මගේ යටතේ පොලීසිය තිබුණානම් ඉක්මනටම වැඩ වෙනවා.. ජනාධිපති යටතේ තිබෙද්දී ප්‍රමාදයි..- සාගල
April 11, 2019 at 6:27 am | lanka C news
තමන් පොලිස් ඇමතිවරයා සිටි සමයේ පොලිස් නිලධාරීන්ගේ ගෙවීම් (බටා) චක්‍රලේඛයක් නිකුත් කර තිබු බවත් තමා පොලිස් ඇමති ලෙස සිටියේ නම් මේ වන විටත් නිලධාරීන්ගේ ගෙවීම් මේ වන විට ගෙවා නිමකරන බවත් ජනාධිපති තුමන් නිලධාරීන්ගේ ගෙවීම් ඉදිරියේදී සිදු කරන බවට තමා තුල විස්වාසයක් ඇති බව වරාය නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ පිටබැද්දර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ දුප්පත් පවුලක් සඳහා ඉදිකළ නිවාස අයිතියට පත්කිරීමේ උත්සව අවස්තාවටමාධ්යවෙදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ පොලිස් නිලධාරීන්ටද සිහින ඇතිබවත් ඔවුන්ට ගෙවීමට ඇති මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කලයුතු බවයි.
වර්තමානය වන විට පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති දෙපාර්තම්නේතුවක් බවත් ජනාධිපතිතුමන් එම ගෙවීම් සිදුකිරීමට කටයුතු කිරීම තමන් බලාපොරොත්තුවන බවත් පැවසීය.
– මොරවක ප්‍රියංකර ගමගේ
eka wenna ethi aruna mahedaran allagena ewith nadu ahala life time hiree demme (dream) hik hikis hik huk
මුගේ යටතේ පොලීසිය තිබුනානම් ඉක්මනටම වැඩේ දෙනවා…
සෙද්ද තමයි!
ජනාධිපති ඝාතන ප්ලෑන් එක ගැන ඔය කියන්නේ….
p sagala deka pun natuwa pala yannna.
ඒ කලේ අගමතිතුමාගෙත් බටේ ගෙඋනා නේද?
පොලිසියේ බටයෝ ඉන්නවද, ගන්න අයද දෙන අයද ඉන්නේ.