මගේ පුංචි කාලෙදි අම්ම තාත්තා නැති වුණා.. බලා ගන්න කෙනෙක් නැති වුණා… අද මං ඉන්න තැනට එන්න ඕනම කෙනෙකුට පුළුවන්.. දයා ගමගේ

October 30, 2016 at 5:30 pm | lanka C news
මගේ පුංචි කාලෙදි අම්ම තාත්තා නැති වුණා.. බලා ගන්න කෙනෙක් නැති වුණා… අද මං ඉන්න තැනට එන්න ඕනම කෙනෙකුට පුළුවන්.. දයා ගමගේ

අනාගත ලෝකය ජය ගැනීම සදහා ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය විෂයන් හොදින් ඉගෙනීම වඩාත් වැදගත් අවශ්‍යතාවක් බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

දයා ගමගේ මහතා මේ බව කියා සිටියේ අද (30) අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ පැවති දයා සරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කළ අම්පාර දිස්ත්‍රික් අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,

“අද මම ඉන්න තැනට එන්න ඕනම කෙනෙකුට පුළුවන්. මගේ පුංචි කාලෙදි අම්මා තාත්තා නැති වුණා, බලා ගන්න කෙනෙක් නැති වුණා. නමුත්, අද ඔයාලගේ ඇස් දෙකේ වගේ අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. ඔයාලා බලාගන්න අය ඉන්නවා.

ඉගෙනීම කියන එක අත්‍යාවශ්‍යයි. අපේ කාලේ ඉගෙනීම කියන එක අවශ්‍යයි. ඒත් අත්‍යාවශ්‍ය නෑ. නමුත්, දැන් ඉගෙනීම කියන එක අත්‍යාවශ්‍යයි. ඔයාලගේ ජීවිතේ පළවෙනි කඩඉම තමයි සාමාන්‍යපෙළ කියලා කියන්නේ. මේකෙන් පණින්න තමයි අපි මේකට උදව් කරන්නේ. අපි දයාසරණ පදනමෙන් අවුරුදු 15ක් විතර අඛණ්ඩව මේ සම්මන්ත්‍රණ කරනවා.

අපි දැක්කා, මේ සම්මන්ත්‍රණ නිසා අම්පාර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 20%කින් විතර වැඩි වුණා. අපිට පුළුවන් වුණා අම්පාර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල වලට ප්‍රවේශවන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න.“

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ අනාගත ලෝකය ජයගැනීම සදහා ලබා ගත යුතු අනිවාර්ය දැනුම සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කළේය.

මම විශේෂයෙන්ම ඔයාලට කියනවා ගණිතය හා ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕනි. ඊළගට අයි.ටී. කම්පියුටර් තාක්ෂණය හැමෝම දැනගන්න ඕනි.

– භාරත තෙන්නකෝන්

20 views

11 Comments to “මගේ පුංචි කාලෙදි අම්ම තාත්තා නැති වුණා.. බලා ගන්න කෙනෙක් නැති වුණා… අද මං ඉන්න තැනට එන්න ඕනම කෙනෙකුට පුළුවන්.. දයා ගමගේ”

  1. viki says:

    Weldone Daya,

    Appreciate,,, Do good things.

  2. Kolitha says:

    Kathawa nan maru….dadiya..mahansoyen dukwidalame oya hambukorala thiyenne…api nodanna chess…!

  3. fashala says:

    හොරා කන එක තමා , ඔහේ කරනවා වාගේ

  4. Tomiyaa says:

    ඉන්න ඕන දෙන්න නැතිවෙලා-නැතිවෙන්න ඕන එකා ඉතුරුවෙලා
    අනෙක ඒදෙමව්පියො දෙන්න අද හිටියෙ නම් වහ බීල මැරෙනව
    මිනිස්සු කියන ඒව අහල…

  5. UNP BATH GOTTA says:

    After O/L you must come to work in my Garment factories.

  6. සිසිර says:

    අපරාද කරලා මුදල් හොයන ගමන් පොඩි එවුන්ටත් එතෙන්ට එන්න කියනවා

  7. UNP Gona says:

    but by now he has 2 helicopters… where the hell that money came from???? he was just running a tea room in Ampara in late 80s..

    • Nimalka says:

      උඹ නම් ගොනෙක්ම තමා.නොදන්නා මගුල් ගැන කමෙන්ට් නොදැ ඉඳපන් බන්. දයාට තිබුනේ තේ කඩයක් නෙවෙය්, දිලිශීය (Delicia ) සමූහ ව්‍යාපාර කියල shops පේලියක්. එකට හෝටලයක් සහ බේකරියක් , රෙදි කඩයක් සහ තොග වෙළඳම් කඩයක් තිබුන. දයා ගේ අම්ම තාත්ත පොඩි කාලේ මැරුණට උන් යමක් කමක් තිවුණු එවුන්. එක්කෝ අම්පාරේ හිටපු එකෙක්ගෙන් අහපන් නැත්නම් 1975 ආනන්දෙන් OL කරපු එකෙක්ගෙන් අහපන්. ඔය ජෝඩුවම හොඳට plan කරලා වැඩ කරන ආදර්ශෙට ගන්න පුළුවන් උන් . ඒ වගේ එවුන් තමා අපේ රටට ඕනේ. මේක ඇඩ්මින් ගොය්ය දාවිද දන්නේ නෑ

  8. Praveen says:

    E kiyana vidihata oya wage hema podi duppath minihekuma kukul kotu patangaththaama ewa balanna ena ketha kotipathi Vet surgeonslage paramparika kulu salli boodal walin goda yanna puluwan kiyana ekada?

  9. UNP Gona says:

    Who is this “nayata kahina” Nimalka? Is she Nimalka Fernando???
    So, according to Nimalka Daya earned billions of money with that so called bakery and textile shop in Ampara Never with that money earned from Sevanagala arrack factory.
    Find out records and see how they bought this government owned property and during which time it happened.

Main News