මගේ පුතා පෝට් සිටි සමාගමේ වැඩ කරන බව ඇත්ත.. මට හා මගේ පවුලට විශාල ලෙස මඩ ගහනවා..

May 25, 2021 at 3:00 pm | lanka C news
මගේ පුතා පෝට් සිටි සමාගමේ වැඩ කරන බව ඇත්ත.. මට හා මගේ පවුලට විශාල ලෙස මඩ ගහනවා..

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද විශේෂ ප්‍රකාශයක් මෙහි දක්වෙයි.

මෑතක සිට, මට සහ මගේ පවුලේ අයට එරෙහිව යම් කණ්ඩායමක් සංවිධානාත්මකව විශාල මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනේ. මගේ පුතා වන චතුර කබ්රාල් සේවය කරන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන සමාගමේ බවත්, එම නිසා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට මම සහාය දුන් බවත් හුවා දැක්වීමට එම කණ්ඩායම උත්සහ කරන බවද දක්නට තිබේ.

35 හැවිරිදි චතුර 2010 වසරේදී එක්සත් ජනපද විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු 2016 වර්ෂයේ සිට මෙම සමාගමෙහි සේවය කර ඇත. 2016 වර්ෂයේදී, කිසිදු දේශපාලන හෝ පෞද්ගලික බලපෑමකින් තොරව ඔහු ස්වශක්තියෙන්ම මෙම රැකියාව ලබා ගත් බව අප විපක්ෂයේ සිටි බැවින්ම තහවුරු වනු ඇත.

මෙම චෝදනාවට සමානව, මීට පෙරද මගේ දරුවන් ගුවන්තොටුපලේ නිලධාරීන්ට බැණ වැදුණු බවත්, අධිවේගී මාර්ගවල වැරදි ලෙස හැසිරුණු බවත්, රණ්ඩු දබර කළ බවත් කියමින් මගේ දරුවන්ට එරෙහිව මුළුමනින්ම අසත්‍ය හා අභූත චෝදනාවන් එල්ල කර තිබුණි. නමුත් ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍ය චෝදනා බව පසුව ඔප්පු විය. එමනිසා, එවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරනු ලබන්නේ මා සහ මාගේ පවුලේ අය අපකීර්තියට පත්කිරීමට මෙන්ම මා රාජකාරි ඉටු කිරීමේදී මාගේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, මා අධෛර්යමත් කිරීමටත් වූ විශාල සැලැස්මක කොටසක් ලෙස බව පැහැදිලිය.

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති අතර යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදු කිරීම ඇතැම් පුද්ගලයින්ට අනූව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවකි. එසේ වුවද, දෙමාපියෙකු ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු/ඇය ලබාගෙන ඇති රැකියාවක නිරත වීමට වැඩිහිටි පුතෙකුට හෝ දියණියට එය නුසුදුසුකමක් නොවිය යුතු බව ඕනෑම නිවැරදි චින්තනයක් ඇති පුද්ගලයෙක් එකඟ වනු ඇත.

අවසාන වශයෙන්, මෙම මඩ ගැසීමේ ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් ඔවුන්ගේ දේශපාලන බංකොලොත් භාවය විදහා දක්වන බවත්, එබැවින් මට ඔවුන් ගැන ඇත්තේ කණගාටුවක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

– Amila Rajapaksha

37,907 views

18 Comments to “මගේ පුතා පෝට් සිටි සමාගමේ වැඩ කරන බව ඇත්ත.. මට හා මගේ පවුලට විශාල ලෙස මඩ ගහනවා..”

  1. TNA says:

    Who is responsible for Geek bond, BC scam etc.. These allegations are mud slinging ?

  2. සහයෝගය දැක්විම සියළු සබුද්ධික ඡනතාවගේ පරම වගකිමකි..! says:

    ඔබතුමා නොසැලී නිර්භයව සෟඡුව සිටින්න.. නිවැරදි තින්දු තීරණ අකුරට ක්‍රියාත්මක කරවන්න..
    රට වැසිමට කටයුතු නොකරන්න.
    දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශණයන්ට සවයං අවභොධයෙන් ඡනතාව සහයෝගය දැක්විය යතුවන අතර
    රට ඉදිරියට ගෙනයාමට රාඡ්‍ය නායකයාට සහයෝගය දැක්විම සහ ඉතාම තීරණාත්මක මොහොතේ ඹබතුමාගේ නිවැරදි මුදල් කළමණාකරණයට සහයෝගය දැක්විම සියළු සබුද්ධික ඡනතාවගේ පරම වගකිමකි..!

  3. sirasa says:

    they cannot bear or born children due inactive sperm or eggs are jealous of you – sirasa

  4. china maina says:

    Aee bola kabralayo ube paulet mara ahabu siddi tyenne.uba central bank governer weddi nangi perpetual treasury eke director kenek.uba perpertual ekath ekka bond walin game gahuwa……den uba pin amathi ube putha port citiye….thgopi katta kala cheenata kolaniyak hadanna dunna….kawara nam ashcharyakda? pinwathuni……………….saadu kiyanna……….

  5. Ammata discey discadey says:

    You are biggest scum bag.insider trader. Bull shit artist.🤮🤮🤮🤮🤮🤑🤑😡😡😡😡😡

  6. වහාම ක්‍රීයාත්මකවන පරිදි ලෝකයේ පලමුව මුඛ ආවරණ ලේන්සුව ලංකාවෙන් නිපදවන්න..! says:

    දයාසිරි..!
    කෂණිකව ක්‍රීයාත්මක වන්න..!

    වහාම ක්‍රියාත්මකවනපරිදි මුව ආවරණය සදහා සෝදා භාවිතාකළහැකි සවාභාවික අමුද්‍රව්‍ය භාවිතාකරමින් ලේන්සු නිශ්පාදනයට ක්‍රියාකරන්න..!
    දීලීර ආසාදනය වීම නිසා මුඛ ආවරණ භාවිතයෙන් ඉවත්කිරිමට ලගදීම සිදුවනවා ඇත..!
    කෂණිකව ක්‍රීයාත්මක වන්න..!
    ”දොස් තර” මාෆියාවේ බලපෑමට යටවී සැලසුම් විණාශකර නොගන්න..!
    වහාම ක්‍රීයාත්මකවන පරිදි ලෝකයේ පලමුව මුඛ ආවරණ ලේන්සුව ලංකාවෙන් නිපදවන්න..!

  7. නානාවිධ කුමන්ත්‍රණ ශ්‍රී ලංකාව ඉලක්කගත ප්‍රහාර සංවිධානාත්මකව.! says:

    කඩාකප්පල්කාරී ආයෝඡකයන් පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කළයුතුයි..!

    ”ඉන්දියාව තුළසිට දරැණු ශ්‍රීලංකා විරෝධී කුමන්ත්‍රණ..!” ”ඉන්දියානු රඡයේ සහයෝගය සහිතව” බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් ”ඡාපනුවන්” සහ අසල්වැසි ”ඔිස්ටේලියානුවන්”ගේද සහයොගය සහිතව ”නිරන්තර ” නානාවිධ කුමන්ත්‍රණ ශ්‍රී ලංකාව ඉලක්කගත ප්‍රහාර, සංවිධානාත්මකව ඉතා දැඩිව ක්‍රියාත්මක කරමින් සිටි..! ” ”ඡාතිකආරකෂාවට අනුකූළව ”ශ්‍රීලාංකීය පරිසරයේ ආරකෂාව” සහ ප්‍රධාණ වශයෙන් ”සමුද්‍ර ආරකෂාව සහ ගුවන් කළාපයේ ආරකෂාව” වරායන් සහ ගුවන්තොටුපළ ආරකෂාව සුවිශේෂ කොට සලකා ඵ්සදහාම වූ ”සූකෂම ක්‍රියාන්විතයන්” ”නිරන්තර උත්තේඡනයට ලක්කරමින්” නව තළයකට වහාම රැගෙන යා යුතුයි..! කඩාකප්පල්කාරී ආයෝඡකයන් පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කළයුතුයි..!

Main News