මටත් කුඹුරු තියෙනවා.. පොහොර ප‍්‍රශ්ණය නිසා මාත් බයෙන් ඉන්නේ…- අමරවීර

October 1, 2021 at 11:20 am | lanka C news
මටත් කුඹුරු තියෙනවා.. පොහොර ප‍්‍රශ්ණය නිසා මාත් බයෙන් ඉන්නේ…- අමරවීර

ඇති වී තිබෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් තමන් ද බියට පත්වී සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

තමන් ද ගොවි ප්‍රදේශයක් නියෝජනය කරන්නෙකු බවත් තමන්ටද කුඹුරු ඉඩම් ඇති බවත් පැවසූ ඔහු දැනට අසන්නට ලැබෙන පුවත් නිසා තමන්ද චකිතයකින් සිටිනා බවත් පැවසීය.

කෙසේ වෙතත් මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා වගකීමෙන් පැවසූ නිසා ඒ විශ්වාසය මත තමන් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමරවීර මහතා මෙම අදහස් පල කරන ලදී.

16,106 views

5 Comments to “මටත් කුඹුරු තියෙනවා.. පොහොර ප‍්‍රශ්ණය නිසා මාත් බයෙන් ඉන්නේ…- අමරවීර”

  1. බිංකුණ්ඩා says:

    මටත් කුඹුරක් තියෙනව. අඳේටත් කීපයක් කරනව. මාරුවෙන් මාරුවට හානව. පොහොර නෑ කියල අවුලක් නෑ හොඳට වතුර බඳිනව.

  2. Jagath says:

    දැන් සැප ද ද ද ද ද??? අල කෑවද? ළූණු කෑවද? 😄

  3. baමුනා says:

    සැලැස්මක් හදා ගන්න තේරෙන් නැති අදක්ස රාජය පාලකයො.. රට අවුල් නොවෙයිද​?. වාචාල බූරුවො වෙනුවට බුද්දිමතුන් පාර්ලිමෙන්තු යවමු. බේබදු වාවාල මැර චන්ඩින්ට ටිකට් එක දෙන පක්ස ගෙදර යවමු…

  4. 3% ට බය බයියා. says:

    කුඹුරු නැති එවුන් බඩ ගින්නේ මැරෙයි කියලා බයෙන් ඉන්නෙ .

  5. ඔය කුඹුරු හාන්නෙ කවුද

Main News