මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි – කතානායක

December 18, 2018 at 6:48 pm | lanka C news
මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි – කතානායක

නෙත් යුගල දන් දෙමින් අක්ෂිදාන ව්‍යාපාරයට දායක වූ ස්වකීය දෙමාපියන් මෙලොවින් සමු ගත්ත ද එම අයගේ නෙත් තුලින් තවත් දෙදෙනෙකු මෙලොව දකින බවත් ඔවුන් මෙන්ම තමාද නෙත් යුග දන්දීම සඳහා මින් බොහෝ කලකට පෙර අක්ෂිදාන ව්‍යාපාරයත් සමඟ ගිවිසුමකින් බැඳුණු බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

කවර පසුබෑම් තිබුණද ඇස්, ලේ ශරීරකොටස් දන්දීමට ශ්‍රී ලාංකිකයන් ලෙස දක්වන උනන්දුව ශ්‍රී ලාංකිකයන් උතුම් ජාතියක් ලෙස ලෝකයේ මුදුන් හිනිපෙත්තටම ඔසවා තබන බවද කථානායකවරයා පැවසිය.

කථානායකවරයා මේ බව සඳහන් කලේ පසුගිය අඟහරුවාදා (18) ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සංවිධානය කල ජාතික අක්ෂිදාන දින සැමරුම් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ඇස්, ලේ, වකුගඩු ශරිරයේ අනෙකුත් කොටස් දන්දීමට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් දන්දීමේ ව්‍යාපාරයක් ද පිළිකා රෝගයෙන් මියගිය සිය දියණිය නමින් ආරම්භ කල අතර, එයට ලැබුණ ප්‍රතිචාර සහ දායකකත්වය පුදුමාකර බවද එතුලින් ශ්‍රී ලාංකිකයන් තුල තිබෙන උතුම් පරිත්‍යාගශිලි බව තමාට වඩාත් සමීපව දැනුනු බවද කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කලේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසුරිය මහතා..

අපි පුංචි රටක් වුනත් , අද මං කතාකරන්නේ ලෝකයේ විශාලතම පරිත්‍යාග කළ ඇස් සංචිතයක් තිබෙන අක්ෂි බැංකුව හිමි අක්ෂිදාන ව්‍යාපාරය ගැනයි.

එය අපේ රටට ලෝකය තුල දිනා දෙන ගෞරවය අසීමිතයි.

අප තුල තිබෙන මානව දයාව, පරිත්‍යාශිලිත්වය චිත්තසමාධිය තානාපතිවරුන් සිය ගණනනකට කළ නොහැකි ලෙස අක්ෂිදාන ව්‍යාපාරය මගින් ලෝකයට සංනිවේදනය කර තිබෙනවා. අද එය ඇස් දන් දීමෙන් ඉදිරියට ගොස් ශරීරයේ වෙනත් පඨක දන් දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.

මෙය පනහ දශකයේදී උද්යෝගිමත් තරුණ වෛද්‍යවරයකු වූ හඩ්සන් සිල්වා නැමැති උතුම් ශ්‍රී ලාංකික පුත්‍රය දුටු සිහිනයක්. සැබැවින්ම ඇසට පණ දීමෙන් හදවතටත්, මොළයටත් පණක් ලැබෙනවා එය වචන වලින් විස්තර කළ නොහැකි පුන්‍යකර්මයක් බවයි මා කල්පනා කරන්නේ.

මේ ශ්‍රේෂ්ඨ සිහිනය සැබෑ කර ගන්නට හඩ්සන් සිල්වා මැතිදුන් විවිධ අවදාල ගැරහුම් මැද පැමිණි දුෂ්කර ගමන ලෙස ආපසු හරී බලන්නට මෙය අවස්ථාවක් කර ගන්නට මම කැමතියි.

මේ උතුම් අදහස ශිෂ්‍යයකු ලෙස මුලින්ම ගිහින් කිවුවේ තම මවට ඇය කිවුවේ පුතා මගේ ඇස් දෙකෙන් එය ආරම්භ කරන්න කියලා. එය හරියට බෝසතානන් වහන්සේට මාතුපෝෂක ජාතකයේ දී මාගෙන් නියත විවරණ ලැබීම වගේ

හඩ්සන් සිල්වා වෛද්‍යතුමන්ටත්, අක්ෂිදාන ව්‍යාපරයට නියත විවරණ ලැබුනේ මවගෙන් ඇත්ත වශයෙන්ම හඩ්සන් සිල්වා යනු යුගයේ පහළ වූ පාරමිතා පිරු බෝසත් චරිතයක්.

මේ වෙනුවෙන් කැපවීම නිසා එතුමාට ගැරහිලි කොන්කිරීම් තාඩන පීඩන අවසානයේ රැකියාවත් අහිමි කලා. අසීමිත මඩ ප්‍රහාර එතුමාට දරා ගන්න සිදු වුනා. නමුත් ඔහුගේ පිරිසිදු චේතනාව අවසානයේ දී සියල්ල යටපත් කර මහා ප්‍රවාහයක් ලෙස මුළු ලෝකය පූරා කීර්තිය පතුරවන්නට සමත් වුනා.

එතුමාට රැකියාව පවා අහිමි වූ මොහොතේ දී නොසැලී සිටිමින් මහා ධෛර්යක් ලබා දුන් අයිරාංගනී සිල්වා මැතිනිය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කල යුතුයි.

මා අසා තිබේන විදියට හැටේ දශකයේ මුල් භාගයේ දී ඔවුන් දෙපල විවාහ වන අවස්ථාවේ දී හඩ්සන් සිල්වා මැතිතුමා සිය සහකාරියගෙන් ඉල්ලා සිටියේ තම එකම ඉල්ලීම අක්ෂිදාන ව්‍යාපරයට සහය දෙන ලෙසය. ඇය ජීවිත කාලය පූරාම මහත් සතුටින් අක්ෂිදාන ව්‍යාපාරය ට මතාවක් වුනා වගේම එතුමාගේ අභාවයෙන් පසු එහි සභාපති ධූරය ඉසුලුවා.

විශේෂයෙන් සඩ්සන් සිල්වා මැතිතුමාට දුෂ්කර අවස්ථාවේ ඒ සදහා සහය දුන් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිදුන්, ඒ ටී.ආරියරත්න මැතිතුමා වැනි උතුම් නාමයන් කිහිපයක් අක්ෂදාන ව්‍යාපාරයේ ඉතිහාසය සමඟ ලියවී තිබෙනවා.

අද මා මෙහි එන විට විශාල ආත්ම තෘප්තියක් ලබන්නේ අක්ෂිදාන ව්‍යාපාරයට දායක වන මාගේ මවගේත්, පියාගේත් දෑස් දන් දීමට හැකි වූ පුතෙකු ලෙසයි.

ඒ ඔවුන් දෙපලට තිබූ සිහිණයක් අද ඒ දෑස් වලින් ලෝකය දකින්නේ මොන ජාතියට, ආගමට අයත් කෙනෙක් ද කියා අපි දන්නේ නැහැ

නමුත්, මගේ මව්පියන්ගේ දෑස් තවමත් ජීවමානව පවත්න්නේ යන පින්බර හැඟිම අපට තිබෙනවා. මගේ දෑසිනුත් එලෙසටම කවරකු හෝ ලෝකය දකිවී.

– චමින්ද ගමගේ

187 views

33 Comments to “මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි – කතානායක”

  1. n.s fasions kurunegala says:

    double acting

  2. Sara says:

    Great sir.!!! Either blue or green

Main News