මගේ රතු කට්ට සීමාව පැන්නා.. වෙසක් පෝයෙන් පසු තීන්දුවක් ගන්නවා..- විජේදාස ගල්ලෙන බිදී වගේ..
May 6, 2017 at 12:18 am | lanka C news
තමන් දැන් සිටින්නේ රතු කට්ටේ සීමාව පැනලා තිබියදී බව අධිකරණ ඇමති විජේදාස රාපජක්ෂ මහතා පවසයි.
වෙසක් පෝයෙන් පසු තීන්දුවක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටියේ ඇමති සරත් ෆොන්සේකා එජාපයේ සහකාර නායකයකු ලෙස පත් කිරීමට යන්නේ යයි පලවන වාර්තා ගැන කල විමසීමකදීය.
කොළඹින් ඡන්ද පන්දාහක් වත් ගන්න බැරි වූ ෆොන්සේකට එජාපයේ මුල් පුටු දීම අසාධාරණ බවත් බවසන ඇමති විජේදාස ඡන්ද පනස්දහසකට වඩා ගත් රෝසි සේනානායකට ඒ අර්ථයෙන් සිදුව ඇත්තේ අසාධාරණයක් බවද සදහන් කරයි.