මගේ සියා JR ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව වෙනස් කර කිසි සංකල්පයක් නැතිව ඉඩම් කොල්ලයකට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන්න යනවා..- JR මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන
November 6, 2017 at 2:10 pm | lanka C news
1972 දි ජනරජයක් ලෙස ශ්‍රීලංකාවේ අලුත් ව්‍යවස්ථාවක් හැදූවා, 1978 අපි ව්‍යවස්ථාවක් හදනකොට විධායක ජනාධිපති ක්‍රමය ඉදිරිපත් කලා, ඒ වගේම මානව අයිතිවාසිකම්වල ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ඇතුලත් කලා, ඒත් අද කිසිම සංකල්පයක් නැතිව ව්‍යවස්ථාවක් ගෙන්න හදනවා, මොකක්ද මේකේ තේරුම යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා විමසු බැව් ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
අද මේ වනවිට ව්‍යවස්ථාව පිලිබඳ විශාල ආන්දෝලනයක් යනවා, විශාල වශයෙන් කතා කරනවා, ඇත්තවශයෙන් මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘ මගේ සීයා වන ජේ ආර් ජයවර්ධන මැතිතුමා, මේ ව්‍යවස්ථාවේ තිබුන අරමුණ ගැන අද විකෘතභාවයක් ඇති වෙලා තියෙනවා.
අද අපි සාකච්ඡා කරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගැන, මම හිතන්නේ මේක හැමෝම ඇස් ඇරිය යුතු දෙයක්, ඉඩම් කොල්ලයක් මෙතන වෙන්නේ, මොකද ෆෙඩරල් ක්‍රමයක් හදුන්වා දීමෙන් අපි හදන්නේ අපේ රටේ තියෙන ඒ මූලික සංකල්පය වෙනස් කරන්න, දැනට අපි “ඒකිය රාජ්‍යයක්.Unitary State ” හැටියට තියෙන්නේ, ඒක අයින්කරලා ” ඔරුමිත්ත නාඩු” කියන දෙමළ වචනයක් මේකට ඇතුල් කරලා තියෙනවා, ඉතිං මේවා අවශ්‍යද? අපේ රටේ තියෙන ඒ මූලධර්ම අයින් කලොත් අපි කොහෙද යන්නේ?
අද කිසිම සංකල්පයක් නැතිව ව්‍යවස්ථාවක් ගෙන්න හදනවා, මොකක්ද මේකේ තේරුම, ඒ ප්රශ්නය මම හැම දෙනාටම ඉදිරිපත් කරනවා යයි හිටපු ජනාධිපති JR ජයවර්ධනගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා කොළඹ දි මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත්දා ප්‍රකාශ කොට ඇත.
මෙන්න ඇත්ත. මේක අද ඉන්න එක්සත් ජාතික පාක්ෂ නායකත්වයට තේරෙන්නේ නැහ.
රානි අලයා දරුවන් මුණුපුරන් ණති වඳයෙක් නිසා බැව් වැටහෙනවා නේද
එක්සත් ජාතික පක්ෂයේ අද මුල ඉඳන් අගටම ඉන්නේ මෝඩ නුගතුන් , රැවටිලි කාරයින්, බොරු කාරයින් විතරයි. එදා පක්ෂේ හිටි උගතුන් සියල්ලම ප්‍රේමදාස මරලා දැම්මා, කොටින් පිට පවරලා. රාජිත වගේ කපටි නරි පැත්ත මාරු කර කර ඇඟ බේරාගෙන ඉන්නවා, වාසි පැත්තේ පතුල් ලෙව කකා. අග-මැට්ටා පවා නීති විභාගේ ෆේල් නිසා යුනිවර්සිටියෙන් විසිවෙනකොටම දැදිගම ආසන සංවිධායක වශයෙන් පත් කරලා දේශපාලනේට දැම්මා එයාගේ දෙමවුපියෝ විසින්, මොකද මේ හරකට මෙලෝ මොලයක් නැති නිසා. අද රට දුක් විඳින්නේ, එදා ඒ විදිහට රදල පවුල් වලට ඕන විදිහට දේශපාලනේට මිනිස්සු ගෙනාපු නිසා, රටේ මිනිස්සු ගොනාට ඇඳලා ඒකට ඉඩ දුන් නිසා.
නොතේරෙනව නෙවෙයි ඩයස්පොරට දුන් පොරොන්දු ඉටුකරන්න ඕනැ නිසානෙ
සිරිසේනයි රනිල් බටලන්දයි බටහිරින් සහ ඉන්දියාවෙන් ගත කොන්ත්‍රාත්තුව තමයි මේ රට කෑලිවලට කැඩීම සහ රටේ ආර්ථිකය ඉතාම දුර්වල තැනකට ඇද දැමීම. මුන් දෙන්නා ඉක්මනින් මකබෑ නුනොත් රට ඉවරෙටම ඉවර කරනවා.