මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…

June 4, 2022 at 5:30 pm | lanka C news
මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…

යල කන්නයට නිසි මොහොතේ රසායනික පොහොර නොදී කයිවාරු ගසන ගෝඨා – රනිල් දෙපළ ඉදිරියේ මතුවන ආහාර අර්බුදයට දෙන විසඳුම කුමක්දැයි වහා ප්‍රකාශයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

විශේෂයෙන්ම ඉදිරි ආහාර අර්බුදයක් මතුවේදැයි දැඩි බියකින් හා සංවේදීතාවකින් මහජනතාව පසුවන බවද ඔහු සඳහන් කළේය.

ජවිපෙ නායකයා පැවසුවේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුකොටගෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය පිළිබඳව ගනු ලැබූ වැරදි තීන්දු හේතුවෙන් ආහාර හිඟයක් මතුවීමේ තත්ත්වයට අද රට පැහැදිලිව මුහුණ දී තිබෙන බවය.

ඒ සඳහා නිවැරදි විසඳුම් සොයමින් ආහාර නිෂ්පාදනය සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවත් සුපුරුදු වගකීම් විරහිත විවිධ නන්දෙඩවීම් කරමින් ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කිරීම දිගින් දිගටම රටට කරන්නේ ඛේදවාචකයක් බවත් මන්ත්‍රිවරයා පැවසීය.

ජනාධිපතිවරයා “හේතු එපා වගාකරන්න” කියමින් අගමැතිවරයා “මඤ්‍ෙඤාක්කා හිටවන්න” කියමින් කෘෂිකර්ම ඇමැති “රක්ෂිතවල කොස් කන්න” කියමින් කරන මෙම නන්දෙඩවීම් හැර කෘෂිකර්මාන්තයට අවශ්‍ය මූලික යෙදවුම් ටික හෝ ලබා දීමටවත් ඔවුන් අසමත් වී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කළේය.

යල කන්නය ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගතවී තිබුණද අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට හා පළිබෝධනාශක ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පමණක් නොව දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන්ටද ඔවුන්ගෙන් මිලට ගත් පොහොරවල මුදල් ලබා නොදීමටද ආණ්ඩුව කටයුතු කර ඇති බව ඒ මහතා පෙන්වාදුන්නේය.

මින් පෙන්නුම් කරන්නේ රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට අසමත් වීම පමණක් නොව ඒ පිළිබඳව ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු සංවේදිතාවක් නොමැති බව යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අනුරාධා හේරත්
– මව්බිම

28,311 views

54 Comments to “මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…”

  1. Chan says:

    මූටත් කියන්න දෙයක් තියෙන්නෙ එපැයි…මෙලෝ දෙයක් නොකර අනුන්ගෙ අඩුපාඩු විතරක් කියෝන එකේ

  2. David Milli-banda says:

    Ow para jeppo……………………. Thopila rata kaala thiyenne

  3. Ms rajitha says:

    He just talk
    He just talk
    No action
    He can only bring few idiots to the street
    He is responsible for burning houses and now it has stopped tourism in the country. Peratugami is a part of jvp a secretive portion which operate to take power by an insurgency. When the sri lankan government understands it will be too late. Tooo late

  4. Rio says:

    Samahara un ge hithe me siayalla karala thiyenne kohewath hitapu jeppek kiyala

  5. Jaya says:

    Thawa ginithiyanna Anura shodaraya..kanna puluwan alu

  6. Jeri kappa says:

    Ehakota wal parayo tho kiyanne thoge punchiammage kumbura vapuranna kiyalada?

  7. ඔක්කොම හොරු says:

    රටේ වාසනාවකට මේ වගේ ගොබ්බ හිවලකු බලයට ආවේ නැහැ. මුගේ අනුගාමිකයන් ඔක්කොම වගේ කම්මැලි කම නිසා දුප්පතුන් බවට පත් උන පිරිසක්. මූ ගොඩ යන්න බලන්නේ දුප්පතුන්ගේ ක්‍රෝධය ප්‍රවර්ධනය කරමින්. මුන් ලන්කාවෙ ඉන්න තුරු මේ රට දියුණු වෙන්නේ නැහැ.

  8. Padmini says:

    you can say eat ham bacon cheese to people my dear piggy boy

  9. Donald Tramp says:

    නෑ අපි උඹලා කියන විදිහට. GOTAGO ගමවල් දාගෙන ඉන්නම් උඹ පුන්චි අම්මත් එක්ක කෑම අරගෙන වරෙන්.

  10. Amal says:

    කාලකණ්ණියා. උඹලගෙ ගොවි සංවිධාන කාබනික වැඩසටහන කඩාකප්පල්කාරී නොකළා නම් මෙහෙම වෙන්නෙ නෑ. උඹල තමයි ගොවියන්ට ලණු දීලා වගා නැවැත්තුවෙ. අපේ ළමයි වහ කෑවත් තොපිට කමක් නෑ. කාලකණ්නි අවස්ථාවාදියො. වරෙන්කො ඡන්දෙ ඉල්ලන්. ගහන්නෙ කොඳු කැඩෙන්න.

Main News