මගේ ප්‍රජා අයිතිය නැති කරන තියරියටම මෛත්රිගේත් ප්‍රජා අයිතිය අහෝසියි..- සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි… [Video]
February 5, 2018 at 11:10 pm | lanka C news![මගේ ප්‍රජා අයිතිය නැති කරන තියරියටම මෛත්රිගේත් ප්‍රජා අයිතිය අහෝසියි..- සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/02/mahinda.jpg)
තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති චෝදනාව අනුවම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතියද අහෝසි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන්ගේ ප්‍රජා අයාතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයෙක් පත් කිරීම හරහා වංචාවට අනුබල දුනනේ යයි කියමින් බවද කී රාජපක්ෂ මහතා එලෙසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් මහ බැංකු බැදුම්කර වංචාවට අනුබල දීමක් සේ එය සැලකිය හැකි නිසා වත්මන් ජනාධිපතිවරයාගේද ප්‍රජා අයිතිය අහෝසි විය යුතු බවද සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර තිරප්පනේදී පැවති ජනරැුළියක් අමතමිනි.
අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවන් වේ. වර්තමානයේ සිංගපූරුවේ පුරවැසිභාවය ලැබුවද ලාංකිකයෙකි. ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරිය. ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ. මහබැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කරනු ලැබේ. දැන් අනිවාර්යෙන්ම සැබෑ පරීක්ෂණයක් සිදුවන්නේ නම් මහ බැංකු අධිපති පත්කළ පුද්ගලයන්ගෙන් ප්‍රකශ සටහන් ගැනීම නිත්‍යානුකූලව සිදුවියයුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඒ සඳහා අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බලයක් ඇත.
අර හැකර කට වැහෙන්න ඔන්න ඔහොම තමයි කතා කරන්න ඔ්න. අැත්තම හොරැ රටම හොරාකාල ගොං කමට අතටම අහුවෙලා දැන් එනව එ්ව යටහන්න.හැංගෙන්න.එ්කටත් හාෙයන්නෙ මහින්දගෙ රෙද්ද තමයි.
Well said, Mr. Rajapakse! You’re the best. Sir, u r the one and only one we need to be the Prime Minister. javeya. weewa
Well said. Mr. Rajapaksha
Sirisenai Ranilai kaloth karanne Walige giniganna wada.