‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..

October 31, 2017 at 11:20 am | lanka C news
‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..

“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා UNP එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ අසුන් ගත්තේ ය.

ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.

ඔහු පවසන පරිදි 88/89 භීෂණ යුගයේ එදා ආණ්ඩුවේ අනුග්‍රහය මත පවත්වාගෙන ගිය බටලන්දය වධකාගාරය බියගම ආසනයේ පිහිටුවා තිබු අතර එදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවධියේ බියගම ආසනයේ එජාප සංවිධායක මෙන්ම මන්ත්‍රීවරයා ද විය. සංචාරක බංගලාවක් ඒ වනවිට එම ආණ්ඩුවේ වධකාගාරය පිහිටි බටලන්ද නිවාස සංකීර්ණයට අයත් භුමියේ තිබුනි.

එමෙන්ම ජවිපෙ හිටපු ප්‍රධාන නීති උපදේශකයකු වු විජේදාස ලියනආරච්චි ඇතුළු විශාල තරුණ තරුණියන් මෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවු තම දේශපාලන එදිරිවාදින් ද මෙම වදකාගාරවල හිංසාවට ලක් කොට ඝාතනය කල අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතාගේ පියා ද බියගම ආසනයේ සිටි උග්‍ර එක්සත් ජාතික පක්ෂ විරෝධී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අනුගාමිකයෙකු මෙන්ම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකි.

192 views

26 Comments to “‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..”

  1. Priyadarshani says:

    WARENKO CHANDE ILLANNA. API BIYAGAMA

  2. Ab says:

    Shame on you !!!!!!!!!!!!!!!! So u think now u have fulfilled his legacy.

  3. Open mind says:

    ඉඹල පිළිගන්න අන්න කට්ටිය බලා සිටිනවා. ඉක්මනින් කරන දෙයක්.

  4. DM says:

    කණෙන් ඇදල එළියට දැම්මම තමයි තාත්තව මතක් වෙලා තියෙන්නේ.

  5. mahinda says:

    thathagen wadala samawa ganna uba elawankanma hitiyada harako? ane uba wage puthek hadapu thatha kagenda samawa ganne

  6. Ravi says:

    මුගේ තාත්ත මරපු එකනම් හරිම අපරාධයක්.මුව හදන්ඩ ඉස්සරල මරුවනම් එකේ සැර බාලවෙනවා.මොනවහරි කට්ටක් ලෙවකන්න හම්බවෙනවනම් තාත්තා මරපු එවුන්ට අම්ම වුනත් දෙයි.

  7. Rohitha says:

    kamak nae, kamak nae. Better late than never! ratata kelawena eka kohomahari nawaththagena owwa gaena kathakaramu.

  8. Kolitha says:

    Thaththa mathak une mangala hari akila hari sarata mokuth dunnada pahugiya dawaswala.

  9. David Milli-Banda says:

    Rats one by one are desrting the sinking ship ??????????????

  10. ලිප් විජේ says:

    අස් කරනකංම නොගිහින් විලි ලජ්ජා නැතිව ජඩ පාලනයේ එල්ලිලා ඉඳපු මේ වගේ දෙපිටකාට්ටු දුක පුන්න උන්ට හොද පාඩමක්. මහින්ද මහත්තය මූන් අහලකටවත් ගන්න එපා.

Main News