මගේ පක්‍ෂයටත් ආණ්ඩුවට ආරාධනා කලා.. කල්පනා කරලා තීන්දුවක් ගන්නැයි මන්ත‍්‍රීවරුන්ට කීවා..- මනෝ

September 20, 2020 at 11:20 am | lanka C news
මගේ පක්‍ෂයටත් ආණ්ඩුවට ආරාධනා කලා.. කල්පනා කරලා තීන්දුවක් ගන්නැයි මන්ත‍්‍රීවරුන්ට කීවා..- මනෝ

දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ආණ්ඩුවට එක් වන්නැයි ආරාධනා ලැබී ඇති බවත් නමුත් නිවැරදි තීරණ ගන්නැයි තමන් ඔවුන්ට සන්ධාන නායකයා වශයෙන් උපදෙස් ලබාදුන් බවත් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ සාමාජිකයින්ට ආණ්ඩුවෙන් ලැබී ඇති ආරාධනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට පිිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය වශයෙන් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කරන බවට තීරණය කර තිබෙනවා’ එමගින් සිදු වන්නේ නැවතත් රට ආපස්සට රැුගෙන යාමයි’ රට නැවතත් අතීතයට ගෙන යනු ඇත’ ඇත්තෙන්ම මෙය රටේ අවාසනාවයි’

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සශෝධනය ඇත්තෙන්ම පසුගිය ආණ්ඩුව කාලයේදීම සකස් කළ සංශෝධනයක්ම නොවෙයි’ ඊට පෙර වසර දහයක කාලයේදි මේ රටේ ජනතාව” සිවිල් සංවිධාන ර්‍ණ දේශපාලන සාමාජය මහපාරේ දේශපාලන වේදිකා වල පාර්ලිමේනතුවේ තර්ක විතර්ක කර මාධ්‍ය වල අරගල කළ ජයග‍්‍රහණය කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශොධනයක්’ එයට ඉතිහාසයක් තිබෙනවා’ මේ රටේ ආණ්ඩු වලට ඕනෑ තරම් අවස්ථාවක් බලයට පත්වීමේ හැකියාව තිබෙනවා’ නමුත් රටේ ස්ථාවර රජයක් තිබෙනවා’ රටක් ඉතිරි විය යුතුයි’ අප කළේ රජය වෙනස් කිරීමයි’ අපි රජයට ඉදිරියට ගෙන එමක් සිදු කළා’ වත්මන් ආණ්ඩුව” රජය නැවතත් ආපස්සට ගෙන යාමට උත්සහා දරනවා’

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ අයෙක් සොයා ගැනීමට නොහැකිව තිබුණා’ නමුත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදි එය සකස් කිීරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන තිබෙනවා’

ආණ්ඩුවේ සුලූ දේශපාලන පක්ෂ මෙම සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය දක්වා තිබෙනවා ඔවුන්ට මේ අවස්ථාවේ අවශ්‍ය මෙම සංශෝධනය මගින් වාසි ලබා ගැනීමයි’ එම පක්ෂ වල විරෝධය අපගේ විරෝධයන් මෙන් සාධාරණ විරෝධයන් නොවෙයි 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වන්නේ්ය යන අවංක හැගීමෙන් ඔවුන් මේ විරෝධතාවය දක්වන්නේ නැහැ’ කෙසේ වෙතත් ආණ්ඩුව මේ සියලූ විරෝධතා හමුවේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සහා දරනව.

මෙම සංශෝධනයට මේතරම් විරෝධයක් එල්ලවිම ආණ්ඩුව ලැබු පළමු පරාජයයි ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බලයක් තිබෙනවා’ 69 ලක්ෂයක් ජනතාව ඡුන්දය දුන්නාය කියනවා’ රාජපක්ෂ පවුල ඉදිරි වසර දහයක විස්සක කාලයේදි ආණ්ඩු කරනවාය පැවසුවා රාජපක්ෂ පවුල රට ආණ්ඩු කරන පවුල බවට පත් වන්නේ යැයි පැවසුවා’

නමුත් මෙම සංශෝධනයට සිංහල බෞද්ධ පාර්ශවන්ගේම විරෝධය එල්ල වෙමින් තිබෙනවා’ මෙම සංශෙෘ්ධනය මගින් එකාධිපති ජනාධිපතිවරයෙක් බිහි වන අතරම රාජපක්ෂ පවුල බලයේ තබා ගැනීමට පමණක් මෙම සංශෝධනය ඉදිරිපත් කරන්නේ යැයි බිය ඔවුන්ට දැනී තිබෙනවා’

අපි සුලූ දේශපාලන පක්ෂයක්’ අපගේ පක්ෂය සුලූ ජන කොටස් නියෝජනය කරන පක්ෂයක් ලෙෂ හැදින්වීමට මම කැමැති නැහැ’ මේ රටේ තිබෙන්නේ ප‍්‍රධාන විශාල දේ්ශපාලන පක්ස හා සුලූ දේශපාලන පක්ස යන කාණ්ඩ දෙක පමණයි’

ආණ්ඩුවට එක් වන ලෙස ඉල්ලා අප සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂ වල සාමාජීකයින් සමග ආණ්ඩුවේ පාර්ශව සාකච්ඡුා පවත්වා තිබෙනවා’ අපගේ පක්ෂය පමණක් නොවෙයි ශී‍්‍ර ලංකා මුස්ලීම් කොංග‍්‍රසය ර්‍ණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය මෙවැනි දේශපාලන පක්ෂ සමගත් ආණ්ඩුව සාකච්ඡුා පවත්වා තිබෙනවා’ මෙය දේශපාලනයේ සාමන්‍ය සිදුවීමක්’ එහෙත් කවරෙකුක් මා සමග සාකච්ඡුා කළේ නැහැ’ මන්ද එය ඔවුන්ට ගැටලූවක් වන නිසා’

කෙසේ වෙතත් අප සන්ධානයේ පැහැදිලි ස්ථාවරය වන්නේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රතික්ෂේප කිරීමයි’ අප සන්ධානය සමගි ජනබලවේගයේත් සාමාජික පක්ෂයක්’ එබැවින් අපට සාමුහික වගකීමක් තිබෙනවා.

නමුත් ආණ්ඩුවේ සිටින ප‍්‍රබල අමාත්‍යවරයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදි මගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

ආණ්ඩුව අප පක්ෂ වල සාමාජීකයින්ව ආණ්ඩුවට ගැනීමට උත්සහායක නිරතව සිටින බවත් නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩුවට එන්න එපා යැයි පැවසුවා. මම එයට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ මම කෙසේවත් ආණ්ඩුවට පැමිණෙන්නේ නැති බවයි. එහිදි මම ඔහුගෙන් ප‍්‍රශ්න කළේ ආණ්ඩුව අමාත්‍යවරයෙක් මෙවැනි ප‍්‍රකාශයක් සිදු කරන්නේ ඇයිද යන්නයි. එයට ඔහු සිනාසුණා.

මම පැවසුවා ඔබ සිනාසීමට හේතුව මම දන්නා බවයි. ඇත්තෙන්ම කථානායකවරයා සමග ආණ්ඩුවට 150 ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සිටිනවා. ආ්ණඩුවට අප එක්වුවහොත් ඔවුන්ට තිබෙන සැලකිල්ල අඩු වෙනවා. ඒ හැර අප ආණ්ඩුවට එක්ව 20 වන සංශෝධනයට සම්මත කර ගැනීමට සහායදීම නිසා රටට හානියක් සිදුවේය යන යහපත් චේතනාවෙන් ඔබ මට ආන්ඩුවට එක් නොවන මෙන් ඉල්ලා සිටියේ නැහැනේදැයි පෙරළා මම අදාළ අමාත්‍යවරයෙගෙන ප‍්‍රශ්න කළා. ඔහු හැරිල ගියා.

රටේ දේශපාලන මෙන්ම දේශපාලන පක්ෂත් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. වෙනස් විය යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කර ආණ්ඩුව බලය පවා ලබාගෙන තිබෙනවා. එක්සත ජාතික පක්ෂය අවසන්ව සමගි ජනබලවේගය නිර්මාණය වෙලා තිබෙනවා. වෙනස එපමණයි. එහි වෙනත් දෙයක් නැහැ. අවම වශයෙන් එකස්ත් ජාතික පක්ෂයට ලැබී තිබෙන එකම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය පිළිබදවත් තීරණයක් ගැනීමට නොහැකිව තිබෙනවා. එසේ නම් නව නායකත්වයට, නව වෙනසකට නව ප‍්‍රතිපත්තීන් වලට ඉඩ නොදි රනිල් වික‍්‍රමසිංහ මහතා කොපමණ හිතුවක්කාරීව කටයුතු කරන්න ඇද්දැයි සිතා ගැනීමේ හැකියාව ජනතාවට තිබෙනවා. ඔහුගේ කි‍්‍රයාකාරකම් අප උපරිම අවස්ථාව වනතෙක් ඉවසනු ලැබුවා. නමුත් ඔහු පක්ෂයත් පක්ෂයේ නියෝජීතයින් මෙන්ම තමන්වත් විනාශයට රැුගෙන ගියා. එබැවින් රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කරන්න මම කැමැති නැහැ. එම කරුණු ඔවුන්ගේ පක්ෂය තුළ සාකච්ඡුා කළ යුතු දේවල්. ඔවුන් අපට සම්බන්ධ නොවුණත් අපට ගැටලූවක් නැහැ.

අප පක්ෂ වලින් කවරෙකු හෝ ආණ්ඩුවට එක වන්නේ නම් ඔවුන් එක් වන්නේ තමන්ගේ පුර්ණ කැමැත්තෙන් . නොදැනුවත්කමෙන් නම් නොවෙයි. ඔවුන් ජනතාගේ ඡුන්දය ලබාගෙන පැමිණි මහජන නියෝජීතයින් නිසා ඔවුන්ට දැනුමක් නැහැ කියන්න බැහැ. ඔවුන් බබාලා නෙවෙයි.

විපක්ෂයේ සිටීමෙන් ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න බැහැ යැයි කියන ප‍්‍රකාශය මට පිළි ගන්න බැහැ. පළමුව තමන්ගේ අවංක බව ,නීරභිත බව ,දුරදර්ශි බව ,ඉවසීම,විශ්වාසය මෙයය ජනතාව වෙනුවෙන් ලබාදෙන පළමු පොරොන්දු.මම වසර 20 ක කාලයක් දේශපාලනයේ ඉන්නවා. නමුත් කවරෙකුටවත් මාව විනාශ කිරීමට නොහැකි වුණා. මාව විනාශ කරන්න උත්සහා කළ පිරිස් විනාශ වී ගියා. මම ජනතාවගේ හිත් දිනා ගෙන තිබෙනවා. එකිනෙකාට තනිව තීරණ ගැනීමේ නිදහස තිබෙනවා. නමුත් නිවැරදි තීරණය ගන්නැයි කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. නායකයා වශයෙන් මම ඔවුන්ට මග පෙන්වීමක් සිදු කරනවා. එපමණයි. 2018 දේශපාලන කුමන්ත‍්‍රණයේදි අප හා සිටින එකම සුලූ දේශපාලන පක්ෂයක් එම ව්‍යාජ ආණ්ඩුවට එක් වුණේ නැහැ. මට කෝටි ගණන් දෙන්නම් කීවා. නමුත් මම ගියේ නැහැ.

නමුත් එවක ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයා වු විමල් විරවංශ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ එවක ආණ්ඩුවට එකතු වුණා. වත්මන් ආණ්ඩුවේ මුල් පෙළේ වුවත් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් එම පක්ෂ වලට ගිය පුද්ගලයින්. එබැවින් සුලූ දේශපාලන පක්ෂ පමණක් ආණ්ඩු වලට පනිනවා යැයි මාධ්‍ය කරනු ලබන චෝදනා මම ප‍්‍රතික්ෂේප කරනවා.

– midea unit

14,237 views

2 Comments to “මගේ පක්‍ෂයටත් ආණ්ඩුවට ආරාධනා කලා.. කල්පනා කරලා තීන්දුවක් ගන්නැයි මන්ත‍්‍රීවරුන්ට කීවා..- මනෝ”

  1. sunimal says:

    රනිල්ට කඩේගිය අය නොගනු.

  2. Sarath Bulathsinghala says:

    මේකා විසකුරු සර්පයෙක්. සිංහල විරෝධීයෙක්, බෞද්ධ විරෝධීයෙක්! ඇතුලට දාගෙන කනෝ කනෝ කියල කියන්න නම් එපා!

Main News