මගේ රූපයට හානි කරන කුමන්ත‍්‍රණයක්.. මං නඩු දානවා..

October 18, 2017 at 8:40 am | lanka C news
මගේ රූපයට හානි කරන කුමන්ත‍්‍රණයක්.. මං නඩු දානවා..

තමන් සම්බන්දයෙන් හම්බන්තොටෙ දිස්ත‍්‍රික්කයේ ජනතාවට ඇති විශ්වාසය පළුදු කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට විරෝධතාවයේදී අත්අඩංගුවට පත් පිරිසට ඇප ලබා නොදෙන්නැයි තමන් කිසිදු ලිපියක් අධිකරණයට යොමු කර නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.

තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයට හානිවන කුමන්ත‍්‍රණයක්ද මේ සමග ක‍්‍රියාත්මක වන බවද ඇමතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් සන්ධාන මන්ත‍්‍රී කාංචන විජේසේකර කියා සිටියේ සන්ධාන මහ ලේකම්වරයා විසින් එවන් ලිපියක් එවා ඇදි බව කරුණු දැක්වූයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර විසින් බවයි.

76 views

6 Comments to “මගේ රූපයට හානි කරන කුමන්ත‍්‍රණයක්.. මං නඩු දානවා..”

  1. asaranaya says:

    බස් කොන්දෝ ‘නඩුව බලව’ පන්

  2. sasi says:

    කොන්දොසොතරලට මොන ප‍්‍රතිරූපද
    මු හමබන්තොට මහවැලි ඉඩම් නිකන් බෙදනවා හෝ ගහල ගංජා වවන්න ,

  3. පචෝරිස් says:

    ඔබතුමා ලෝක දේශපාලන අම්බරයේ අම්බරුවෙක් වගේ දිදුළන චරිතයක්. මහත්මා ගාන්ධි, මාවෝ සේතුං, පිදෙල් කැස්ත්‍රෝ, ලෙනින්, වින්ස්ටන් චර්චිල්, මාර්ෂල් ටිටෝ, නසාර්, ඒබ්‍රහම් ලින්කන් වැන්නවුන් මොක්කුද.

  4. KEPPA APPA SIRA says:

    This man was working against MR and Namal even during MR time. This fellow is cunning roughs who got lit of benegits from MR. Must punished when power chainge

  5. Nim says:

    Obata thiyana nambuwa rate janathawata
    nopenana mokada?
    Hasireema saha prakasana anuwa
    Apata nam peene aliyage passe allei
    Geewethaya gata gahagannawa wage.

  6. යුක්තිය says:

    තව වසර පහ,හයකින් පුද්ගලයෙකුගෙන් මහින්ද අමරවීර කවුද ඇසූවිට..අහලවත් නෑ ඒ මොනව කරන කවුද ඒ …?පෙරලා ප්‍රශ්න කරන්නේ නැත්දැයි බලන්න..මං අද කිව්ව හිතා ගන්න…!

Main News