මගේ පුතා හෝ දුව දේශපාලනයට ගේන්නේ නැහැ..- චන්ද්‍රිකා

September 30, 2017 at 5:30 pm | lanka C news
මගේ පුතා හෝ දුව දේශපාලනයට ගේන්නේ නැහැ..- චන්ද්‍රිකා

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය බිස්‌නස්‌ එකක්‌. තමන්ට පසුව දරුවන් නෑදැයන් දමාගෙන දේශපාලනය පරම්පරාවට ගෙන යන්නට උත්සාහ කරනවා යෑයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය මහනුවර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සව අවස්‌ථාවකට සහභාගි වෙමින් පැවසුවාය.

ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් ඔප්පු ප්‍රදානය සංවිධානය කර තිබිණි. මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී උත්සවය පැවැත්විණි.

පරම්පරාවට යන දේශපාලනයක්‌ කිරීමට තමා සූදානම් නැති බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

දැන් මගේ පුතා දේශපාලනයට එනවා කියා ප්‍රචාරයක්‌ යනවා. නමුත් මගේ පුතා, දුව දේශපාලනයට ඉදිරිපත් කිරීමට මගේ සූදානමක්‌ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මගේ දෙමාපියන් දේශපාලනය කරන්නට කියා අපට කිව්වේ නැහැ. දෙමාපියන් උත්සාහ කළේ අපට උගන්වන්නට යෑයි කුමාරතුංග මහත්මිය පැවසුවාය.

කීර්තිමත් ඉඩම් ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාගේ 34 වැනි ගුණ සමරුව වෙනුවෙන් දේශනය පවත්වමින් දේශපාලනයට ඉදිරිපත් වෙනවානම් හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාගේ දේශපාලන ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බව ද චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාගේ අවංක දේශපාලන චරිතය ආදර්ශයක්‌ මෙන්ම රටට ගෞරවයක්‌ වේ යෑයි කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ආදර්ශවත් ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු වූ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා සමඟ ඉතා ආසන්නව තමාත් තම ස්‌වාමිපුරුෂයාත් දේශපාලනය කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය 1977 මැතිවරණයෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය පරාජයට පත්වීමෙන් පසුව බලයට පත් වූ රජය බොරු චෝදනා මත හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා රහස්‌ පොලිසියට 37 වරක්‌ කැඳවූ බව කුමාරතුංග මහත්මිය පැවසුවාය.

එයින් ඇති වූ සිත් වේදනාවෙන් රෝගීව හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ජීවිතයෙන් සමුගත් බවද ඕ පැවසුවාය.

එදත් දේශපාලන පළිගැනීම් සිදුÊවූ බව ඕ පැවසුවාය.

‘තවදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය. අවංක දේශපාලනඥයන්ට එකලත් හොරු කියා චෝදනා කළා. ටී. බී. ඉලංගරත්න මහතාට හොරා කියා චෝදනා කළා. නමුත් ඔහු ඉතා සරල ජීවිතයක්‌ ගත කළ දේශපාලනඥයෙක්‌. දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසුව ඉලංගරත්න මහතා ජීවත් වූ ආකාරය දුටු කෙනෙකු ඔහු හොරකු බව පවසන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේත්, අවංක දේශපාලනඥයන් සිටියා. එම්. ඩී. එච්. ජයවර්ධන, සේනානායකලා, එවැනි අවංක දේශපාලනඥයන් අතර සිටියා.

1977 න් පසුව ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් වූ රජය රටේ දේශපාලන ගමන වෙනස්‌ කළා. විවෘත ආර්ථිකය ඡේ. ආර්. ජයවර්ධන මහතා හිටපු ගමන් ඩෝං ගලා ගෙනාවා. ඉන් පසුව රටේ පැවැති සිරිත් විරිත් සාරධර්ම දෙදරලා ගොස්‌ මුදල් සමාජය වෙලා ගත්තා’

– Divaina

332 views
Main News