මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..

October 13, 2017 at 12:15 am | lanka C news
මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සරි සමන්තභද්‍ර හිමියන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපයක් පහතින් දැක්වෙයි.

2017 10 12
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01,

අතිගරු ජනාධිපතිතුමනි.

බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලයේ ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි  මගින් ඔබතුමා වෙත ඉදිරිපත් කොට ඇති සාවධ්‍ය ලිපිය සම්බන්ධව

උක්ත ලිපියෙහි සඳහන් පරිදි එම හිමිවරුන් පවසා ඇත්තේ මා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුජනිය දළදා වහන්සේ හා ළලාට ධාතුන් වහන්සේ උරූ දතකට හා සිප්පි කටුවකට සමාන කර ඇති බවයි. මෙය මුළුමනින්ම සාවධ්‍ය පුවතකි. නි ධර්ම දේශනාවක දි පැහැදිලි කල  උපමාව හා උපමේය නිසියාකාරව තේරුම් ගැනීමට අසමත්කම, එම වීඩියෝ පටය නිසියාකාරව නොබැලීම හෝසි විශ්ලේෂණයකින් තොරව කවුරුන් හෝ ප්‍රකාශ කරන ලද කරුණු සත්‍ය යැයි සිතා නුගත් කමින් මෙවැනි අදහස් පල කොට මෙරටෙහි අතිගරු ජනාධිපති වරයා මෙන්ම සමස්ත සමාජයම නොමගයැවීමේ මෙවැනි පහත් ක්‍රියාවන් අප කිසිසේත්ම අනුමත නොකරන්නෙමු. මා හට නැවතත් කීමට ඇත්තේ එම වීඩියෝ පටය නැවතත් නරඹන ලෙසය.එය අද වන විට මෙරට තුල බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා යැයි ලේබල් ගසා බොදු ජනයා මිත්‍යාවෙන් හා බොරුවෙන් රවටමින් සිප්පි කටු, සත්ව දත් කොටස් හා අශ්ව කෙඳි සර්වඥ ධාතුන් යැයි පවසා මහජන මුදල් ගසා කන ව්‍යාපාර පිළිබඳව සිදු කරන හෙළිදරව්වක් විනා එහි දී මා විසින් කිසිඳු අයුරකින් පුජනිය දළදා වහන්සේ හා ලලාට ධාතුන් වහන්සේට අපහස කොට නැත.

තවදුරටත් උන්වහන්සේලා දෙනම පවසන්නේ මා රහතන්වහන්සේ නමක් ලෙස නිර්ලජ්ජිතව පෙනී සිටින බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද ඔබ තුමාගෙන් අයැද තිබේ. මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා කල යුත්තේ රටෙහි ජනාධිපතිවරයා හට  ලිපි ලිවීම නවතා උන්වහන්සේලා දෙනම පැමිණ, මා සැබෑවටම සත්‍යාවබෝධ කලේද නැද්ද යන්න පරික්ෂා කිරීමය. මක්නිසාද ඒ මාර්ගය හා දහම පිළිබඳවද කරුණු කාරණා නිසි පරිදි අවබෝධ කර ඇත්තේ උන්වහන්සේලා මිස දේශපාලන ප්‍රවීනයන් නොවන බැවිනි. මෙම හිමිවරු දැනට අවුරුදු 7 ක කාලයක සිටම මෙලෙස ලිපි සකස් කරමින් සිටියි. එහෙත් ඉන් කිසිඳු ප්‍රථිපලයක් නොමැත්තේ උන්වහන්සේලා හට මා ඉදිරියට විත් සත්‍ය, අසත්‍ය කුමක්දැයි සාකච්චා කිරීමට තරම්වත්  ආත්ම ශක්තියක්  හා විශ්වාසයක් නොමැති කමයි.

එසේම ඕනෑම භික්ෂුවකට විප්ලවවාදී අදහස් දැරිය හැක. එසේ පවසන්නේ සමාජයේ පවතින මිත්‍යාව කණ්ඩනය කොට සත්‍ය සමාජගත කිරීමට විනා රැකියා කොට මාසික වේතන බලාපොරොත්තුවෙන් නොවේය. බුදු දහම යනු වෙහෙර විහාර හෝ ගොඩනැගිලි නොවේය. එය හුදෙක් ගෞතම බුදුන් වහන්සේගේ පණිවිඩයයි. එවකට ජිවත් සිටි වල්පොල රාහුල වැනි ශ්‍රේෂ්ඨ විප්ලවවාදී භික්ෂුන්ගේ ” සත්‍යෝදය” , ” භික්ෂුවකගේ උරුමය” වැනි ග්‍රන්ථ මෙම හිමිවරු දෙනම කියවා නැත. එදා එම ශ්‍රේෂ්ඨ යතිවරු සමාජයේ සාම්ප්‍රදායිකව අටුවම් බැසගත් අදහස් බැහැර කරමින් සමාජයට ගැලපෙන නව අදහස් ඉදිරිපත් කල ද ඒවා වටහා ගැනීමට තරම් ප්‍රඥාවන්ත හා ප්‍රබුද්ධ සමාජක් බිහි නොවුයේ මෙවැනිම නුගත් භික්ෂුන් එදා ජිවත් වෙමින් සමාජය නොමග යවන කරුණු ඉදිරපත් කළ නිසාය.

කෙසේවෙතත් මෙම කරුණු පිළිබවද ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි යන  දෙනමට පැවසීමට ඇත්තේ ඔබ දේපල සමග ඕනෑම මොහොතක විවෘත සභාවක හෝ මාධ්‍ය ඔස්සේ  මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්චා කිරීමට හැකි බවත් එහිදි ඔබවහන්සේලා නිවැරදි ද මා නිවැරදි ද යන්න තීරණය කොට එම තීරණය ඔබතුමා හට දන්වන ලෙසටය.

මේ වගට

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ.

පිටපත් :-බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලය

527 views

54 Comments to “මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද.. පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි..”

  1. සත්‍ය සොයායන්නා says:

    කෙලෙස් මුළුමනින්ම නැති කළ උතුමෙක් කිසිදිනක තමන්ට වීමට යන ව්‍යසනයක්, ගැටලුවක්, කරදරයක් හෝ බාධාවක් පිළිබඳ මුලින් දැක එය සිදුවීමට ප්‍රථම ඉන් ගැලවීමට, ආරක්ෂාවීමට හෝ සැඟවීමට විවිධ අන්දමේ පූර්ව ප්‍රයෝග යොදනුයේ නැත.
    එය සිදුවන අවස්ථාවේ දී ඊට නොබියව මුහුණ දෙනවා හැරෙන්න.
    මක් නිසාද එවන් උත්තමයන් හට අබමල් රේණුවකවත් ජීවිත ආශාවක් නොමැති නිසා…!!!

    සත්‍ය අවබෝධකරගන්නෝ අවබෝධකර ගනීත්වා…!!!

    • සීසේන says:

      නිකන් ගොන් කතා කියන්න එපා බන්. මම අහල තියන දෙයක් මට මතක විදියට කියන්නම්. මම උඹ තරම් ඔස්තාර් කෙනෙක්නම් නෙවෙයි. මට මතක තියන විදියට මුගලන් මහරහතන් වහන්සේ කීපාරක් කීපාරක් හොරු අපවත් කරන්න හැදුවද. උන්වහන්සේ කීපාරක් සෘද්ධි බලය පාවිච්චි කරලා කීපාරක් බෙරුනාද?. උඹ කියන විදියට එක්කෝ අ කතාව බොරු. යකෝ බෞද්ධ කියාගන්න උන්ම තමා මේක කන්නේ. කටවහගෙන හිටපල්ලා එහෙනම්. මොකද උඹ කියනවිදියට මේ හාමුදුරුවෝ කරන්නේ විනාසයක් නම්,, උඹ දීපු පඬි වදන අනුව උඹට සත්‍ය අවබෝධ වෙලා වගේ. එහෙනම් කලබල නොවී හිටියම හරි වෙන දෙයක් වෙන්න ඇරලා. දැන් කියහන් මුත් අරයගෙ පස්සේ යන එකෙක් කියල

  2. සිතුමිණි says:

    රහත් උතුමන්ගේ රහසග අන්තරස්දහන වෙනවා කියල මම අහල තියෙනවා. අඩුම තරමින් එකවත් ඔප්පු කරන්නකෝ.

    • සිංහල ශ්‍රී ලංකා says:

      එහෙනම් රහසඟ කපාගත්තානම් කෙලින්ම රහත් වෙන්ට පුළුවන් වෙයි නේ ?

    • සිරිබිරිස් says:

      කොහෙද එහෙම තියෙන්නෙ. බුදු හාමුදුරුවො වදාළ දෙයක් නම් නෙමෙයි

  3. Dulaj says:

    මේ ශ්‍රමණ වේශධාරියත් වාද වලට යන්න භික්ෂූන්ට අවශ්‍ය නෑ..

    • ඥානඥොක්කිත says:

      ඔව් ඒ නිසා බයට ජනපතිට ලියුම් ගහමු මෙයාව එලවන්න කියලා! හුකෑස්!

  4. නිළමේ says:

    අංගොඩ මානසික රෝහලට යා යුතු පුද්ගලයෙක්. අපොයි බුද්ධ ශාසනය!

  5. arosha says:

    දැන් අවුරුදු 5ක් තිස්සේ උන් වහන්සේ ඉස්සරහට ගිහින් රහත් උන විදිය අහන්න මහානායකලට කොන්දක් තිබුන් නැද්ද? ඒ රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති නිසාද? නැත්තන් සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ ගැන උබලට වඩා දන්නා නිසාද?

  6. දියවඩන නිලමේ says:

    අස්ගිරි හාමුදුරුවෝ නිවන් මග දන්නවනම්, සිරිසේනට සමන්තභද්‍ර ගැන ප්‍රරිකශ්න්යක් කරන්න කියන්නේ ඇයි? ධර්මයට විනයට දාලා බැලුවනම් ඉවරනේ. ආණ්ඩුවට නුල් සුත්තර දාන්න විතරද හාමුදුරුවනේ දන්නේ

    • දහනායක says:

      මිනිහෝ
      සමන්ත බද්ද ඇත්තටම රහත් නම් උඹලා නියම රහත් මාර්ගය දන්නවනම් උඹලගේ බද්ද උදේ ඉඳලා රෑ වෙනකම් උඹලට මිනිහා දන්නා මිනිහාගේම බන කියල දෙනාවන්ම් මොකටද උඹලා මේ පෘතග්ජන පවුකාරයන්ගේ කොමෙන්ට් වලට ප්‍රති උත්තර දෙන්නේ ?බුදුහාමුදුරුවෝ ගියාද චින්චිමානවිකාව ගැන උත්තර දෙන්න ?
      උඹලට බය වෙන්න දෙයක් නෑ නේ ඇයි මේ ජනපතිට පැමිණිලි කල එක ගැන මෙච්චර කලබල වෙන්නේ ?බනින්නේ
      ජනපති මුනියව හම්බුවෙන්න ආවම මුනියට බැරියැ පොඩි ප්‍රාතිහාර්යක් පෙන්නලා ජනපතිව මෙල්ල කරගන්න .හැබැයි අමාරු වෙන එකකුත් නෑ මොකද අපේ ජනාදිපති පොඩි ළමයෙක් වගේ අහිංසකයි සරලයි .අර සංගීත ටින්කර් ඉරාජ් කළා වගේ ඔය මුනියගේ හිස වටේට LED බල්බ් ටිකක් හයි කරලා පත්තු කලොත් ජනපති අනිවාර්යෙන්ම පිලිගන්නවා මෙයා රහත් බව

  7. dammika says:

    පිට කොන්ද තියෙන ධර්මය දන්න එක භික්‍ෂුවක් නැ වාදයට. පුලුවන් ඉල්ලීම් ලියුම් ලියන්න හා මූණ හංගගෙන type කරන්න විතරයි.

  8. Bandula says:

    අස්ගිරි,මල්වතු මහානායකලා නිවන් මග දන්නවනම් ඉතින් මේ ජාතියට මෙහෙම වෙනව ද? ජනපතිට, සමන්තභද්‍රයන් ගැන පරික්ෂා කරන්න කියන්නේ මහා නායකලා ධර්මයට හා විනයට අනුව මහණ කම කරලද? මැති ඇමතිලට පිරිත් නුල් බඳින ඇතැම් තක්කඩි දේශපාලුවන්ට කඩේයන මහා නායකලා සෝවාන් තියා ගොත්‍රබු වෙලාවත් නැතිව රහතෙකුගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාකරන්න රටේ ජනපතිට ලියන්න තරම් නින්දිත වෙලා, කුජීත වෙලා… ඉතින් මේ සිව්රු හොරුන්ගෙන් කෙලෙස රට, දැය, සමය රැකෙන්නද දිනෙන් දින වල පල්ලට යනවා මිසක්…

  9. NIMAL RAJAPAKSHA says:

    hari

  10. සර says:

    අපොයි ! මහනායක හිමි වරුයි ඔය අනෙක් හාමුදුරුවරුයි අනාගෙනම නාගන්න බව එදා පොලීසිය ගෙනල්ලා මහනුවර පාරවල් අවහිර කරා කියලා දැනගත්තහම හිතුනා.

Main News