මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර

January 22, 2021 at 3:28 am | lanka C news
මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර

සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී ය.

කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ යෙදී සිටි බව ආණ්ඩුකාරවරයා විසින් ම ප්‍රකාශ කලේය.

නමුත් එතෙක් එය දකුණෙ කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු දැන සිටියේ නැත.

තමන් ආශ‍්‍රිතයෙකු වූයේ කාගේ දැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේද නැත.

පසුගිය සති දෙකක පමණ කාලයේ දී තිබූ උත්සව සහ රැස්වීම් ගණනාවකට ආණ්ඩුකාරවරයා සහභාගී නොවූයේ නොවැලැක්විය හැකි හේතුවක් යැයි කියමිනි.

20,016 views

13 Comments to “මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ..- දකුණු පලාත් ආණ්ඩුකාර”

  1. සීයා පප්පා says:

    අයියෝ ! බඩවැල් ඇකිලිලා ඇති , ලුණු කැඳ උගුරක් වත් දෙන්න කෙනෙක් නැද්ද ළඟ පාතක . පව් අසරණයා .

  2. Aachariya says:

    Ane pawu duppatha, baladaareen meyata samurdhi sahanaarayath hadala dennama ona. Nathnam badaginne indala marila yaavi.

  3. අජානීය ඉස්කූටර් says:

    // නමුත් එතෙක් එය දකුණෙ කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු දැන සිටියේ නැත. // ඔහේ හිතන් ඉන්නේ ඒ මිනිස්සුන්ට දිවැස් තියෙනවා කියලද විලී ?

  4. Boo says:

    අනේ පවු දුප්පත් අසරණයා. බැරිද කාටහරි මේ අසරනයට බඩු මල්ලක් ගිහිං දෙන්න . කන්නවත් නැතුව ඇති, පවු.

    • Opa-dupa says:

      මේ වගේ ජනතාට විහිලු කරන අය ආණ්ඩුකාර තනතුර වගේ වැදගත් තනතුරු වලට පත් කරන්න එපා .

  5. Zeena says:

    Yapane campus eke sinhala lamainwa bodim walama nirodayanaya krla ynwa. Badu mallak tya watura podak wat na. Sathi 2 iwara welath eliyata yann na liyuma denna thawa sathiyak witara ynwa. Eliyata giyot policiyata kiyanawa. Uthure wena dewal dakune kawrut dn na

  6. ජනජය says:

    පව්කාරයො ..ඔය හොරා කාපු කෝටි ගණන් සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට මොනාහරි කරපිය මේ අමාරු කාලෙ…ඒ මිනිස්සුන්ගෙ බඩු මල්ලට කුරුමානම් අල්ලන් නැතිව ..!”

  7. කළු-තර says:

    මේ හිඟන්නව ආණ්ඩුකාරය කලේ කව්ද ?

  8. sajiya says:

    den ithin obatumage badu malla naedda? akata mokada une?

  9. On The Spot says:

    ඔබ වැන්නකු ආණ්ඩුකාරවරයෙකු ලෙස පත් කල අය කෙතරම් අදූරදර්ශීදැයි මනාව පැහැදිලි වේ. මහජනතාව වන අප විසින් ඔබට සෑම මසකම මුදල් මල්ලක් නොමසුරුව සපයන්නෙමු.එය කොතරම් බරද කියා දන්නේ අප පමණි.එසේ තිබියදීත් දුප්පතුන් වෙත ලබා දෙන බඩු මල්ල ඉල්ලන්නට තරම් ඔබ කෑදර වී ඇත​.ඔබ මනුෂ්‍ය වේශයෙන් ඉන්නා වෙනත් සත්වයෙක්දැයි අපට විටෙක සිතේ.ඔබේ තනතුරට ඔබම නිඟා කරන බව පෙනේ. විලි ලැජ්ජාවක් ඇත්නම් කරුණාකර ඔබේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැන්මට කටයුතු කරන්න​.

  10. ගමේ වෙදා says:

    ඔය තියෙන්නෙ බඩු මල්ල කිරිපල්ලෙ , අතගාල බලහං බං

Main News