මගේ රාජගිරිය අනතුර ප‍්‍රශ්ණය ඉවරයිනේ.. බැදුම්කර නඩුව අහන්නකෝ.. පාස්කු බෝම්බකරුවන් අල්ලන්නකෝ..- චම්පික ඉල්ලයි..

December 15, 2019 at 6:22 am | lanka C news
මගේ රාජගිරිය අනතුර ප‍්‍රශ්ණය ඉවරයිනේ.. බැදුම්කර නඩුව අහන්නකෝ.. පාස්කු බෝම්බකරුවන් අල්ලන්නකෝ..- චම්පික ඉල්ලයි..

පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් පමුණුවන බවට ජනතාව පොරොන්දු ලබාදෙමින්, දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත් වත්මන් ආණ්ඩුව, ලබාගත් ජනවරම ගැන තැකීමක් නොකොට නඩු කටයුතු අවසන් කර ඇති සිදූවීම් පවා නැවත තම වාසියට හරවා ගනිමින් දේශපාලන පලිගැනීම් සඳහා කටයුතු කරමින් සිටින බව, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, මීට වසර හතරකට පමණ ඉහතදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන්, ඒ මහතාගේ සහ රියදුරු මහතාගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට අධිකරණය අවසරදීම සම්බන්ධයෙන් බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මන්ත්‍රිවරයා,

ඔබ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා, (13) දින මාධ්‍ය වාර්තා කළා මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන්න අධිකරණය අවසර ලබාදීල තියෙනව කියල. මීට අදාල සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9.45 ත් 10.00 ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීමක්. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් කරල නඩු අංක 791/ 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය විසින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජගිරිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කලා ඊට අදාල වාර්තා. එම වාර්තාවේ පැහැදිළිව සඳහන් කරල තියෙනව,

2016.02.28 වන දින පැය 21.55 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජනාධීපති විද්‍යාලය අසළ රිය අනතුරක් සිදුවී ඇති බවට ලද තොරතුරක් අනුව, පොලිස් කොස්තාපල් 89457 ලක්මාල් නිලධාරියා ඇතුළු නිලධාරීන්  එම ස්ථානයට ගොස් විමර්ශනයකර විභාග සටහන් ඇතුළත්කොට ඇත. මේ අනතුර බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ KP – 7545 දරන රථය ජයවර්ධනපුර මාර්ගයේ ජනාධිපති විද්‍යාලය හන්දිය අසලදී සරණ මාවතට මාර්ගයේ දකුණට හරවා යාමේදී බොරැල්ල දෙස සිට බත්තරමුල්ල දෙසට ධාවනය වූ BAJ – 2011 දරණ යතුරු පැදිය ජීප් රථයේ වම් පස දකුණු රෝදයට පිටුපස ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම මාර්ගයේ එක් දෙසකට මංතීරු තුනකින් කාපට් කරන ලද ලිස්සන සුළු නොමැති මාර්ගය මැද දූපතකින් යුක්ත, මාර්ගය මැද දූපතේ විදුලි පහන් ආලෝකයෙන් මාර්ගය ඉතා පැහැදිළිව දර්ශනය වෙන, ඉදිරි මීටර් 100 ට වඩා පැහැදිළිව පෙනෙන, අකාරයට පැවතී ඇති අතර අනතුරු සිදුවන වේලාව අනුව වාහන තදබදයක් නොමැති අවස්ථාවකි. ප්‍රධාන මාර්ගයේ පැමිණි ජීප් රථය දකුණට හරවා එම පැත්තේ තුන්වන මංතීරුව පසුකර යන අවස්ථාවේ බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය ජීප් රථයේ වම්පස පසුපස රෝදයට පිටුපසින් යතුරු පැදියේ පැදිකරු වන සංදීප් සම්පත් මේ වන විට තුවාල ලබා ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකිව සිටී. අනතුරට පත් ජීප් රථයේ රියදුරු අනතුරෙන් පසුව ජීප්රථය එම ස්ථානයෙන් ඉවත්කර රථයද සමඟ බොරැල්ල පොලිස් ස්ථානයට ගොස් බාරවී ඇත. එම ස්ථානයේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර රියදුරු බීමත්ව නොමැති බව සනාථ කර ඇත. රිය අනතුරක් කර දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම් ඒ කාලෙ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් මේ වටා විශාල කතාවක් ගෙතුව. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලෙ තරුණයෙක් යටකොට පළා ගියා කියල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සියලු දෙනාමත් දන්නව. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්ථාවකුත් ගත්ත. ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නෙ. තුන්වන මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සෙ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරු පැදිය (1000 cc ට වැඩි)  හැප්පෙන්නෙ. ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යටකොට පලාගියේ නැති බව පැහැදිළියි. ඒ බව රස පරීක්ෂක වාර්තාවෙ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනව. මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30 ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩ් උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිළිව සාක්ෂි සටහන් දීල තියෙනව. හැබැයි දවස් 06 කට පස්සෙ  මේ සියලු කතා වෙනස් කරල දිව්රුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වෙනව. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වෙ රියදුරා නෙමෙයි පාඨලී චම්පික රණවක වන මමයි කියල.

ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා.  අද ජාතික පුවත්පතක් මේ සම්බන්ධව වාර්තා කරල තියෙනව, ඒක එක්තරා ආකාරයකට පාර්ශවීය සටහන් කිරීමක්. මොරටුව විශ්වවිද්‍යාලය විසින් CCTV දර්ශන පරීක්ෂා කළ බවත්, ජංගම දුරකථන වාර්තා විමර්ශනය කිරීමෙන් ඊට මා කිසිදු ආකාරයකට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත්, ඒ අනුව මාගේ සම්බන්ධයක් නොමැති හෙයින් මා නඩුවෙන් ඉවත් කළ බවත්, අවසානයේ රියදුරාට දඩයක් පනවා නඩුව හමාර කළ බවද එහි සඳහන් කර නෑ.

මෙමඟින් ඉතාමත්ම බරපතල විදියට ජනතාව නොමඟ යවන ආකාරයට තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ. දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත්ත පිරිස හදනවා අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න මේ අකාරයට.

වත්මන් ආණ්ඩුව බලයට ආවෙ, පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙනව කියල. එහෙම ඇවිත් අවුරුදු 04 කට කලින් සිදුවෙච්ච රිය අනතුරක් පස්සෙ හඹා යාමෙන් සහ ඒ හරහා තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් දේශපාලන නායකයින් දඩයම් කිරීම තමයි ඔවුන්ගේ අදහස, අභිලාෂය හා දුෂ්ඨ අරමුණ. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීමක් කරනව. ඒ වගේම මේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාදීනව මේ කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනව. මොකද නිදහස් ආකාරයට අපිමයි මේව සටන් කරල ලබාගත්තෙ.

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

අපි බොහොම පැහැදිළිව කියනව, මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් අපි වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟිසම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පෙනි ඉන්නවා .

ජාතික හෙළ උරුමය
මාධ්‍ය ඒකකය

73 views

27 Comments to “මගේ රාජගිරිය අනතුර ප‍්‍රශ්ණය ඉවරයිනේ.. බැදුම්කර නඩුව අහන්නකෝ.. පාස්කු බෝම්බකරුවන් අල්ලන්නකෝ..- චම්පික ඉල්ලයි..”

  1. siri says:

    umbatath daruwek innawane dan umba laga nathwata, emanisa may daruwata karapu pawkara wadayata umbata saapawewa.

  2. සකලබුජං says:

    හැබැයි ගල්අගුරු වංචාව හරියට විමර්ශනය කලොත් පොර අවුරුදු ගණනකට ඇතුළේ.

  3. UNP-GALIBBA says:

    උඹ ගේ පැටිකිරිය මම විතරක් නොව මුලු ලංකාවම දනී බලයේ ඉන්න කොට කේසර සිංහයෝ ඇත්තටම තෝ සිංහලයෙක්ද තෝ වගේ බඩගෝස්තරවාදී දේෂපාලකයන්ට මහ මැතිවරණ්‍යේදී මහජනයා පිලිතුරු දේවී????

  4. Sarath Bulathsinghala says:

    Let us go one by one. This idiot’s involvement if any in the Bond Scam is remote and probably insignificant. Let the Justice System in Sri Lanka handle the one we know best at the moment – the hit and run case first and then only go to find more about his other high crimes and misdemeanours.

    A capable person but his intense ego, and selfishness have brought him into what he is today. He hijacked Hela Urumaya, then he tried to hijack the SLFP and finally the UNP.

    Now he has come to the end of his cheating days!

  5. wimalaveer says:

    රහතන් වහන්ෙස්ලා ගිහිෙයා වන පාලි ෙනාදන්න මම දන්නෙ නැ
    මම හිතාගෙන හිටියෙ මම සකෘදාගාමි කියා නමුත් සාවාන් විතරයි. ෙමාකද ධර්මයෙ ගුණ තුනක් දැනගත්තෙ අද ඉතිරි ගුණ තමයි මම දැනගෙන හිටියෙ. ඒ තමයි ඒහි පස්සික ඔපනයික පච්චතන් වෙදිතබ්බ. මම තව ඒකක් කියන්න ඔනෙ භික්ෂුන්ටදෙශනා කරන්න මම කැමති නැ. චිත්ත ගෘහපතියා වගෙ දක්ෂ අය දැන් නැ. මට ඔනෙ කිරිබත්ෙගාඩ හිමි මම වෙනුවට පටිච්ච සමුප්පාදය දෙශනා කරනවා දකින්න.ඒ හින්දා මාන්කඩවල ස්වාමින් වහන්ෙස්ට සමාව ඉල්ලා ඉල්ලන්නෙ කිරිබත්ෙගාඩ හිමිට අවස්ථාවක් දෙන්න කියා. මට ඒකක් කියන්න තියෙනවා මෙ පර්යාය නිවරදිව තියෙනකන් රහතුන්ගෙන් හිස් වෙන්නෙ නැ. ඒ කියන්නෙ සුත්‍රය විනය අභිධර්මය නෙවෙයි. බුදු හාමුදුරුවන්ගෙ තව ගුණයක් තෙරුම් ගත්තා අජාසත්තට පිහිට වුනු අනුත්තර පුරිසධර්ම සාරථි ගුණය. නමුත් සංඝයාගෙ ගුණත් දැනගත්තෙ මෙ දැන් හරියට තෙරුවන් සරණයි සියලුදෙනාටම

Main News