මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර

January 22, 2021 at 3:28 am | lanka C news
මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර

සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී ය.

කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ යෙදී සිටි බව ආණ්ඩුකාරවරයා විසින් ම ප්‍රකාශ කලේය.

නමුත් එතෙක් එය දකුණෙ කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු දැන සිටියේ නැත.

තමන් ආශ‍්‍රිතයෙකු වූයේ කාගේ දැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේද නැත.

පසුගිය සති දෙකක පමණ කාලයේ දී තිබූ උත්සව සහ රැස්වීම් ගණනාවකට ආණ්ඩුකාරවරයා සහභාගී නොවූයේ නොවැලැක්විය හැකි හේතුවක් යැයි කියමිනි.

19,865 views

13 Comments to “මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර”

  1. බොච්චන් says:

    බහුතරය ගොන් ටෝක් විතරයි. ඔබ ආශුිතයෙක් කියලා බෝඩ් ගහල පොර ටෝක් දිල PHI යනවා. කඩේකටවත් යන්න බැහැ. ගමේ ගාුමයා සද්ද නැහැ. අපි කථා කලත් no answer. දවස් 14 හුලංද බොන්නේ. නිරෝධායනය වෙලා බලපල්ලකො. සැප කනේ.
    මේ පුසිද්ධ කැළණිය වරාගොඩ පාරේ තත්වය.

  2. බොච්චන් says:

    බහුතරය ගොන් ටෝක් විතරයි. ඔබ ආශුිතයෙක් කියලා බෝඩ් ගහල පොර ටෝක් දිල PHI යනවා. කඩේකටවත් යන්න බැහැ. ගමේ ගාුමයා සද්ද නැහැ. අපි කථා කලත් no answer. දවස් 14 හුලංද බොන්නේ. නිරෝධායනය වෙලා බලපල්ලකො. සැප කනේ.
    මේ පුසිද්ධ කැළණිය වරාගොඩ පාරේ තත්වයයි

Main News