැ කියන එකයි මට කියන්න තියෙන්නෙ. ප‍්‍රධාන වශයෙන්ම සහරාන් අත්අඩංගුවට

ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා එවකට හිටපු පොලිසිය භාර අමාත්‍යවරයාට දීර්ඝ ලිපියකින් දැනුම් දී තිබුණා. නමුත් අත්අඩංගුවට ගැනීම සිදුවුණේ නැහැ. මම පොලිසිය භාර අමාත්‍යාංශය භාරගෙන ක‍්‍රියා කළේ ඉතාම කෙටි කාලයක්. එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට කටයුතු කළේ මාස 4ක් 5ක් වගේ ඉතාමත්ම සුළු කාලයක්. 2017 දී වරෙන්තු නිකුත් කරපු මිනිහා අත්අඩංගුවට ගත්තේ නැත්තෙ ඇයි කියලා මම ප‍්‍රශ්න කළා. 2019 වසරේ ජනවාරි මස මම ආරක්ෂක අංශ වලින් ඇහුවා සහරාන් අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි කියලා.

අත්අඩංගුවේ පසුවන ත‍්‍රස්තවාදීන්ට නඩු දැමීම ප‍්‍රමාද වෙන්න හොඳ නැහැ. නඩු දැමීම ප‍්‍රමාද වෙනකොට සමහර අවස්ථාවලදී ඒ අය වෙනුවෙන් විවිධ පුද්ගලයෝ කතා කරන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම මම අවධාරණය කරනවා අප‍්‍රියෙල් 21 ප‍්‍රහාරයට වගකිව යුතු සියලූම පාර්ශ්වයන්ට එරෙහිව නඩු දැමීමට රජය කටයුතු කරන්න ඕන කියලා.

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් ද අති විශාල බිහිසුණු අත්දැකීමකට ලෝකයට මුහුණ දෙන්න සිදු වුණා. ගුවන් යානා හතරක් ප‍්‍රහාරයට සම්බන්ධ වුණා. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට සති දෙකකට කලින් ඇමරිකාවේ බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණා.

ඒ ප‍්‍රහාරය සම්බන්ධව සොයාබැලූ ඇමරිකානු කොමිසමේ වාර්තාවක ඒ පිළිබඳව අන්තර්ගත වෙනවා. ඒ කොමිසම බුද්ධි අංශ පිළිබඳව කතා කරලා තියෙනවා, බලධාරීන් කිහිප දෙනකුටම දෝෂාරෝපණය කර තියෙනවා.

සැප්තැම්බර් 11 කොමිසමේ විශේෂත්වය තමයි ඇමරිකාවේ කිසිදු දේශපාලනඥයකුට හෝ කිසිදු ඉහළ නිලධාරියෙකුට දඬුවම් නොදිය යුතුය යන යෝජනාව. මූලික වශයෙන් ජනාධිපතිවරයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට අපරාධ වගකීමක් පවරන්න කිසිසේත්ම සොයා බැලීමක් කර නැහැ. ප‍්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවන් පිළිබඳව ඊටත් අදළ පාර්ශ්ව පිළිබඳව කොමිෂන් සභාව අනාවරණය කර තිබෙනවා.

21 වැනිදා සිදු වූ මේ පාපකාරී ක‍්‍රියාව පිටුපස සිටි පුද්ගලයන් සෙවිය යුතුයි. ඔවුන්ට අනුග‍්‍රහය දැක් වූ පුද්ගලයන් සෙවිය යුතුයි .මේ පිළිබඳව මම කොමිෂන් සභාවේ දී සාක්ෂි ලබාදෙන අතරතුර විශේෂයෙන් සඳහන් කළා.

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාමාර්ගයම තමයි ලංකාවේ මේ ප‍්‍රහාරයෙන් පස්සේ මම ක‍්‍රියාත්මක කළේ කියන එක. ඇත්තටම කොමිෂන් සභාවකින් විය යුත්තේ නැවත මෙවැනි ප‍්‍රහාරයක් ඇති නොවීමට අවශ්‍ය කරන ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීම.

සැප්තැම්බර් 11 ඇමරිකානු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සිදුකරන ලද විමර්ශනයේ වාර්තාව මම සභාගත කරනවා. ලන්ඩන් ප‍්‍රහාරය පිළිබඳවත් සොයා බලන්න ඒ අවස්ථාවේදී කොමිසමක් පත් කළා. ඒ

වගේම නවසීලන්තයේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව සෙවීමටත් කොමිසමක් පත් කළා. මේක කොමිෂන් සභාවල අදාළ පුද්ගලයෝ කවුද කියන එක සම්බන්ධව නෙමෙයි සොයා බලන්නේ. නැවත වතාවක් මෙවැනි දේ සිදු නොවීමට අවශ්‍ය කරන ක‍්‍රියාමාර්ග මොනවද කියන එකයි. මේ තොරතුරු ඇත්තටම ලැබුණේ විදේශීය බුද්ධි අංශයකින්. 2019 වසරේ අපේ‍්‍රල් මාසෙ මුල. ඒ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඔහුගේ වගකීම් ඉටු කරමින් ඉහළ නිලධාරීන්ට දන්වා තියෙනවා. ඔවුන් අතර ලිපි ගොනු හුවමාරු වී තිබෙනවා. මම 16 වැනිදා වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට පිටරටට ගියා.

අපේ‍්‍රල් 16 වනවිට මේ සම්බන්ධව වරින්වර තොරතුරු ලැබී තියෙනවා. මට මෙම තොරතුරු ලැබුණා නම් කිසිම අවස්ථාවකදී මම මේ ඛේදවාචකය වෙන්න ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරයා දන්නවනං රටට මෙහෙම විපතක් සිද්ධ වෙනවා කියලා මොන ජනාධිපතිවරයාද ඒකට ඉඩ දෙන්නේ. මම මේ සම්බන්ධව කිසිම තොරතුරක් දැනගෙන හිටියේ නෑ. කවුරු හරි එහෙම කියනවනම් ඒ කියන කෙනාගෙ මොළේ අමාරුවක් තියෙනවා.

මම වෛද්‍ය ප‍්‍රතිකාර ගන්න ගිය වෙලාවේ තමයි මේ සිද්ධිය වුණේ. සිද්ධිය වෙනකොට මම හිටියේ රෝහල් ගතවෙලා. සිද්ධිය දැනගත්ත අවස්ථාවේ සිටම වරින් වර සාකච්ඡුා කරමින් මම කටයුතු කළා. අපේ‍්‍රල් 21 මම කොළඹට ආවා.

– divaina

35,877 views

7 Comments to “මගේ ආණ්ඩුවේ මං පත්කල ගොබෙල්ස් ඇමති පාස්කු ප‍්‍රහාරය මට පැටෙවුවා…”

  1. ජනජය says:

    හොඳ වැඩේ…ඒයි යාළු මේ..බල්ලොත් එක්ක බුදියැව්වොත් නැගිටින්නෙ මැක්කොත් එක්ක කියල ඔහේ දැනන් හිටියෙ නැතෙයි ?!..එදා එකට ආප්ප කාල පැදුරටත් නොකිය මාරු වෙනකොට මක්කැයි හිතුවෙ …

    • Alponso says:

      මයිත්‍රී නෙවෙයි මේකට වගකිවයුත්තා. පයි කොටා තමා මේ බව දැනගෙනත් වසන්කරගෙන ඉදල අහිංශක මිනිස්සු මැරෙන්ඩ ඉඩ හැරියේ. මූට ලැජ්ජ නැතිව තව කලු සාටකේකුත් දාගෙන.

      • Alapaluwa says:

        Alponso උබ මයි තීගෙ පුප ලෙවකන පයි කොටා නේද

  2. Ravi says:

    එතකොට රටට ජනාධිපති කමක් අවශ්‍ය ද?

  3. මනූෂ නානා says:

    හපොයි මූ හත් පොලේ ගාගෙන කන්දොස්කිරියාව ඉවරයක් නෑ

  4. Gon athal says:

    Meka ayeth pol pale kanna hadanne…🤣🤣🤣🤣😂

  5. කොනකට් says:

    කාලකණ්ණි සිරිසේනගේ ප්‍රකාශයේ තියන අමූලික බොරු වලින් පාස්කු බෝම්බ වලක්වා නොගැනීමේ අපරාධය යටගහන්න බැහැ. පාර්ලිමේන්තුවේ කෙප්ප කෙලිනවා වගේ උසාවියේදීත් කෙප්ප කෙලලා බේරෙන්න බැහැ. වරෙන් අපරාධකාරයා විත්ති කූඩුවට, ඉන්පසුව බලුකූඩුවට.