මගේ පියා රටම සුවපත් කලා.. රටේම ජනතා ආශිර්වාදයෙන් ඔහු සුවපත් වෙයි..- චතුර
December 29, 2019 at 3:22 am | lanka C news
රටම සුවපත් කල තම පියා රාජිත සේනාරත්න ජනතා ආශිර්වාදයෙන් සුවපත් වනු ඇති බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා තවදුරටත් වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවද ඔහු සඳහන් කළේය.
තම පියාගේ සුවදුක් බැලීම සඳහා ලංකා පුද්ගලික රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අනුමත නොකළ ඖෂධ රැසක් ආනයනය කර එහි ලේබල් වෙනස් කර නවතම ඖෂධ ලෙස රජයේ රෝහල් වෙත නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගී ජනතාවට අසාධාරණයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.
මෙම ඖෂධ අතර කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ද ඇතැයි සඳහන් කළ ඒ මහතා මෙම ජාවාරම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින්ට පැමිණිලි 11 ක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවට දැනගන්නට නැතැයිද හෙතෙම පැවසීය.
මෙම ඖෂධ ජාවාරමෙන් සිදුව ඇති පාඩුව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා දරුණු යැයි ද කීවේය.
ඔව් අනේ මාත් පොල්ගෙඩියක් ගත්තා ආශීර්වාද කරන්න . ලඟක හිටියනං ඔළුවෙම ගහන්න තිබ්බ ආශීර්වාදෙ ඔක්කොම ලැබෙන්න .