මගේ ඇමති ධුරය වෙනස් කරනවාට මං කැමති නෑ..

November 16, 2016 at 8:40 am | lanka C news
මගේ ඇමති ධුරය වෙනස් කරනවාට මං කැමති නෑ..

අභ්‍යාසලාභී ඖෂධ සංයෝජකවරුන් 350 ක් සදහා පත්වීම් ලිපි ප‍්‍රධානෝත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘රජයේ ඖෂධ සංයෝජකවරුන් තම සේවාව ලබාදෙන්නේ ග‍්‍රාමිීය ප‍්‍රදේශවල ජනතාවටයි. වෛද්‍යවරුන් විසින් නියම කරන ඖෂධ රෝගී ජනතාවට ලබාදෙන්නේ ඖෂධ සංයෝජකවරු විසින්. වෛද්‍යවරුන්ට ඖෂධ වැරදුන හොත් රෝගී ජීවිත විනාශ වෙනවා. එමෙන්ම ඖෂධ සංයෝජකයෙකු වැරදි ඖෂධ රෝගීන්ට නිකුත් කළහොත් රෝගී ජිවිත විනාශ වෙනවා. ඖෂධ සංයෝජකවරු 850 ක් බදවා ගන්නා විට විරෝධතා මතු වුනා. එම විරෝධතා නොතකා අපි බදවා ගැනීම් සිදු කළා. පළමු අදියර යටතේ 350 කට අද පත්වීම් ලබාදෙනවා. ඖෂධ සංයෝජකවරුන් ද අතුරු වෛද්‍ය සේවයට අනුගත කරනවා. ඒ සදහා ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අපි වෙනස් වෙන්න කැමැති නැහැ. අපේ ඇමැතිවරුත් එහෙමයි. දැන් තිබෙන අමාත්‍යධූරය වෙනස් වෙලා වෙනත් අමාත්‍යධූරයක් හිමි වුනොත් ඊට කැමැති නැහැ. මෙම වෙනසට මුහුණ දිය යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි. සෞඛ්‍ය දර්ශක අතින් ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය යහපාලන රජය තවදුරටත් ආරක්ෂා කරනවා. නිදහස් සෞඛ්‍යයට ඇතිවන තර්ජන වලට අපි බිය වන්නේ නැහැ. අපි ෙමි රටේ තිබුනු ක‍්‍රමය වෙනස් කළා. එම වෙනස අපේ රටේ බොහෝ පිරිසකට තේරෙන්නේ නැහැ. රුපියල් සත වලින් මෙම ක‍්‍රමය මනින්න එපා. රජය මානව සම්පත් සංවර්ධනය කිරීමට බලාපොරොක්තු වෙනවා. මහාමාර්ග සංවර්ධනය කිරීමෙන් මිනිස් සමාජයේ ප‍්‍රගමනය තීරණය වන්නේ නැහැ. යහපාලනයේ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. පැය 24 කින් සියල්ල වෙනස් කරන්න බැහැ. ඒවාට කාලය ගත වෙනවා. අපි රාජ්‍ය සේවකයින් ලක්ෂ 14 කට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළා. සෞඛ්‍ය සේවකයින්ට මගේ මැදිහත්වීමෙන් තවත් වැටුප් වැඩි කිරිමක් සිදු කළා. වෘත්තීය සමිති ඉදිරිපත් කරන ගැටළුවලට පුළුවන් ආකාරයෙන් විසදුම් ලබාදෙනවා. සාකචිඡුා මාර්ගයෙන් ගැටළු නිරාකරණය ගත යුතුයි. අපිත් වෘත්තීය සමිති නායකයින් ලෙස වෘත්තීය සටන් සිදු කළා. අද සාකචිඡුා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදගන්න පුළුවන්.” යැයි ද ප‍්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාෙවි දී ඖෂධ සංයෝජක සේවය වෙනුවෙන් කළ මෙහෙවර අගයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඖෂධ සංයෝජක නිලධාරී සංගමය විසින් උපහාර තිළිණයක් ද ප‍්‍රදානය කරන ලදි.

– නිපුන් ඒකනායක

3 views

4 Comments to “මගේ ඇමති ධුරය වෙනස් කරනවාට මං කැමති නෑ..”

  1. කරුමේ says:

    මේ ඇමතිකමින් පරම්පරා ගනනකට ඇති වෙන්ඩ ගසා කන්ඩ පුලුවන් ඇති. ඒකයි හේතුව!

  2. ගමරාළ says:

    අනේ ඔන්න ඔය කෙහෙල්මල දීලා වරාය ඉල්ල ගන්න… ඔය ලෙච්ඩුන්ට පෙති පොවලා ඔබතුමාට හරි යනවැයි…. ඔබතුමාගේ නැව් ටිකත් බලාගෙන…. ඕන නං නැව් සංස්ථාවේ තියෙන නැව් ටිකත් ඔබතුමාට ගන්න පුළුවන්නේ…

Main News