මටත් ඉදිරියේදී රට බාර ගන්න පුළුවන්..

December 19, 2016 at 11:20 am | lanka C news
මටත් ඉදිරියේදී රට බාර ගන්න පුළුවන්..

දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි ගම්පහ ඔසුසැල විවෘත කිරීමෙි අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කරන විට විවිධ බලපෑම් එල්ල වුනා. යහපාලන රජයෙනුත් බලපෑම් එල්ල වුනා. නමුත් මම එම බලපෑම්වලට යටත් වුනේ නැහැ. මට එහිදී විද්වතෙක් ප්‍රකාශ කළා ඉදිරි කාලයේ දී ඔබටත් රට බාර ගන්න පුළුවන් කියලා. එම නිසා ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගන්නා ලෙස එම විද්වතා මට පෙන්වා දුන්නා මම තීන්දු තීරණ ගන්නේ අසරණ ජනතාව වෙනුවෙන්. දුම්කොළ සමාගම පාඩු ලබන බව ප්‍රකාශ කරනවා. දුම්කොළ සමාගම වසා දමන්න පුළුවන්. කිසිවෙක් ඊට විවෙිචන එල්ල කරන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සිටියේ දුම්කොළ සමාගම පැත්තේ. සියයට 80 දක්වා රූපමය අවවාද ඇතුලත් කරන විට හිටපු ජනාධිපතිවරයා ඊට බලපෑම් එල්ල කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම බලපෑම් මත රූපමය අවවාද සියයට 60 දක්වා අඩු කළා. පාර්ලිෙමින්තුව නීති රීති හදනවා. නීතිය හදන්න අධිකරණයට බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයට පුළුවන්. වර්තමානයේ ජනාධිපතිවරයාත් විවෙිචනය කිරීමට ජනතාවට අවස්ථාව උදාවෙලා තිඛෙනවා. ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනඑන්නෙත් යහපාලන රජයයි. මෙම රජය තුල දුර්වලකම් තිඛෙනවා. වෙනස නොතේරෙන අයත් රජය තුල සිටිනවා. එම දුර්වලතා මඟහරවා යහපාලන රජය ඉදිරියටම ගෙනයනවා. ඖෂධ ජාවාරම නතර කිරීම සදහා රජය තවදුරටත් කැපවී සිටිනවා.”

මෙම උත්සවයේ දී ගම්පහ වතුපිටිවල සහ මිගමුව යන රෝහල්වලට චතුර සේනාරත්න පදනම විසින් රක්තෙවිද පරික්ෂණ යන්ත්‍ර 03 ක් පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

8 views

8 Comments to “මටත් ඉදිරියේදී රට බාර ගන්න පුළුවන්..”

  1. lion says:

    රාජිත කියන්නේ එල්.ටී.ටීයත් එක්ක සම්බන්ධකම් තිබිච්ච මිනිහෙක්

    http://youtube7.download/convert.php?v=lSgYP00FUEk

    • වෘෂන කෝශිකාවි says:

      රාජිත කියන්නේ සිංහල ජාතියෙම “”වඳ පෙත්ත “” !

  2. ඕන්න දවසේ හොඳම කියමන ඉස්සර දවසක නරිරාලෙකුත් ඔයවගේ දෙයක් කිව්වලු ආප්පෙ කරවේගෙන යනකොට ඉඳියප්පෙත් ආප්පයක් වෙන්න යනව වගේ?

  3. sinha le says:

    රනිල් චන්ද්‍රිකා සිරිසේන රාජිත කල්ලියට එරෙහිව රටට ජාතියට හිතැති සියළු දෙනා එක් පිලකට ගැනීමට ජාතික බලවේග වල නායකයින් පියවර ගත යුතුයි. විජාතික උවමනා එපාකම් මත ගෙන එන්නට යන දෙමළ ජාතිවාදයට කප්පන් දෙන සමලිංගිකත්වයට පිළිගැනීමක් ඇතිකරන හොර ව්‍යවස්ථාව කෙසේ හෝ පරාජය කිරීමට පාර්ලිමෙන්තුව තුලත් ඉන් පිටතත් රටට හිතැති බලවේග එක්ව කටයුතු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නීතිමය හා අධිකරනමය ක්‍රියාමාර්ග නිසි ලෙස කලට වේලාවට කිරීමට දැන් සිට අවශ්‍ය පසුබිම සැකසිය යුතුය. කවර හෝ හේතුවක් නිසා හොර පාරෙන් සම්මත කිරීමට යහපාලන පිසාචයන් කටයුතු කරන්නට ගියහොත් ඊට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක් ගොඩනැගීමට අවශ්‍ය ජන බලවේගය දැන් සිට සූදානම් කළ යුතු වේ. ප්‍රමාද වුනොත් සිදුවන්නේ නැවත අති විශාල ලේ වැගිරීම් මතින් ජාතික නිදහස් සටනක් ක්‍රියාත්මක කිරීමටය. එතැනට තල්ලු වීමට පෙර අප සිහි බුද්ධියෙන් තැනට සුදුසු දේ නිසි කලට කිරීම වැදගත් වේ.

  4. “muta rata karanna puluwan nam apath puluwan “goraka pollen hadhata (moon) polu Gahanna “ane nikan palayan toi let kata

  5. mp says:

    දුන්නොත්නෙ…!!!

  6. Dr.parajitha says:

    මටත් ඉදිරියේදී රට බාරගන්න පුළුවන්,,
    “දත් නැතිව බත් කන්න කැමති කිසිවෙක් මෙරට නැත​.”

Main News