‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..

October 31, 2017 at 11:20 am | lanka C news
‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..

“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා UNP එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ අසුන් ගත්තේ ය.

ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.

ඔහු පවසන පරිදි 88/89 භීෂණ යුගයේ එදා ආණ්ඩුවේ අනුග්‍රහය මත පවත්වාගෙන ගිය බටලන්දය වධකාගාරය බියගම ආසනයේ පිහිටුවා තිබු අතර එදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවධියේ බියගම ආසනයේ එජාප සංවිධායක මෙන්ම මන්ත්‍රීවරයා ද විය. සංචාරක බංගලාවක් ඒ වනවිට එම ආණ්ඩුවේ වධකාගාරය පිහිටි බටලන්ද නිවාස සංකීර්ණයට අයත් භුමියේ තිබුනි.

එමෙන්ම ජවිපෙ හිටපු ප්‍රධාන නීති උපදේශකයකු වු විජේදාස ලියනආරච්චි ඇතුළු විශාල තරුණ තරුණියන් මෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවු තම දේශපාලන එදිරිවාදින් ද මෙම වදකාගාරවල හිංසාවට ලක් කොට ඝාතනය කල අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතාගේ පියා ද බියගම ආසනයේ සිටි උග්‍ර එක්සත් ජාතික පක්ෂ විරෝධී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අනුගාමිකයෙකු මෙන්ම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකි.

192 views

26 Comments to “‘මගේ පියා එදා මැරුවේ බටලන්ද වධකාගාරයේදියි.. මං පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා එජාපයත් එකත් ආණ්ඩු කලාට’..- කියමින් නියෝජ්‍ය ඇමති විපක්‍ෂයට එක්වේ..”

  1. Thusara says:

    මුගේ තාත්තා මැරුවේ ගේ ඉස්සරහ වත්තේ, බටලන්දේ නෙමේ. මුන් ඒකාලේ කොළඹට වෙලා හැංගිලා හිටියේ . පස්සේ ඇවිත් තාත්ත විකුණලා පාර්ලිමේන්තු ගියා , ආයිත් යන්ඩ හිතන්ඩ එපා , උඹට හා උඹේ බේබදු මල්ලිට ආයේ දොම්පේ දේශපාලනේ වානා .

    දැන් ඉතින් ඔය අවුරුදු දෙක ඔහොම ඉඳලා , pension එක අරන් ගෙදර හිටපන් , ඕනෑ නම් අර වතුපිටිවල දොස්තර නෝනා එක්ක පලයන් , උඹව විනාශ කලේ උඹේ ලේකම් සමීර කියන එකා , ඌ උඹේ ගෑනිගේ නම විකුණලා පගාව ගත්තා , උඹලත් කොටසක් ලැබුනා ඒක නිසා උඹ ඒවා නොදන්නා තාලෙට හිටියා. කමක් නෑ , දොම්පේ නැවත UNP ආසනයක් වුණා.

    උඹලගේ තාත්තගේ මයිලක්වත් උඹවත් රවී වත් වටින්නේ නැ බං

  2. Nilma says:

    This guy is the worst politician. Now he is waiting to get the approval from the next party. Mahinda Rajapaksha is losing because of this types of dumbs. Mahinda praised Mervin, Raththaran, Aluthgamage – they are kamba horu. Don’t take this guy to your party, Mahinda. You will lose again. All the comments here are very valuable to understand what type of person is he. Some comments are hilarious but they are matching very well to this guy’s character.

  3. FREE says:

    තාත්තගෙන් සමාව ගත්තට කමක් නැහැ, බටලන්දය එක්ක දීග කෑවට උඹ ජාතියෙන් සමාව ගනින්..තේරුණාද​????

  4. SB says:

    ඒක උඹට දැන්ද පෙනුනේ?.. අර අහිංසක ‘කම්බිකොටුවේ’ රාලහාමිට දස වද දීලා මරලා දාලා තිබුනු හැටි අපිට තාමත් මතකයි. ඒ වගේ තාත්තල කීප දෙනෙක්ම ඒ දවස් වල ප්ලෑන් කරල මරල දැම්මා. එ ඇත්තන්ගේ …පුතාලා ඔක්කෝම ඒවා කරවපු එකාගේ වල්ලේ එල්ලිලා ඇමති පට්ටම් අරං ඇට ලෙව කකා ඉන්නවා…

Main News