මගේ වැඩ රූපවාහිනියෙන්, පත්තරවලින් අගය කරන්නේ නෑ.. ජනතාව අතමැති නම් ගෙදර යනවා..- අගමැති

August 27, 2018 at 3:50 pm | lanka C news
මගේ වැඩ රූපවාහිනියෙන්, පත්තරවලින් අගය කරන්නේ නෑ.. ජනතාව අතමැති නම් ගෙදර යනවා..- අගමැති

අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී වැඩසටහන් හරහා ගම සංවර්ධනය වන බවත් උපාධිධාරි පත්වීම් ලබාදීමට කටයුතු කර ඇති බවත් මේ සියලු වැඩ කටයුතු සිදු කරමින් රට ශීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටින බවත් පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ බද්දේගම, මහජන ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසීය.

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන නුවරඑළියෙන් ආරම්භ කර අද බද්දේගමට පැමිණෙන විට ඔප්පු 10,000ක් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. සියලු දෙනාටම තමන්ගේ භූමියේ අයිතිය බලාත්මක කරන ඔප්පුව ලබාදී තිබෙනවා. සියලු දෙනාගේම බලාපොරොත්තුව භූමියක අයිතිය ලබා ගැනීමයි. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියා කරන්නේ එම නිසයි.

අපි කිසිම විටෙක විදේශිකයන්ට ඉඩම් විකුණුවේ නැහැ. අප සෑම විටෙකම ඉඩම් ලබා දුන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටයි. පසුගිය ආණ්ඩුව යටතේ විදේශිකයන්ට ඉඩම් විකුණා දැමූ ආකාරය මට හොඳින් මතකයි. කොළඹ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් මුහුද ගොඩකිරීමෙන් එම ඉඩම් අයිතිය චීන සමාගමට සින්නක්කරව ලබාදීමත් ඔවුන් සිදු කළා. ඉඩමක් නිර්මාණය වෙන්නටත් පෙර මුහුදේ සින්නක්කර අයිතිය විදේශිකයන්ට විකිණීමට ඔවුන් කටයුතු කළා.

අපේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අඩුපාඩු නිවැරැදි කරමින් චීන සමාගමට ලබාදුන් සින්නක්කර අයිතිය අහෝසි කිරීමට හැකි වුණා. පසුව චීන ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කරමින් එය 99 අවුරුදු බද්ද යටතේ ලබාදීමට එකඟ වුණා. සාමාන්‍යයෙන් ඉඩමක් බදු දෙන විට රජය 99 අවුරුද්දකට හෝ ඊට අඩුවෙන් බදු දෙනවා හැර විකුණා දමන්නේ නැහැ. අනෙක් ඉඩම් යුද හමුදා මූලස්ථානයේ ඉඩමයි. එම ඉඩමත් සින්නක්කරව විකුණා දැමීමට ඔවුන් කටයුතු කළා.

යුද හමුදා මූලස්ථානයට කරන්නේ කුමක් දැයි අප එදා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේ ඔවුන් පැවැසුවේ එය අකුරේගොඩට ගෙන යන බවයි. අපි බලයට පත් වන විට එම සමාගම හෝටලය ඉදිකිරීම් ආරම්භ කර තිබූ බැවින් එම ගිවිසුම අහෝසි කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනතාවට ජීවත්වීම සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 1,000ක් පමණ ආරම්භ කර තිබෙනවා. වතුකරයේ ජනතාවට නිවාස 1,000ක් ඉදිකර දීමේ වැඩපිළිවෙළ දිගම්බරම් ඇමැතිතුමා ආරම්භ කළා. මීට පෙර වතුකරයේ ජනතාවට බිම් අඟලක හිමිකමක් නොතිබුණත් දැන් ඔවුන් වෙනුවෙන් ගම්මාන බිහි කරමින් තිබෙනවා. උතුරේ යුද්ධයෙන් විනාශ වූ නිවාස වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකරදීමට අප කටයුතු කරනවා.

මීට අමතරව කොළඹ අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස ඉදිකිරීම සඳහා චීන බැංකුවකින් රුපියල් මිලියන 32,000ක් ලබාගන්නවා. රටේ නිවාස ඉදිකිරීම සඳහා අප කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

2005 සිට 2014 දක්වා කාලය තුළ පසුගිය ආණ්ඩුව කිලෝමීටර් 183ක් මාර්ග ඉදි කළා. විශාල සංවර්ධනයක් බව සියලු දෙනා පැවසුවා.

නමුත් අපි 2015 සිට 2017 දක්වා කිලෝ මීටර් 185ක් මාර්ග ඉදිකර තිබෙනවා. අප එම කටයුතු වෙනුවෙන් බෙර ගසන්නේවත්, විවෘත කිරීම් උත්සව පවත්වන්නේවත් නැහැ. කොතරම් අපහසු වුණත් ජනතාව වෙනුවෙන් බය නැතුව තීරණ ගත යුතුයි. එම තීරණවලට ජනතාව අකැමැති නම් අපට ගෙදර යෑමට හැකියි.

– mawbima

138 views

30 Comments to “මගේ වැඩ රූපවාහිනියෙන්, පත්තරවලින් අගය කරන්නේ නෑ.. ජනතාව අතමැති නම් ගෙදර යනවා..- අගමැති”

  1. පොදුජනමතය says:

    පුළුවන්නම් අස්වෙන්නකො ලොකු උදව්වක්! එහෙම වුණොත් ප්‍රේමදාස ජනාධිපති මළාට පස්සේ මිනිස්සු දක්වපු ප්‍රතිචාරෙ මතකද? ඊටත් වැඩියෙන් රටපුරා රතිඤ්ඤා පුපුරයි, හා..ද?

  2. sara says:

    අපිව 2015 රැවටුවා. ඒ නිසා පි මෙහෙම කියනවා. නිවටයා , කවටයා, රට වෙන්දේසිකරුවා,වන්චාකාරයා,දුර්වලයා, දේශද්‍රෝහියා අන්තිමට අමනයා.

    • vishnu says:

      පට්ට හොරා,ගොන් හරක,කුම්බාණ්ඩය,පොන්නය,වසලය,
      රට කාපු එකා,ගල්ආඳ,අහවලාගේ පුතා, තවත් ඕනෙද

      • Pina says:

        යකෝ උඹ මොකද අපේ සර්ට කැතටම පොන්නයා කීවේ. අර උඩින් ඉන්න එකා වැදගත් විදියට දුර්වලයා කියල තියෙද්දිත්.

  3. Rathgama MC says:

    මුලින්ම කියන්න ඕන රනිල් යු ඇන් පී එක කෑව දැන් රටත් කමින් ඉන්නවා කියලයි. රනිල් කියනව ජනතාව අකමැති නම් යනවලු.ඔවු යන්නේ නැතිව බලෙන් ඉන්න පුලුවන්ද?මහින්ද වගේ එඩිතර නිර්භීත නායකයෙකුට නම් ඒකත් කරන්න පුළුවන්.2015 ජනවාරි 08 මහින්දට තිබුන නොගිහින් ඉන්න.මොකද පළාත් 07 කින් මහින්ද දිනුව චන්ද ලක්ෂ 2 කින්.මහින්ද පැරදුනේ ඊලමක් ඉල්ලා වසර 30 ක් තිස්සේ කුරිරු යුද්ධයක් කල, කොටි බලය පතුරුවන් හිටිය උතුරු නැගෙනහිර ජාතිවාදී ,බෙදුම්වාදී චන්ද වලින් සහ හොර චන්ද වලින් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී චන්ද වලින් නොවෙයි.මට නම් හිතුනේ මහින්ද මහත්තය ඇත්තටම යන එකක් නැහැ ලක්ෂ 58 ක් වූ මහින්ද මහත්තයට චන්දය දුන් ජනතාව පාරට බස්සයි කියල මිට එරෙහිව,මැතිවරණ ප්‍රතිපල අවලංගු කර නැවත මැතිවරණයකට යයි කියලයි.හැබැයි මහින්ද මහත්තයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය තවදුරටත් විදහා දක්වමින් එතුමා ජනවාරි 09 හිරු උදාවෙන්න කලින් අරලියගහ මන්දිරයෙන් නික්ම ගියා.මමත් පාරම්පරික යු. ඇන්. පී . කාරයෙක් නිසා සිරිසේනට චන්දය දුන්නත් ඇත්තටම මටත් ඇඬුන සිනාමුසු මුහුණින් මහින්ද මහත්තය අරලිය මැදුරින් නික්ම යද්දී.හැබැයි 2015 පෙබරවාරි මාසෙ සිට සදහටම ප්‍රබල මහින්දවාදියෙක් උනා.
    වැඩියේ ඕන නැහැ, රාජපක්ෂලාට මිනීමරුවන් සුදු වෑන් කාරයින් යයි කියන පරයින්ට කියනව, රාජපක්ෂලා ප්‍රජාතන්තරවාදී නායකයෝ නොවේ නම් කොහොමද?රාජපක්ෂලාගේ රාජධානිය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කලේ.මොකෝ සජිත් මහා ලොකු චන්ඩියෙක්ද?රාජපක්ෂලාට අවශ්‍ය උනා නම්, එතුමල ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ නොවුනම් එතුමල අර 88 යු.ඇන් පි එක කරපු දේවල් කළා නම් සජිත්ට සුදු වෑන් එහෙක යන්න තිබුන පහසුවෙන්ම .එවැන්නක් සිඳු උනේ නැති නිසා සජිත් කිසිම අපහසුවක් නැතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කල නිසා හොඳටම පැහැදිලියි රාජපක්ෂලා නොවෙයි සුදු වෑන් කාරයෝ,ඔය කියන අයම තමයි. 88 මිනිමරපු යු.ඇන් පි. එකයි ජේ.වි .පි. එකයි කොටියි තමයි අද ජාතික ආණ්ඩුවේ ඉන්නේ.දැන් නම් ආයෙ කාටවත් සුදු වෑන් වලින් උස්සන්න බැහැ ,ඒව නොකරන්නේ මේ පාදඩ ආණ්ඩුවේ හොඳ කම නිසා නොව,සුදු වෑන් වලින් තුන හතර උස්සන කොට අන්තර්ජාලයේ පොටෝ වැටෙයි උස්සන කට්ටියගේ.අන්න ඒ නිසා මිට පස්සේ 88 කල සුදු වෑන් කෙරුවාව ආයෙ රනිල්ලාට කරන්න බැහැ ,ජේ.වි .පී .එකටත් බැහැ .
    හැබැයි ලෑස්ති වෙලා ඉඳපල්ලා ජනාධිපතිවරණයෙන් උබල හෝදගෙනම යනවා,පොහොට්ටුවේ අපේක්ෂකයා කවරෙක් උනත් ලක්ෂ 68 ඉක්මවා චන්ද අරගෙන 55% ඉක්මවා චන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුවේ අපේක්ෂකයා ජය ගන්න එක සහතිකයි.

  4. Vanni Bandara says:

    Yanta epa methinda yanta wpa ! Obathuma intama one. Oya indala wipakshaya wenuwen bat karanna.

Main News