මගේ පඩිය 95,000යි.. මට වගේ හතර ගුණයක් පඩි මන්ත‍්‍රීවරුන් ගන්නවා.. තව එක සතපහක් පඩි වැඩි කරන්න දෙන්නෙ නෑ..- ජනපතිගෙන් දැඩි ප‍්‍රකාශයක් [Video]

August 5, 2018 at 12:01 am | lanka C news
මගේ පඩිය 95,000යි.. මට වගේ හතර ගුණයක් පඩි මන්ත‍්‍රීවරුන් ගන්නවා.. තව එක සතපහක් පඩි වැඩි කරන්න දෙන්නෙ නෑ..- ජනපතිගෙන් දැඩි ප‍්‍රකාශයක් [Video]

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප සත පහක් වැඩි කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම තීන්දුව කොතැනකදී ගත්තද එය සම්මත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ආ යුතු බවත් එය සම්මත වීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඒ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා ලෙස තමන්ගේ වැටුපද රුපියල් 95,000ක් පමණක් බවත් දීමනා කිසිවක් නොලැබෙන බවත් ඔහු පැවසීය.

තමන් ලබා ගන්නා වැටුප මෙන් හතර ගුණයක් පමණ අදටද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලබා ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

පොලොන්නරුව නව වෙලද සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම සදහා පැවති උත්සව සබාව අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

84 views
Main News