මගේ තාත්තා යූඑන්පී කාරයෙක්.. මං ශ්රීලනිප වුනේ නාට්ටියකට..- ජනපති
February 7, 2017 at 2:10 pm | lanka C news
තම පියා හොද යූඑන්පී කාරයෙකු යයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගියදා ගාල්ලේදී සිදුකල සංචාරයක් අතරතුර මැති ඇමතිවරුන් සමග ලයිට්හවුස් හෝටලයේදී දිවා ආහාරය ගනිමිනි.
‘ඔයාල දන්නෑනෙ මං දේශපාලනේට ආව හැටි. මගේ තාත්ත යූඑන්පී කාරයෙක්. ඒ කාලේ පොලොන්නරුවෙ තිබුණ ජාතික උත්සවේකට මාව බණ්ඩාරනායක මහත්තය විදිහට ඇන්දෙවුවා. එදා ඉදල බණ්ඩාරනායක මහත්තය ගැන පත්තරේක තිබුනොත් මං කියවනවා. එතුමගේ පින්තුර එකතු කලා. එහෙම ගිහින් මං නිකන්ම ශ්රී ලංකා කාරයෙක් වුනා’ යයි ජනපති එහිදී තම අතීත කතාව හෙලි කර ඇත.